Hela Rahas

Hela Rahas Official Web Portal

අක්‍රීයව තිබියදී විදුලි බලය භාවිතා කරන උපකරණ 7 ක්

ස්විච් එකේ බොත්තම අක්‍රීය කළ ද තවදුරටත් එයට සම්බන්ධ කර ඇති විදුලි උපකරණයට විදුලිය වැය විය හැකි බව ඔබ දැන සිටියාද?

1.දුරකථනයට සම්බන්ධ නොකළ චාජර්

  • සොකට්‍ටුවට සම්බන්ධ කර ඇති චාර්ජරයක්ට දුරකථනයක් සවි කර නොතිබුණ ද විදුලිය භාවිතා කරයි.දිනකට වොට් 1.2 ක් තරම් අඩු අගයක් නිසා එය එතරම් දැනෙන වියදමක් නොවේ.

2.ඩිජිටල් ටීවී ටර්නර්

  • අක්‍රීය කළ (turn off) පසු ද ටීවී ටර්නර් උපකරණ දිගටම ක්‍රියාකරන අතර දිනකට වොට් 22 ක් පමණ බල ශක්ති වැය වීමක් සිදුවේ.

3.ටීවී

  • පවර් බටන් එක මඟින් ටීවී එක අක්‍රිය වීමක් නොවී අර්ධ ලෙස නිවී යාම සිදුවේ(standby mode). ඉන් දිනකට වොට් 24 ක පමණ විදුලි නාස්තියක් සිදුවේ.

4.පරිගණක සහ ලැප් ටොප්

  • නිවා දැමුවද පරිගණක සහ ලැප්ටොප් තවදුරටත් ක්‍රියාත්මක තත්වයේ පසුවිය හැක. පේණුවෙන්ම ඉවත් කිරීමෙන් එම විදුලි නාස්තිය වළක්වාගත හැක.

5.ටයිමර් (timer) සහිත විදුලි උපාංග

  • ක්‍රියාකාරි ටයිමර් සහිත උපාංග වහරුවට සම්බන්ධ කර නොතබා ඉවත් කරන්න. ඉන් දිනකට වොට් 108 ක් පමණ නිකරුණේ නාස්ති වීම වළක්වාගත හැක.මෙසේ නාස්ති වන්නේ ඉතා කුඩා විදුලි ප්‍රමාණයක් වුවද ඒවා පේණුවෙන්ම ඉවත් කිරීම මඟින් අනවශ්‍ය නාස්තිය වළක්වාගත හැකියි වගේම උපාංග අධි විදුලි ධාරිතා නිසා පිළිස්සීයාම වැනි අනතුරු වලට ලක්වීම වළක්වාගත හැක.