Hela Rahas

Hela Rahas Official Web Portal

සීවලී මහරහතන් වහන්සේට නිවැරදිව පුද පූජා කරමු

  • සීවලී පිංතූරයක් නැති බෞද්ධ ගෙදරක් නැති තරම් ය. සීවලී හාමුදුරුවෝ කියන්නෙ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ආහාරපාන භවභෝග ලැබීම් අතින් ඉහළම තනතුර හිමිවූයේ රහතන් වහන්සේය.
  • ඉතිං බෞද්ධ ගෙවල්වල සීවලී හිමිගේ පිංතූරයට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයක් බව අපි දන්නවනෙ. ගොඩක් ගෙවල්වල ගෙදරට එද්දිම මුලින්ම දකින්න පුළුවන් සීවලී හිමිගේ පිංතූරය. සමහර බෞද්ධ ජනතාව සීවලී පිංතූරයට පහන්, සුවඳකූරු දල්වා පැන් බඳුනක්‌ තබා තිබෙනු දැකිය හැක.
  • මේ සීවලී හිමිගේ පිංතූරයේ සවන් යුගලයම ප්‍රදර්ශනය වන පිංතූර සහ එක්‌ සවනක්‌ පමණක්‌ දිස්‌වන පිංතූරද ඇත. ඒ වගේම තවත් පිංතූර වල සීවලී හිමි පමණක්‌ වැඩවාසය කරන අතර ඇතැම් පිංතූරවල සීවලී හිමිට සතර දෙසින් සතරවරම් දෙවිවරු වැඩ වාසය කරන ඒවාද දැකිය හැක.
  • බුදුහාමුදුරුවො හැරුණු විට බෞද්ධයන් අතර වැඩිපුර ම වන්දනාමානයට ලක්‌වන්නේ සීවලී හිමිගේ පිංතූරය බව කියනවා. ඒ පෘථඃජන අප සියලුදෙනාම “ආර්ථිකය පදනම් කරගත් සමාජයක ජීවත්වන නිසා වෙන්න පුළුවන්. මිනිස්සු බොහෝ දෙනාගෙ ස්වභාවය තමා කරදරයක් වුනාට පස්සෙ දෙවියො සොයාගෙන යාමත්, අත්‍යවශ්‍ය කාරණයකට විතරක් පන්සලට යෑමත්ය. ඒ නියම ආගම දහම අදහන පුද්ගලයින්ගෙ ස්වභාවය නෙමේ.
  • ඉතිං සීවලී හිමිට මල් පහන් පූජාකරන්නේත් “ආර්ථික ලාභ අපේක්‌ෂාවෙන්ම” පමණි. එසේ නොවේ නම් අනිත් අග්‍රශ්‍රාවක භික්ෂූන් වහන්සේලාටත් පුද පූජා පවත්වන්න පුළුවන්. “සීවලී හාමුදුරුවෝ” සෞභාග්‍ය උදාකරන “ගෙදරට බත් ටික” ලබාදෙන්නට පූජා කරනවා.
  • කෙසේ වෙතත් සීවලී හිමිට පුද පූජා පැවැත්වූවත් නිවසට ධනය නොලැබෙන්නේ හෝ නිවසේ ධනය නොරැඳෙන්නේ ඇයිද යන ප්‍රශ්නය සමහර අයට තියෙනවා. ඔව්, ඒ සීවලී හිමිට පුද පූජා පවත්වන ක්‍රමයේ වරද නිසායි.
  • සීවලී හිමිගේ පිංතූරය තබා ඊට පැන් මල් පහන් පූජා කළ පමණින් අප පතන පැතුමන් ඉටු වෙන්නෙ නෑ. ඒ අපගේම වරදයි. ගොඩක් ගෙවල්වල බොහෝ විට අප දකින්නේ සීවලී හිමිගේ පිංතූරය පමණි. එය වැරදිය. සීවලී හිමිගේ පිංතූරයක්‌ තිබේ නම් ඊට ප්‍රථමයෙන් ගරු කළ යුත්තේ අපේ බුදුහාමුදුරුවන්ටයි. . බුදුන් දහම් සඟුන් සරණ නොගොස්‌ බුදුන් වහන්සේගේ ශ්‍රමණයකු වන සීවලී මහරහතන් වහන්සේගෙන් අප පිහිටාරක්‌ෂාව ප්‍රාර්ථනා කිරීම වරදකි.
  • ධර්මයේ හැසිරෙන්නාට පමණක්‌ සීවලී හිමිට පුද පූජා පැවැත්වීමෙන් සහනයක්‌ සැලසෙනු ඇත. බුදුන්වහන්සේ අකැපයයි අනුදැන ඇති වෙළෙ¹ම් අතර මස්‌මාංශ ආයුධ මත්පැන් ආදී වෙළෙඳ ශාලාවල සීවලී හිමිගේ පිංතූරය එල්ලීම සුදුසු නොවේ. අප පළමුව බුදුන් සරණ ගොස්‌ ඉන් පසුව සීවලී හිමිට පුද පූජා පැවැත්වීම කළ යුතුය.
  • බුදුන් වහන්සේගේ පිළිමයකට පිංතූරයකට පහතින් සීවලී හිමිගේ පිංතූරය එල්ලීම කළ යුතුය. මේ දෙක එක ස්‌ථානයේ හෝ වේවා ස්‌ථාන තුනක හෝ වේවා සිදුවිය යුත්තේ බුදුහිමිට පහත ස්‌ථානයක සීවලී හිමිගේ පිංතූරය එල්ලීමයි. එසේම සිවලී හිමිගේ පිංතූරයක්‌ නිවසක ඇත්නම් බුදුන් වහන්සේට පුද පූජා කරන ස්‌ථානයක්‌ ඊට පෙර තිබිය යුතුමය.
  • ඊළඟට සීවලී පිංතූරයකට පැන් බඳුනක්‌ තබා සෞභාග්‍ය පතන අපි ඒ පැන් බඳුන ලබාගන්න ආකාරය බලමු. අප පානය කිරීමට ගන්නේ උතුරා නිවාගත් ජලය හෝ පෙරා පිරිසිදු කළ ජලයයි. ඒත් සීවලී හිමිට පූජා කරන්නේ කරාමයෙන් එන ජලයයි. ඒ නිසා බුදුන්වහන්සේට හෝ වේවා සීවලී හිමිට හෝ වේවා පැන් තබන්නේ නම් ඒ පැන් පෙරාගත යුතුයි.
  • එසේම රැකියාවට හෝ නිවසින් බැහැරව යද්දී බසය හෝ දුම්රිය එන හඬට සවන් දෙමින් සීවලී හිමිට මල්, පැන් පූජා කර දුවගෙන නොයන්න. පාවහන් පැළඳීමට පෙර බුදුන් නැමදීමත්, සීවලී හිමිව නැමදීමත් කළ යුතුය. එසේම වන්දනා මාන කළ යුත්තේ නිවීසැනසිල්ලේ.
  • සීවලී පිංතූරයට අප වඳින්නේ කෙසේද? බුදුන් වඳින ගාථා එතනම කීම සිදු නොකළ යුතුය. අප සීවලී හිමිව වන්දනා කරනවිට සීවලී පිරිත කියන්නට පුරුදුවීම වැදගත්ය.නැතිනම් “නවෝ සිද්ධ සීවලී රාජා පඨවියා” වැනි ගාථාවක්‌ පැවසිම වැදගත්ය. එය නිතර භාවිතාකිරීම සම්පත් දෙන බලයකි. ඊට හේතුව වනුයේ සීවලී පිරිත සහ ඉහත සඳහන් ගාථා රත්නයේ ඇති ශබ්ද බලයයි.
  • එසේම සීවලී හිමිගේ පිංතූරය අසළ සීවලී යන්ත්‍රයක්‌ තබන්න. ඕනෑම යන්ත්‍රයක්‌ නියමිත දිග පළලකින් යුක්‌තවීම වැදගත් ය. එම දිග පළල අපට හිතුමතේම සිදුකළ නොහැක. එය වැරදුනහොත් සුභ පළ නොව අඩුම ඵළ ලැබේවි. ඒ නිසාත් එසේම යන්ත්‍රයක ගුණය ලැබීමට එම යන්ත්‍රය අඳින විට අඳිනු ලබන රේඛා එකිනෙක කැපී නොයායුතුය. මුද්‍රණය කර ඇති යන්ත්‍රවල ඒ නීතිය කොතරම් ආරක්‌ෂාවේදයි සිතීම අපහසුය.
  • එසේම සීවලී හිමියන්ට වන්දනා කොට දෙවියන්ට පිං පෙත්දී අප ප්‍රාර්ථනා කළ යුතුය. කායික හා මානසික පිරිසිදු බවින් මේවා කිරීම තමා වැදගත් ම දේ වන්නෙ.