Hela Rahas

Hela Rahas Official Web Portal

හානිකර ලෙස බලපෑ හැකි වැසිකිළි භාවිතා කිරීමේ පුරුදු 5ක්

මලමූත්‍රා බැහැර කිරීම සරල සාමාන්‍ය දෙයක් යැයි සිතුවත් ඔබේ ඇතැම් පුරුදු හානිකර සහ අපහසුතාවන් මතුකිරීමට සමත් ඒවා වීමට ඉඩ ඇත.වැසිකිළි කැසිකිළි භාවිතයේදි අනුගමනය කරන මෙවැනි පුරුදු ඔබේ සෞඛ්‍යයට හානිකර සහ ඔබට වෙනත් අපහසුතාවන් මතුකරවීමට බොහෝ ඉඩකඩ පවතියි.

1.නිවසින් පිටවන සෑම අවස්ථාවකදිම මූත්‍රා පිටකිරීමට අවශ්‍ය නැතත් වැසිකිළියට යාමට ඔබ පුරුදු වී සිටිනවා විය හැකියි.

  • වැසිකිළියක් සොයාගැනීමට අපහසු තරම් දිගු දුරක් ගමන් කරන්නේ නම් එය වඩාත් හොඳය. ඔබ දිගු දුරක් ගමන් කරන බව ඔබේ සිරුර දනියි. නමුත්, ඔබ නිතර එසේ වැසිකිළි යාමට පුරුදුව සිටිම නිසා ඔබේ මූත්‍රාශය පිරී නොමැති අවස්ථාවල පවා ඔබට මූත්‍රා කිරීමට අවශ්‍ය බවත් නිතර දැනෙන්නට පටන්ගත හැකිය. එය ඔබේ කටයුතු වලට මහත් බාධාවකි.

2.බලෙන් මූත්‍රා පිටකිරීම

  • ඉක්මනින් මූත්‍රා පිටකිරීමට හෝ මූත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස්කිරීමට ආයාස කිරීම ඔබේ මූත්‍රා පද්ධතිය අනවශ්‍ය ලෙස පීඩාවට පත්කිරීමකි. එය සෞඛ්‍යයට හානිකර පුරුද්දකි. ඊට හේතුව නම් එසේ තැටමීම නිසා ඔබේ ශ්‍රෝණි ප්‍රදේශයේ පිහිටි මාංශ පේශින් කාලයත් සමඟ දුර්වල වී යයි. එසේ වු විට මූත්‍රා හෝ මලපහ දරා සිටීමේ ස්වභාවික හැකියාව නැතිවී යාමට ඉඩ ඇත.

3.වැසිකිළි අසුනේ වාඩි වී සිටින වැරදි ඉරියව්

  • වැසිකිළි අසුනේ වාඩි වී සිටින විට පාද පොළොවේ ස්පර්ෂ වි තිබීම වැදගත්ය. පාද බිම මත සමතලාව නොපවතින විට මුත්‍රා හා මලපහ පිටකිරීම අපහසු විය හැකිය. උකුලට වඩා ඉහළින් දණහිස් තිබිය යුතු අතර ඉදිරියට නැවී උරහිස් සහ දණහිස් සමීපව තබාගන්න.

4.මූත්‍රා පහ කිරීමට අවශ්‍ය නොවන සේ ජලය පානය කිරීම සීමා කිරීම

  • නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීමට හේතුව ඔබ වැඩියෙන් ජලය පානය කිරීමම නොවිය හැක. අඩුවෙන් ජලය පානය කිරීම නිසා මූත්‍රාශයේ ගැටලු තත්වයන් තවත් උත්සන්න විය හැක.

5.ස්නානය කරන විට මූත්‍රා පහ කිරීම

  • ස්නානය කරන විට මූත්‍රා කිරීමේ පුරුද්ද ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ අපහසුතාවක් ඔබට ඇතිකිරීමට ඉඩ ඇත. එසේ මූත්‍රා පිටකරන විට මොලය විසින් ගලන ජලය සහ මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව අතර සංජානනීය සම්බන්ධතාවක් ගොඩනගාගනියි. මෙම සම්බන්ධතාවය නිසා ජලය ගලායන ස්ථාන දු‍ටු විට ඔබට මූත්‍රා බර දැනෙන්නට පටන්ගැනීමට ඉඩ ඇත.