Hela Rahas

Hela Rahas Official Web Portal

සැබෑ ලෝකයේ ජීවත්වන සුපිරි බලයක් ඇති ජීවින් 10 ක්

චිත්‍රපට වල, කාටූන් වල සුපිරිබලයක් තියෙන විවිධ ජීවින් අප දැක තිබෙනවා. නමුත්, එහෙම සුපිරිබලයක් ඇත්තටම තියෙන සැබෑ ලෝකයේ ජීවත් වෙන සත්ව විශේෂ නැතුවාම නොවෙයි. මොවුන්ගේ මෙම සුවිශේෂී ලක්ෂණ ඇතැම් විට පුදුමාකරයි, ඇතැම් විට හාස්‍යජනකයි, ඒ වගේම ඔවුන් ගැන කියවෙන සමහර තොරතුරු හරිම අමුතුයි .මේ ඉන්නේ අන්න ඒවගේ සත්ව ලෝකයෙන් හමුවූ අරුම පුදුම සුපිරි බලයක් සහිත ජීවී විශේෂ 10 කි.

1.ඉමෝර්ටල් ජෙලි‍ෆිෂ්’ විශේෂය

  • මෙම ජෙලි‍ෆිෂ් විශේෂය ජීවන චක්‍රය ආරම්භ කරන්නේ නිදහසේ එහාමෙහා පිහිනමින් සිටින කුඩා බිංදුවක් බඳු ප්ලැනුලා නමින් හඳුන්වන අවධියේ සිටය.ඉන්පසු එය බහුපාද කොලනියක් සේ වර්ධනය වී පසුව ජෙලි‍ෆිෂ් මත්ස්‍යයෙකු බවට පත්වේ. මෙම සත්වයාට යම් ආක්‍රමණයක් ඇතිවුවහොත් එම සත්වයා පාරිසරික ආතතියට නිරාවරණය වී සරලවම රෝගි වීම හෝ වියපත් වීම සිදුවේ. මෙම සත්වයාට එවැනි විටකදි නැවත පොලිප් අවධිය ප්‍රතිවර්තනය විය හැකි අතර නැවත නව පොලිප් හෙවත් බහුපාද කොලනියක් නිර්මාණය කරගනියි. මේ හේතුව නිසා මෙම සත්වයින් අමරණීය යැයි සැලකේ.

2.නේකඩ් මෝල් ‍රැට්’ නමැති මීයන් විශේෂය

  • මධ්‍යම ස්නායු පද්ධතිය වෙත වේදනා සංඥා නිකුත් කිරීමේ කාර්යය ඉ‍ටුකරන ක්ෂීරපායි සත්වයින්ගේ සිරුරේ පිහිටා ඇති කොටස් මෙම සත්වයින්ගේ සිරුරේ පිහිටා නැත.එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මීයන් විශේෂයට වේදනාව දැනෙන්නේ නැත. පිළිකාවන්ට අතිශයින්ම ඉහළ මට්ටමේ ප්‍රතිරෝධතාවක් දක්වන මීයන් විශේෂයක් ලෙස සැලකේ.

3.ටාඩිග්‍රේඩ්’

  • මෙම කුඩා සත්ව විශේෂය සොබාදහමේ සිටින ලෙහෙසියෙන් යටත් කරගත නොහැකි ජීවි විශේෂයකි. ඊට හේතුව නම් මොවුන්ව විනාශ කිරීම අපහසු ක්‍රියාවකට වඩා සිදුකල නොහැකි ආකාරයේ ක්‍රියාවක් වීමයි. ඔවුන් අධි තිව්‍ර පරිසර තත්වයන්ට වුවද හොඳින් ඔරිත්‍ටු දෙති. -458 ˚F (-272 ˚C) සිට 300˚F (150 ˚C) දක්වා පරාසයක උෂ්ණත්වයන්ට , 40000kPa තරම් ඉහළ පීඩනයක්, අතිශයින්ම ඉහළ පරාසයක විකිරණ වලට ,විවෘත අවකාශයීය ඉක්තකයකදි වුව ඔරොත්තු දීමට ඔවුන්ට හැකිය.ජලය හෝ ආහාර නොමැතිව වසර 30 තරම් දීරඝ කාලයක් ජීවත් වීමේ හැකියාව ද ඔවුන්ට ඇත.

4.හෙයාරි ෆ්‍රොග්’ නැමැති ලොම් සහිත ගෙම්බන් විශේෂය

  • පහුරු නිය වර්ධනය කරගැනීම සඳහා තමාගේ ශරීරයේම අස්ථි බිඳගැනීමේ හැකියාව මෙම ගෙබි විශේෂයට ඇත. කෙරටින් වලින් නොව අස්ථි වලින් සැදි ඇති නිසා මේවා සැබෑ පහුරු නිය නොවේ. සෑම පහුරු නියක්ම ඇඟිලි තුල ‍රැඳි ඇත.ආක්‍රමණයක් හෝ වෙනත් පීඩාවකට නිරාවරණය වු අවස්ථවක මෙම සත්වයා තම අස්ථි බිඳ දමමින් සම හරහා පිහි මෙන් තියුණු නිය පහුරු මතුකරවාගනියි. මේ ක්‍රියාව එක්ස්-මෙන් චිත්‍රපටයේ වොල්වරින් චරිතය සිහිපත් කරනවා නේද?

5.මැන්ටිස් ශ්‍රිම්ප්’ නමැති කූනිස්සන් විශේෂය

  • මෙම කූනිස්සන්ගේ සිරුරේ ප්‍රබල, මිටියක් බඳු බරපතල අවියක් සේ ක්‍රියාකරන අඬු පිහිටා ඇත. මේවා අතිශයින්ම තියුණුයි මෙන්ම ආරම්භයේ සිට පැයට මීටර් 53 ක වේගයෙන් ත්වරණය විමේ හැකියාව ඇත. විද්‍යාඥයින් මොවුන්ව පර්යේෂණාගාර තුල තබා ඇත්තේ ඝන ප්ලාස්ටික් කූඩු වලය. ඊට හේතුව මෙම විශේෂයේ තරමක් විශාල විශේෂ වලට වීදුරු මින්මැදුරක් වුවද බිඳගෙන යාමේ හැකියාව ඇති බැවිනි.

6.මිමික් ඔක්ටෝපස්’ නම් බූවල්ලන් විශේෂය

  • මෙම බූවල්ලන් විශේෂයට හැකි වෙනත් විශේෂ මෙන් වෙස්ගැනීමට. ශරීර වර්ණය වෙනස්කිරීමට පමණක් නොව පරිසරයට අනුගත විය හැකි පරිදි ආකාරයේ ශරීර ස්වභාවයන් ද වෙනස් කරගැනීමේ හැකියාව ඇත. එමෙන්ම වෙනත් වස්තු සහ සත්වයින් හේ බාහිර හැඩයන් සහ සාමානය් හැසිරීම් රටාවන් අනුකරණය කරයි.

7.ප්ලැටිපසා

  • තාරා හොටක් ඇති, බීවරයෙකුගේ මෙන් වල්ගයක් ඇති, දියබල්ලෙකුගේ මෙන් පාද පිහිටා ඇති මෙම සත්වයා බිත්තර දමන එකම ක්ෂීරපායි සත්වයායි. මොවුන් සතුව හයවෙනි සංවේදනයක් ද වේ. එනම් මොවුන්ට විද්‍යුත් සංඥා හඳුනාගැනීමේ හැකියාව ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක විවිධ මට්ටම් සහ චලනයන් හඳුනාගැනීමින් අවදානම් ප්‍රභවයන් (උදා:මෝරුන් වැනි) මඟහැර ඉවතට පිහිනා යාමේ හැකියාව ඇත.

8.ක්‍රියෝසෙරයිනේ ලීෆ් බීටල් නමැති පත්‍ර කුරුමිණි විශේෂය

  • මෙම කෘමින්ගේ ලාවා අවධිය ආත්මාරක්ෂාව සලසාගන්නා ආකාරය ඉතාමත් පිළිකුල් සහගතය. ඔවුන් තමන් ආහාරයක් වීම වළක්වාගැනීම සඳහා තමන්ගේම අශූචි වලින් තමන්ව ආවරණය කරගනිති.

9.මැක්කා

  • මොවුන්ගේ පාද පැන පැන යාමේ හැකියාව සහිතය. මැක්කෙකුට අඟල් 7 ක් පමණ උසකට, අඟල් 13 ක් පමණ දුරකට පැනීමේ හැකියාව ඇත.

10.ලයර්බර්ඩ් නම් කුරුළු විශේෂය

  • හඬ අනුකරණය කිරීමේ හැකියාව ඇති පක්ෂි වර්ග කිහිපයක් ගැනම අප අසා තිබෙනවා. නමුත්, මෙම පක්ෂීන්ගේ විශේෂත්වය තමයි මොවුන්ට හැකියි විවිධාකාරයේ ශබ්ද වර්ග අනුකරණය කිරීමට.දම්වැල් කියත් ක්‍රියාත්මක වන හඬ, ගිනි අනතුරු සංඥා හඬ, කැමරාවේ ෂටර් නාදය විතරක් නොව කෝච්චියක හඬ පවා අනුකරණය කිරිමට හැකිය.