Hela Rahas

Hela Rahas Official Web Portal

නිරෝගී දරු උපතකට අංගුලිමාල පිරිතේ පිහිට ලබන්න

  • “අංගුලිමාල සූත්‍රය” සිහිකළ පමණින්ම ගර්භණී කාන්තාවන්ට දරුවන් පහසුවෙන් බිහිවෙන බව කියනවා. අදටත් ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතිය ආසන්න වෙන විට පිරිත් කියා ආශිර්වාද කරන්නෙ පිරිතේ මහාආනුභාවය නිසාමයි.
  • මේ පිරිත ඉගෙනගත්ත අංගුලිමාල හාමුදුරුවො දරු ප්‍රසූතිය ආසන්න මොහොතෙදි උන්වහන්සේ දුටුව ගැබිණි මාතාව අසළට වැඩ මේ පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදු වුනා. අදත් ඉන්දියාවේ දඹදිව අංගුලිමාල තෙරුන් වහන්සේ පිරිත් දේශනා කළ ස්‌ථානයේ ආනුභාවය ඇත. මහ පෙළොව පවත්නා තුරු එහි බලය තිබේ.
  • මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගැබිණි මව්වරුන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාවක් ඇති වේ.
  • බලගතු අංගුලිමාල පිරිත
  • පරිත්තං යං භණන් තස්‌ස- නිසින්නට්‌ඨාන ධොවනං
  • උදකම්පි විනාසෙති- සබ්බ මෙව පරිස්‌සයං
  • සොත්ථිනා ගබ්භවූට්‌ඨානං – යඤ්ච සාදෙති තංඛණෙ
  • ඓරස්‌සංගුලි මාලස්‌ස – ලොකනාථෙන භාෂිතං
  • කප්පට්‌ඨායිං මහාතෙජං – පරිත්තං තං හනාමහෙ
  • යතොහං භගිනි ආරියාය ජාතියා – ජාතො නිහිජානාමි සචිච්ච පාණං
  • ජීවිතා වොරො පෙතා තෙන – සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්‌සාති
  • මුල් ගාථා පිරිතේ ආනුභාවය දක්‌වන ගාථාය. “යතොහං භගිනි” යනාදී කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට බුදුරජාණන්වහනසෙ විසින් ඉගැන්වූ ගාථාවකි.