Hela Rahas

Hela Rahas Official Web Portal

දිනකට අලිගැට පේර ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි 12 ක්

දිනකට එක බැගින් දින 30 ක් පුරා අලිගැට පේර ආහාරයට ගත්තොත් ඔබේ සිරුරේ කුමන ආකාරයේ වෙනස්කම් ඇතිවේවිද?අලිගැට පේර කියන්න ඉතා ඉහළ පෝෂණයක් අඩංගු බොහෝ දෙනා ආසාකරන රසවත් පලතුරකි. අලිගැට පේර වල පොටෑසියම්, ජීර්ණක තන්තු,, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් C, විටමින් B6, මැග්නීසියම්, යකඩ , කැල්සියම් ආඩ්ශී පෝෂක අඩංගු වේ. ඇස් වල නිරෝගි බව ආරක්ෂා කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාකාරීත්වය ප්‍රබෝධමත් කර වැඩිදියුණු කිරීම, සිරුරේ පිළිකා සෛල වර්ධනයන් පැරදවීම ආදී ප්‍රතිලාභ ‍රැසක් අලිගැට පේර පරිභෝජනයෙන් අපේ සිරුරට ලැබේ.අලිගැට පේර ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි මේ අවධානය.

1.ඔබේ සිරුරේ වකුගඩු වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකාරී වීමට පටන් ගනු ඇත.

  • අලිගැට පේර වල බහුලව අඩංගු පොටෑසියම් පෝෂක මඟින් ඔබේ වකුගඩු පීඩාවලට සහනය ලබාදෙමින් ඒවා නිරෝගි කරවයි. අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ නිතිපතා අලිගැට පේර අනුභව කිරීම යනු වකුගඩු ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගැනීමට ඇති හිතකර ක්‍රමයක් බවයි.

2.ප්‍රාශ්වාසය නැවුම් කරයි

  • අලිගැට පේර වල ඇති ගුණ මඟින් ඉහළ ප්‍රති-බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇතිකාර්මින් මුඛයේ නරක දුගඳ ඇති කරවන බැක්ටීරියා වර්ධනයන් විනාශ කරමින් මුව පිරිසිදුව නැවුම්ව තබයි.

3.ඇස් පෙනීම වර්ධනය කරවයි-දිනකට සාමාන්‍ය ප්‍රමාණයේ අලිගැට පේර ගෙඩියක් බැගින් අනුභව කිරීමෙන් පුද්ගලයෙකුගේ ඇස් වල ක්‍රියාකාරීත්වය වඩාත් නීරෝගි වි යහපත් අතට පත්වනු ඇත. ඊට හේතුව නම් අලිගැට පේර මඟින් සිරුරේ ඇති කැරටෙනොයිඩ මට්ටම් ඉහළ දැමීමට දායක වීමයි. ඒවා සිරුර තුල ප්‍රති-ඔක්සිකාරක හා ප්‍රති-ප්‍රදාහක ලෙස ක්‍රියාකරයි.

4.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත් කර වැඩිදියුණු කරවයි

  • නිතර උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හේතුව දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පැවතීම විය හැකියි. අලිගැට පේර වල අඩංගු ඇතැම් පෝෂණ සංඝටක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහ වෛරස හා වෙනත් ආසාදනයන් පරදවමින් සිරුර ආරක්ෂා කිරීමට සහය වන බව අධ්‍යන වාර්තා වල සඳහන් වේ.

5.රුධිර පීඩනය පහත දමයි-අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් හට අලිගැට පේර ඉතා ගුණදායකය.ඒවයේ අඩංගු ඉහළ මට්ටමේ පොටෑසියම් හ අලුටෙයින් පෝෂක සිරුරේ හටගන්නා වාහිනි ආශ්‍රිත රෝග තත්වයන් සුවපත් කිරීමට දායක වන අතර සිරුරේ ලිපිඩ ප්‍රමාණය ඉහළ දමයි.

6.අක්මාවේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම වනු ඇත

  • රුධිරයේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය වල මට්ටම් නියාමනය කරන්නේ අක්මාව මඟිනි. එබැවින් අක්මාවේ නිරෝගිබව සහ එහි නිසි හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සිරුරේ සෞඛ්‍යසම්පන්න පැවැත්මට ද ඉතා වැදගත් ය. අලිගැට පේර අනුභවයට ගැනිමෙන් අක්මාවට හානි සිදුවීම අවම වීමට දායකත්වය ලබාදෙන බව වාර්තාවේ. ඒ අනුව ඔබේ ආහාර වේලට මෙම ගුණදායි පලතුර ද එක්කරගැනීම ඔබේ සෞඛ්‍යය කෙරෙහි වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙනු ඇත.

7.සිරුරේ බර වඩාත් පහසුවෙන් අඩු කරගැනීමට හැකි වනු ඇත-සිරුරේ අධික බව සහ ස්ථූලතාවය යනු ලොව බොහෝ දෙනෙකු මුහුණ දෙන තත්වයකි. සිරුරේ බර අඩුකරගැනීම හා ස්ථූලතාව සඳහා ප්‍රතිකාර හා නිසි වෘත්තිය උපදේශන ලබාගත යුතු වුවද අධ්‍යයන අම්ඟින් පෙන්වාදෙන්නේ අලිගැට පේර අපේ සිරුරේ බර අඩු කරගැනිම සඳහා සහය දෙන පලතුරක් බවයි. බඩේ පිරුණු ස්වභාවයක් එසේත් නැතිනම්, ආහාරයට ගැනීමෙන් පසු වැඩි තෘප්තිමත් බවක් දැනෙන නිසා ආහාර ගන්නා ප්‍රමාණය සීමා වී බර පාලනය කරගැනීමට සහය ලබාදේ. එමෙන්ම බඩවැල් වල හිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනය සඳහා යහපත් බලපෑමක් ඇතිකරවයි.

8.පිළිගා රෝග වලට එරෙහිව සිරුරට ආරක්ෂාවක් ලැබේ

  • අලිගැට පේර යනු පිළිකා වර්ග කිහිපයකම වර්ධනය වීමට එරෙහිව සිරුරට ආරක්ෂාව ලබාදෙන පලතුරකි.අලිගැට පේර වල අඩංගු පිළිකානාශක ගුණාංග මඟින් සිරුරේ පිළිකා සෛල විනාශ කරදැමීම සහ පිළිකා රෝග තත්වයක් ලෙස වර්ධනය වීම වැළැක්වීමට කටයුතු කිරීමේ හැකියාව ඇත.

9.සම දීප්තිමත් වේ.

  • ආහාරයක් ලෙසත් රූපලාවන්‍ය ආලේපන සත්කාරයක් ලෙසත් අලිගැට පෙර මිනිස් සම සඳහා ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදේ. සමේ නීරෝගිබව හා සුන්දරත්වය ආරක්ෂා කරගැනීම සඳහා අලිගැට පේර යනු හොඳම ප්‍රතිකර්මයකි.එහි අඩංගු කැරටෙනොයිඩ ගුණාංග මඟින් අහිතකර පාරජම්බුල කිරණින් සමට වන හානියට එරෙහිව ආරක්ෂාව ලබාදෙන දීම සිදුකරයි. එමඟින් සම වඩාත් තරුණ ස්වභාවයකට පත්කරමින් මුහුණේ සහ සිරුරේ දීප්තිමත් පැහැය වර්ධනය කරයි.

10.ආතරයිටීස් රෝග ලක්ෂණ සමනය කිරීමට සහය දේ

  • ආතරයිටීස් තත්වයෙන් පෙළෙන බොහෝ රෝගීන් නිරන්තරයෙන් සන්දි කැක්කුම් වලින් පීඩාවිඳිති. අලිගැට පේර අනුභව කිරීමෙන් සිරුරේ හටගන්නා එවැනි පිඩාවන් සමනය ක්‍රවමින් ගුණ ලබාදේ. අලි ගැට පේර වල අඩංගු ප්‍රතිඔක්සිකාරක හා වේදනානාශක ගුණාංග මඟින් සිරුරේ පීඩාකාරි කැක්කුම්-වේදනාවන් දුරුකරවයි.

11.ඒකාග්‍රතාවය වර්ධනය කරයි-යම් කාර්යක නිරතවන විට හොඳ මානසික ඒකාග්‍රතාවයක් නැතිනම් අවධානයක් තිබීම ඉතා වැදගත්ය. ඔබට මනස එසේ සූදානම් කරගැනීමට අපහසු බවක් දැනේ නම්,කෝපි කෝප්පයක් පානය කිරීම වෙනුවට අලිගැට පේර අනුභවයට හුරුවීම වඩාත් හොඳ ප්‍රතිඵල ඔබට ලබාදෙනු ඇත. අලිගැට පේර අනුභව කරන පුද්ගලයින්ගේ මොලයේ හා ප්‍රජානනික කුසලතා (ඥානනය කිරීමේ හැකියාවන්) ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරන බව අධ්‍යයන මඟින් තහවුරු කෙරෙන කරුණකි.

12.කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් අඩු වී යයි.

  • අලිගැට පේර වල ඉහළ මට්ටමේ තන්තු පෝෂක ප්‍රමාණයක් අන්තරගත වේ. එමෙන්ම ඒක-අසංතෘප්ත මේද හා ශාකීය ස්ටෙරෝල් අන්තර්ගත බැවින් සිරුරට හානිකර කොලෙස්ටරෝල් මට්ටම් අඩු වී යයි.