Hela Rahas

Hela Rahas Official Web Portal

කැමරා කාචයේ සටහන් වූ අද්භූත සිදුවීම් 15 ක්.

ලෝකයේ විශ්මිත දේවල් සහා අත්භූත අභිරහස් පවතිනවා යන විශ්වාසය තවදුරටත් තහවුරු කරන ආකාරයේ ඡායාරූප එකතුවක් ගැනයි මේ කියන්න යන්නේ. නමුත්, මේ අත්‍රින් ඇතැම් ඡායාරූප වලින් පෙන්නුම් කරන සිදුවීම් විද්‍යාත්මකව පැහැදි කලහැකි ආකාරයේ ස්වභාවික සංසිද්ධීන් (Natural phenomena) බවයි පැවසෙන්නේ. කොහොමනමුත්, ලෝකයේ සිදුවූ අතිශය දුර්ලභ සිදුවීම් සහා විශ්වාස කල නොහැකි අන්දමේ සිදුවීම් ‍රැගත් මේ ඡායාරූප එකතුව බොහෝ දෙනෙකු මවිතයට පත් කිරීමට සමත් වී තිබෙනවා

1.මිරිඟුව (Mirage)

  • මිරිඟුව යනු අභිරහස් දෙයක් ලෙසයි බොහෝ දෙනෙකු සිතන්නේ. නමුත්, එයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහිත සාමාන්‍යය සිදුවීමක් පමණයි. එසේ සිදුවන්නේ ආලෝකයේ ප්‍රයෝගයක් නිසයි.විවිධ වායු ස්ථර වල ඝනත්වය සහා උෂ්ණත්වයන්ගේ සැලකියයුතු මට්ටමේ ඇති වන වෙනස් වීම් නිසා මෙම බලපෑම සිදුවෙනවා. මිරිඟුව යනු සැබෑ වස්තුවක විශාලනයට සහා විකෘති කරන ලද පරාවර්ථනයක් පමණි.

2.සඳ දුන්න (Moonbow)

  • සුදු පැහැති ඉරි ආකාරයෙන් අහසේ දිස්වෙන මෙය පියවි ඇසට නොපෙනෙන ස්වභාවික සංසිද්ධියකි. එසේ නොපෙනීමට හේතුව වන්නේ අඳුරේදි වර්ණ වෙන් කර හඳුනාගැනීමට නොහැකි වීම. එහි සමීප ඡායාරූප වලින් පෙනී යන්නේ මේවා ස්වභාවයෙන් දේදුන්නට සමාන බවයි.

3.කුණා‍ටු අකුණු (storm lightning)

  • ගිණි කඳු පුපුරා යෑමෙන් නිකුත් වන වායු සහා අලු ගැටී ප්‍රතික්‍රියා කිරීම නිසා සිදුවන ගිණිකඳු අකුණු සැර වේ (Volcanic lightning). ගිණි කඳු පුපුරා යාමටත් වඩා අතිශය දුර්ලභ සංසිද්ධියකි.

4.ක්ෂීර වළාකුළු (Mammatus clouds)

  • දරුණු කුණා‍ටුවට පසුව ඇති වන වළාකුළු විශේෂයකි. මෙසේ සිදුවන්නේ වායු ස්කන්ධයන් විවිධ දිශාවන්ට ගමන් කිරීමට පටන්ගන්නා නිසාවෙනි. මේවා අනතුරුදායක ලකුණු ලෙස පෙනුනත් ඉන් හානියක් සිදුවන්නේ නැත.

5.වටකුරු චාපය (Circumhorizontal arc)

  • වටකුරු චාපය යන අර්ථය ඇති මෙම සංසිද්ධිය සාමාන්‍යය දේදුන්නක් ඇතිවන ආලෝකවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස මතුවෙයි.

6,කාචාකාර වළාකුළු (Lenticular clouds)

  • කාච ආකාරයේ වළාකුළු ඇතිවීම දුර්ලභ සහා අසාමාන්‍යය සංසිද්ධියකි. ඒවා අන් ඒවා මෙන් ගමන් නොකරයි. කොතරම් සුලඟ හැමුවද ඒවා සිටි තැනින් නොසෙල්වේ. අභිරහස් ආකාශ වස්තුවක් සේ ඇතැමුන් සලකනු ලබයි.

7.ටෝනෑඩෝ

  • එතරම් දුර්ලභ සංසිද්ධියක් නොවුණත් කැමරා කාචයක සටහන් කරගැනීම ඉතා දුෂ්කර කාර්යකි. මේවා ඇති වන්නේ කෙසේදැයි තවමත් සවිස්තරව හෙලිකරගෙන නොමැති නිසා බොහෝ අය මෙය අභිරහස් සිදුවීමක් ලෙසයි සලකනු ලබන්නේ.

8.Kelvin-Helmholtz නම් වළාකුළු වර්ගය

  • මුහුදේ ‍රැලි නිර්මාණය වන ආකාරයට සමාන ක්‍රියාවලියකින් සෑදෙන මෙම වළාකුලු ‘Cloud curls’ යන නමින්ද හඳුන්වයි. ලොව ඕනෑම තැනක ඇති වීමට හැකිවුණත් මෙය ඉතා දුර්ලභ සිදුවීමකි.

9.සූර්යග්‍රහණය

  • බොහෝ විට සිදුවන ස්වභාවික සංසිද්ධියකි. වලයාකාර සූර්යග්‍රහණය හෙවත් සූර්යා වටා වළල්ලක් සේ දිස් වෙන ආකාරයේ සූර්යග්‍රහණය අතිශය දුර්ලභ වේ. අවසන් වතාවට එවැන්නක් වාර්ථා වූයේ 1827 වසරේදීය.

10.වළාකුළු කුහර

  • මෙයත් විද්‍යාඥයින් හට විසඳා ගැනීමට නොහැකිවී තවත් එක් සංසිද්ධියකි. මේ සම්බන්ධයෙන් බිහි වී ඇති නියමයන් අතරින් එක් නියමයකට අනුව දැක්වෙන්නේ වළාකුළු හරහා ගුවන් යානාවක් ගමන් කිරීමේදී වළාකුළු වල ඇති ජල බිංදු ඝන වී ක්‍රිස්ටල් ස්වභාවයට පත් වෙමින් පොළොවට ඇදවැටෙන බවයි.

11.බොරු හඳ (Moon dog)

  • මෙය සැබෑ පෘථිවි චන්ද්‍රිකාවල සිදුවන රශ්මි කධම්භයේ වෙනස් වීම් නිසා හටගනියි. සඳ නැග ඒමට පෙර පූර්ණ ස්වභාවයක් සහා උපරිම දීප්තියක් තිබිය යුතු නිසා මෙම දෘෂ්ඨි සංසිද්ධිය ඉතා විරල එකක් වෙනවා.

12.මුතු වළාකුළු (pearl clouds)

  • ආලෝකවර්තනය හේතුවෙන් හටගන්නා වළාකුළු විශේෂයකි. පොළොවේ සිට අඩි 50,000 ක් ඉහළින් හටගන්නා අතර ඒ සඳහා අවශ්‍යය වනේ සෙන්ටිග්‍රේඩ් අංශක -78 ක් වැනි අවම උෂ්ණත්වයකි.

13.නෝර්වේජියානු දඟරාකාර කෞණිකාන්තරය (Norwegian spiral anomaly)

  • 2009 වසරේ සීත සෘතුවේදී දහස් සංඛ්‍යාත ජනකායක් මෙය නරඹා තිබුණි. මෙම සිදුවීම බොහෝ මිත්‍යාවන් ඇති වීමටත් හේතුවක් වී තිබෙනවා. ඇතැම් අය මෙය පිටසක්වල ජීවී ආක්‍රමණයක් බව විශ්වාස කරනවා. ඇතමුන් එය කලු කුහරයක් ලෙසයි විශ්වාස කරන්නේ. කෙසේවෙතත් මෙම සිදුවීමට විද්‍යාත්ම පැහැදිලිකිරීමක් තිබෙනවා. ඒ තමයි මෙය අසාර්ථක වූ බැලිස්ටික් මිසයිල පිපුරුමක් ලෙස පසුව අනාවරණය වීම.

14.ලැව් ගිනි ටෝනෑඩෝ

  • Fire tornado නැතිනම් ලැව් ගිනි ටෝනෑඩෝ තත්වය ඉතාම භයානක සංසිද්ධීන් අතරින් එකක්. මෙය හටගන්නේ ලැව් ගිනි කිහිපයක් එකට වීමෙනි. උණුසුම් ගිනි කුණා‍ටුවක් ලෙස නිර්මාණය වන අතර කිසිසේත් වැළැක්වීමට නොහැකිව යයි. සුලඟ නිසා එහි පැතිරීම දැඩි වේ.

15.බොරු ඉර

  • ‘Sun dog’ ලෙසින් හඳුන්වන මෙම සිදුවීම බොරු හඳ තත්වයට සමානයෛ.සීත කාලයේදී තමයි මේවා දැකගැනීමට හැකිවෙන්නේ. මේවා ඇති වන්නේ හිරු එළිය අයිස් ක්‍රිස්ටල් මඟින් ආලෝකවර්තනය වීම නිසයි.


16.සැම්බියාවෙන් හමුවූ ‘Dementor’ රුව

  • ‘Harry Potter’ චිත්‍රපටිමාලාව නරඹපු කෙනෙක්ට මේ ‘Dementor’ රුව කියන්නේ මොකක්ද කියලා මතකයේ ඇති.2017 මාර්තු මාසයේදී සැම්බියානු පුවත්පතක මෙම රූපය මුලින්ම පළවී තිබුණා. ඇතැම් අය මේ සිදුවීම විශ්වාස කලත් බොහෝ අය මේ රූපය photomontage කරන ලද, එසේත් නැතිනම් චිත්‍රපටියේ කොටසක් උපුටාගනිමින් සූක්ෂමව සංස්කරණය කරන ලද එකක් බව හඳුනාගෙන තිබුණා. ඇත්තෙන්ම මේ රූපය ව්‍යාජ එකක්. නමුත්, ඇතැම් අය විශ්වාස කරනවා ලෝකයේ මෙවැනි අද්භූත දේ තිබිය හැකිබව. ඇතැම් අය පිටසක් වල ආක්‍රමණ පිලිබඳ උනන්දුවෙන් ඒවා ගැන හුවාදැක්වීමට උනන්දුවෙනවා. ලෝකයේ නොවිසඳුණු අභිරහස් පැවතිය හැකියි. නමුත්, සත්‍ය වසන් කරමින් ඒවයේ සැබෑ තත්වය වෙනස් කිරීම කිසිසේත් සිදුනොකල යුතුයි.