Hela Rahas

Hela Rahas Official Web Portal

ඕනම නරක පුරුද්දක් නතර කරගන්න මනෝවිද්‍යා උපක්‍රම 6ක්

මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට ඕනම නරක පුරුද්දක් බිඳදැමිය හැකියි. නමුත් මෙම වෙනස ඇති කිරීමට පළමු පියවර තබන්නේ කෙසේද යන්න බොහෝ දෙනාට ගැටලුවක් ඇතිවාට සැක නැහැ. නරක පුරුදු අත්හැර හොඳ පුරුදු වැලඳගැනීමට උපකාර කරන පියවර 6 ක්‍රමයක් විශේෂඥයින් විසින් පැහැදිලි කර තිබෙනවා.මේ එම පියවර 6 යි.

1.ඔබ ඔබ සමඟ අවංක වන්න

  • ඔබේ නරක පුරුද්ද ගැන ඔබ ඔබටම අවංක වෙමින් අවබෝධ කරගැනීම හරහා එය වෙනස්කරගැනීමට ඔබට වැඩි හැකියාවක් ලැබෙන බව මනෝවිද්‍යාඥයින් පැහැදිලි කරති.ඔබේ වැරදි ගැන ඔබට සමීපතමයින් පවසන දේවල් තුලින් ඔබ තුල ඇති නරක පුරුදු වටහාගැනීමට ඔබට සහයක් ලැබේ. ඔබ සිදුකරන දේ වරදක් බවට ඔබට හැ‍ඟෙන්නේ නම් එයම ජයග්‍රහණයක් බව කිව හැකියි. එය ඔබ තැබූ පළමු සාර්ථක පියවරයි. ඉන් ඔබ එක් මානසික බාධකයක් බිඳදමා අවසන්.

2.තොරතුරු එක් ‍රැස් කර සටහන් කරන්න

  • තනිවම ඔබේ වරද ගැන විශ්ලේෂණය කරමින් සිතාබලන්න. ඔබේ නරක පුරුද්ද ගැන ඔබට දැනෙන දේවල් ඔබේ දින පොතේ සටහන් කිරීමට පටන්ගන්න. ඔබ එම වරද කරන වෙලාවල්, ඉන් ඔබට ඇතිවන හැඟීම මොනවගේද යන කරුණු වගේම එහි හිතකර අහිතකර බව ගැන දේවල් ඔබ දැනුවත් වෙමින් ලියාතබන්න. සතියක් පමණ එසේ තොරතුරු එක් ‍රැස් කරන්න. උදාහරණයක් ලෙස නියපොතු සැපීම:එම කරුණු ඔස්සේ ඔබ එසේ එම නරක පුරුද්දේ නිරතවන්නේ ඔබට යම් කිසි නොසන්සුමන්කමක් හෝ බියක් දැනෙන නිසා ද එසේත් නැතිනම් ඔබට කම්මැලිකමක් දැනෙන විට දීද යන්න වටහාගැනීමට උත්සහ කරන්න.

3.නරක පුරුද්ද යහපත් අරමුණකට වෙනස්කරන්න

  • අධිකව පැණි රස ආහාරයට ගැනීම ඔබේ පුරුද්ද නම් එය යහපත් දෙයකට වෙනස් කරගැනීමට ඔබට ඉන් ලැබෙන සතුට වෙනත් යමක් කිරීමෙන් ලැබෙන පුරුද්දකට පරිවර්තනය වන්න. උදාහරණයක් ලෙස ඔබට හැකියි ආහාර සකසන ආකාරය ඉගෙනගැනීමට.නරක පුරුද්ද යහපත් දෙයකට පරිවර්තනය කරගන්න.

4.යථාර්තවාදි වන්න; හදිසි නොවන්න

  • වසර ගණනාවක සිට ඔබ යම් නරක පුරුද්දක නිරතවෙමින් සිටියි නම් එක්වරම සම්පූර්ණයෙන් වෙනස්වීමට ඔබව පීඩාවට පත්නොකරගැනීම උචිතය. උදාහරණයක් ලෙස ඔබ විසින් ඔබවම දැඩිව පීඩනයට ලක්කරගනිමින් සතියක් ඇතුලත එම පුරුද්දෙන් මිදිය යුතු බවට දැඩි වීම නිසා ඔබව අනවශ්‍ය ලෙස ආතතියට ලක්විය හැකියි. එබැවින් සාධාරණ ඉලක්කයක් ඇතිකරගන්න.

5.ඇප් භාවිතය

  • ඔබේ සාර්ථකත්වය සටහන්කරන නවීන තාක්ෂණික ඇප් වර්ග වර්තමානයේ පවතිනවා. උදාහරණයක් ලෙස අධිකව ආහාර ගැනීම ඔබේ පුරුද්දක් නම් සිරුරේ බර නිසි ලෙස පවත්වාගැනීමට බර පාලනය කිරීමට උපකාර කරන ඇප් වර්ග ඔබට දුරකථනය හරහා භාවිතා කල හැකියි. ඉන් ඔබව යම් අරමුණක් ඔස්සේ හොඳ ප්‍රතිඵල ලබාගැනීමට ආධාර කරයි.ඔබේ නරක පුරුද්ද අත්හරිමින් අලුත් හොඳ පුරුද්දක් ඇතිකරගැනීමෙන් ඔබට වේදනාවක් දැනීම සහ සතුට නොදැනීමට ඉඩ තිබිය හැකියි. ඔබ අත්හල පුරුද්ද නිසා ඔබට ලැබුණු ප්‍රතිඵල සටහන් කරන්න. ඒවා ගැන නැවත සිතන්න. සතුට ක්‍රමක්‍රමයෙන් වැඩි වී ඔබේ දුක පහවී යනු ඇත.

6.අතිරේක සහයක් ලබාගැනීම

  • ඔබට අමතර සහයක් අවශ්‍ය නම් පවුලේ සාමාජිකයින්ගෙන්, මිතුරන්ගෙන් හෝ විශේෂ උපදේශන සේවා හරහා උදවු ලබාගත හැකියි.