Hela Rahas

Hela Rahas Official Web Portal

නාන කාමර පිරිසිදු කිරීමේ දියරයක් සකසන විදිය

අද අපි කතා කරන්නේ ඔබේ නාන කාමරයේ පිරිසිදු කම සහා පිළිවෙල ගැනයි. නාන කාමරයක් නිවැසියන් මෙන්ම නිවසට පැමිණෙන අමුත්තන් පවා පොදුවේ භාවිතා කරන්නකි. එහිදී එය භාවිතා කරන්නන් හට එහි වටපිටාව ගැන ප්‍රසන්න හැඟිමක් ඇති විය යුතුයි නේද?
නාන කාමරය වඩාත් ආකර්ෂණීය පෙනුමකින් පවත්වාගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා ඔබට උපකාර කරන අඩු වියදමකින් අඩු ශ්‍රමයකින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි නාන කාමර පිරිසිදු කිරීමේ උපක්‍රමයක් ගැනයි මේ කියන්නට සූදානම.

1.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විෂබීජ විනාශ කරයි

  • කැපුම් හා තුවාල වලට ප්‍රතිකාර කිරිමේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරයි.එහි දිලීර නාශක සහ ක්ෂුද්‍ර ජීඒ නාශක ගුණ අඩංගු බැවින් අහිතකර බැක්ටීරියා, පුස් සහ නරහ දුගඳ ඇතිවීම වළක්වයි. මුලුතැන්ගෙයි උපකරණ, කාපට්, සහ ටයිල් වැනි මතුපිට පිරිසිදු කිරීම් සඳහා භාවිතා කල හැකියි. ඇඳුම් සහ ඇඳ ඇතිරිලි ආදිය සුදුවන් සේ පිරිසිදු කරගැනීමට මේවා භාවිතා කල හැකිය. සින්ක්, වැසිකිළි සහ නාන තටාක වල බැඳි ඇති කහට පැල්ලම් සහ කැල්සියම් කාබනේට් (ලයිම්ස්කේල්) කොටස් හොඳින් ඉවත්කර පිරිසිදු කරයි.

2.ඇමෝනියා භාවිතයෙන් ග්‍රීස් සහ තෙල් පැල්ලම් ඉවත්කරගත හැකියි

  • නිවසේ පරිහරණයට ගන්නා ඇමෝනියා ග්‍රීස් තෙල් වැන් තද පැල්ලම් ඉවත්කරන ප්‍රබල පිරිසිදු කාරකයකි. බොහෝ පිරිසිදු කිරීම් දියර නිෂ්පාදන වල මෙය සක්‍රීය අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරේ. නමුත් එය භාවිතයේදි සැලකිලිමත් වීම වැදගත්වන්නේ ඇසේ හා සමේ ස්පර්ෂවීම හෝ ආග්‍රහණය වීම අනතුරුදායක හා විෂසහිත බැවිනි. ඇමෝනියා වෙනත් රසායනයන් සමඟ සුසංයෝග නොකල යුත්තේ එසේ කිරීම ඉතා හානිකර බැවිනි.

මෙම අමුද්‍රව්‍ය දෙක භාවිතයෙන් නිවසේදීම පිරිසිදු කිරිමේ දියරයක් සාදාගන්නා ආකාරය

  1. ඇමෝනියා (10%) මිලිලීටර් 100
  2. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (3%) මිලිලීටර් 100
  • ද්‍රවසීකර (atomizer) කොටසක් ඇති ප්ලාස්ටික් බෝතලයක් හෝ වීදුරු බෝතලයක් ගෙන ගලන ජලයෙන් හොඳින් සෝදා තුවායකින් පිසදමා වියළා ගන්න.
  • ඇමෝනියා බෝතලයට වත්කිරීමට පෙර රබර් අත්වැසුම් පැලඳ මුව ආවරණයක් හා ආරක්ෂිත ඇස් ආවරණයක් පලඳින්න.
  • ඇමෝනියා සහිත බඳුනට සිහින් නූලක් ආකාරයට සමානව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වත්කරගන්න.
  • සෙමින් හා ප්‍රවේශමින් යුතුව බෝතලය කලතමින් ඒවා මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය මල බැදි ඇති තැනක හෝ පැල්ලම් ඇති තැනක ගල්වා හෝ වියළි රෙදිකඩක් එහි පොඟවමින් ආලේප කරන්න. මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව ජලයෙන් එම මතුපිට සෝදා පිරිසිදු කරන්න.භාවිතා කිරීමට පෙර නිවසේ ජනෙල් දොරවල් හොඳින් විවෘත කරගන්න. අත්වැසුම් සහ මුව ආවරණයක් පැලඳීමට සැලකිලිමත්වන්න. මෙම දියර කුඩා දරුවන්ගෙන් සහ සුරතලුන්ගෙන් ඈත් කර තබන්න!මිශ්‍රණය භාවිතා කර නිවස පිරිසිදු කරගත් පසුවද නිවසට හොඳින් වාතාශ්‍රය ලැබීමට ඉඩසලසන්න.