Hela Rahas

Hela Rahas Official Web Portal

ඇපල් සයිඩ් විනාකිරි භාවිතයෙන් ලබාගත හැකි වෙනත්ම ප්‍රයෝජන 50ක්

ඇපල් සයිඩර් විනාකිරි ඉතා ඈත අතීතයක සිට භාවිතයේ පැවති නිෂ්පාදනයකි. මෙය ප්‍රධාන වශයෙන්ම භාවිතා වන්නේ ආහාර රසගන්වන ද්‍රව්‍යයක් ලෙසයි. ඇපල් සයිඩර් විනාකිරි අපේ රටේ ප්‍රචලිත භාවිතයක් නොවුණත් ඒවා සුපිරි වෙළඳසැල් වලින් ඔබට මිලදී ගන්නට හැකියි.මොකද අද අපි ඔබට කියන්න යන මේවායින් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන ගොන්න දකින විට ඔබට සිතේවි ඇපල් සයිඩර් විනාකිරි බෝතලයක් ඔබේ නිවසේ තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් නේද කියලා!

1රුපලාවන්‍ය සඳහා

  • ඇපල් සයිඩර් විනාකිරි වල ඇති අම්ල මඟින් හිස්කබලේ ඉස් හොරි ඇතිකරවන දිලීර වලට එරෙහිව සටන් කර ඉස් හොරි දුරුකරයි. ජලය හා විනාකිරි සමාන කොටස් ලෙස ගෙන මිශ්‍ර කර සෝදා පිරිසිදු කරගත් හිස්කබල මත ආලේප කර මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර යලි ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
  • ඇපල් සයිඩර් විනාකිරි ස්වභාවික ටෝනර් එකක් ලෙස ද භාවිතා කල හැකියි. අප භාවිතා කරන ඇතැම් සබන් හා ක්ලෙන්සර් වර්ග සමේ ස්වභාවික ආම්ලිකබව නැතිකරදමයි.
  • ඇපල් සයිඩර් විනාකිරි සමේ pH අගය පාලනය කිරීමට සහයවේ. එමඟින් සම නීරෝගි කරයි. විනාකිරි කොටස් 1 කට ජලය කොටස් 2 ක් මිශ්‍ර කර කපු පුළුන් ආධාරයෙන් මුහුණේ ආලේප කරගන්න.
  • එහි අඩංගු මැලික් හා ලැක්ටික් අම්ල සම සුමුදු කරමින් මැරුණු සෛල් ඉවත් කරයි. කුරුලෑ ඇතුලු වෙනත් චර්ම ගැටලු වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකියි.
  • ඩියොඩ්‍රන්ට් එකක් ලෙස ද භාවිතා කල හැකියි. ජලය හා විනාකිරි මිශ්‍ර කර කිහිළි ප්‍රදේශයේ ආලේප කරගන්න. විනාකිරි අම්ල මඟින් බැක්ටීරියා විනාශ කර දහදිය දුගඳ හැමීම අඩු කරවයි.
  • දත් සුදු කර ගැනීම සඳහා මුවසේදුම් දියරයක් ලෙස භාවිතා කිරීමට, විනාකිරි ස්වල්පයක් මුව තුලට ගෙන දත් මත ඇතිල්ලීම සිදුකරන්න. ඉන්පසු ජලයෙන් මුව සෝදාහරින්න.අම්ල අඩංගු නිසා එනමලයට හානි විය හැකි බැවින් නිතර භාවිතය නුසුදුසුය.
  • හිසකෙස් වල දිදුලන බව ඇතිකරගැනීමට විනාකිරි මේස හැඳි එකක් ජලය කෝප්ප එකකට මිශ්‍ර කර හිස ෂැම්පු කරගත් පසු හිසේ ගල්වන්න.පසුව ජලයෙන් සෝදන්න.
  • නිය ආලේපන ගැල්වීමට පෙර නියපොතු මත ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ආලේප කරගන්න. එමඟින් නිය ආලේපන වර්ණය දිගුකලක් පවතියි.
  • හිසකෙස් ඩයි කිරීමෙන් පසු ජලය හා විනාකිරි මිශ්‍ර කර හිසකෙස් සෝදාහරින්න. එමඟින් හිසකෙස් මත වර්ණක සීල් වි යාම සිදුවේ.
  • මේක්-අප් ඉවත් කරගැනීමට පොල් තෙල් වලට ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍ර කර භාවිතා කරන්න. සමේ සිදුරු පවා පිරිසිදු කරමින් ප්‍රෝබයෝටික් මඟින් සම පෝෂණය කරවයි.
  • තට්ටය පෑදීම වළක්වාගැනීමට විනාකිරි ජලය සමඟ මිශ්‍ර කර පානය කිරීම හෝ ෂැම්පු සමඟ මිශ්‍ර කර ආලේප කිරීම සිදුකරන්න.

2.සෞඛ්‍යය සඳහා

  • දෙපා වල දහදිය දුඟද හැමීම වළක්වාගැනීමට පිරිසිදු කරගත් දෙපා වල විනාකිරි ස්වල්පයක් ආලේප කරගන්න.
  • උගුරේ අපහසුතා ඇතිවිට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1 සහ මී පැණි මේස හැඳි 2 ක් උණුසුම් වතුර කෝප්පයකට දමා කලවම් කර පානය කරන්න.
  • සමේ කසනසුලු බව හා අපහසුතාවන් දුරු කරගැනීමට කපු පුළුන් කැබල්ලකට විනාකිරි ස්වල්පයක් දමා සම මත ආලේප කරගන්න.
  • තුවාල සුවපත් වීම වේගවත් කරගැනීමට ඇපල් සයිඩර් විනාකිරි ආලේප කරගන්න.
  • ඉන්නන් ඉවත් කරගැනීමට ස්වභාවික ප්‍රතිකර්මයක් ලෙස මෙම විනාකිරි ඒවා මත ආලේප කරන්න.
  • දෙපා ඇඟිලි වල නියපොතු ආසාදනය වීම් දුරුකරගැනීම සඳහා විනාකිරි හා ජලය සම සමව ගෙන මිශ්‍ර කර දෙපා හොඳින් සෝදාගන්න.
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීම සඳහා ජලයට විනාකිරි ස්වල්පයක් එක්කර පානය කරන්න. අජීර්ණය, මලබද්ධය හෝ පාචනය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදි වෙනස් අනුපාතයන් ගත යුතුය.

3.මුලුතැන්ගෙයි සඳහා

  • සලාද රසගැන්විමට එක්කරගන්න.
  • බිත්තර තැම්බීමේදි ජලයාට් ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් එක්කරගන්න. බිත්තර පොතු පහසුවෙන් ගැලවිය හැකිය.
  • එළවළු හා පලතුරු වල නැවුම් බව ආරක්ෂා කරගැනීමට ජලය කෝප්පයකට ඇපස් සයිඩර් විනාකිරි මේස හැන්දක් දමා ඒවා මිනිත්තු 5 ක් පමණ පොඟවා තබන්න. ඉන් පසුව ජලයෙන් පිරිසිදු කර වියළාගන්න.
  • කිරි කෝප්පයකට හෝ ක්‍රිම් කෝප්පයකට විනාකිරි මේස හැඳි 1 ක් එකිරීමෙන් ගෙදර හදපු බටර් කිරි (buttermilk) රසවිඳීමට ඔබට පුලුවන්.
  • ඔබ කැමතිම ආහාර පාන වල රසය වැඩි කරගැනීමට ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් මුසු කරගන්න.

4.ගෙවත්ත සඳහා

  • ස්ප්‍රේ බෝතලයකට ඇපල් සයිඩර් විනාකිරි හා එප්සම් ලුණු (සවිඳ ලුණු) දමා කලවම් කරගන්න. ගෙවත්තට ඉසින්න. දින දෙකකින් පමණ වල් පැළෑටි වියළී යයි.
  • ගාර්ඩ්නියා, බ්ලූබෙරි වැනි ආම්ලික පසක් අවශ්‍ය ශාක වගා කිරීමට පස සකස් කිරීමේදි පොහොරක් ලෙස මේවා පසට එක්කරන්න.
  • විනාකිරි වල සුවඳ ඇතැම් සතුන් විකර්ෂණය කිරීමට සමත්ය. එබැවින් ගෙවත්තේ බෝග වලට හානිකරන හාවන්, ඌරු මීයන් වැනි සතුන්ගෙන් ගෙවත්ත ආරක්ෂා කරගත හැකිය.ගෝනි කිහිපයක් විනාකිරි වලින් පොඟවා ගෙවත්ත වටා අතුරන්න. පලතුරු මැස්සන් ඇතුලු කෘමි සතුන්ගෙන් වන හානියද ඇපල් සයිඩර් විනාකිරි භාවිතයෙන් පාලනය කරගත හැක.
  • මල බැඳුණු ගෙවතු උපකරණ හා ආයුධ පිරිසිදු කරගැනීමට විනාකිරි භාවිතා කල හැකිය. පැය කිහිපයක් ඒවායේ පොඟවා තැබීමෙන් හෝ විනාකිරි වල පෙඟවූ රෙදි කැබලි වලින් ඒවා පිරිසිදු කරගන්න.
  • මැටි බඳුන් පිරිසිදු කරගැනීමට ඒවා විනාකිරි දමා අතුල්ලාගන්න. බඳුනට ජලය කෝප්ප 4 ක් හා විනාකිරි කෝප්ප 1 ක් දමා පැය කිහිපයක් පෙ‍ඟෙන්නට හරින්න.
  • ගෙවතු පාත්ති පූසන් හා බල්ලන්ගෙන් ආරක්ෂා කරගැනීමට ගෙවතු සීමාවට ඇපල් සයිඩර් විනාකිරි ස්ප්‍රේ කරන්න.