Hela Rahas

Hela Rahas Official Web Portal

ලස්සන ‍රැකගන්න හොලිවුඩ් නලු නිලියන් අනුගමනය කරන ක්‍රම 13ක්

සුන්දරත්වය ‍රැකගැනිමට නම් නිවැරදි දැනුමක් සහ උපදේශනයක් ලබාගැනීම වැදගත් වෙනවා. හොලිවුඩයේ සුරුපි තරු තමන්ගේ සුන්දරත්වය පවත්වාගැනීමට විශේෂඥ උපදෙස් ලබාගන්නවා. හැරල්ඩ් ලාන්සර් නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා වික්ටෝරියා බෙකම්, ජෙනීෆර් ලෝපේස්,කිම් කාඩේෂියන්, බියෝන්සේ සහ ස්කාලට් ජොහෑන්සන් වැනි හොලිවුඩයේ සුප්‍රසිද්ධ තරු සමඟ කටයුතු කරන රූපලාවන්‍ය උපදේශකයෙකි. එවැනි තරු තම ලස්සන සහ ආකර්ෂණීය බව ආරක්ෂා කරගැනීමට අනුගමනය කරන රහස් කිහිපයක් ගැන ඔහුගේ එක්තරා ලිපියක සඳහන් වෙනවා. ඉන් කිහිපයක් ගැන අද අපි ඔබට කියන්නට සිතුවා.

1.දත් තද කරමින් කට හකුළුවන්නට එපා!

  • වෛද්‍ය ලාන්සර් පවසන්නේ මුහුණේ භාව ප්‍රකාශන හරහා මුහුණේ රේඛා ඇති වීමට හේතු වන බවත් ඒවා මුහුණ ‍රැලි වැ‍ටුණු ස්වභාවයක් සේ පෙනීමට හේතු වන බවත්ය.අනවශ්‍ය ලෙස මුහුණේ මාංශ පේශී හකුලුවමින් එසේ මුහුණෙන් විවිධ වාචික නොවන ප්‍රකාශන සිදුකිරීම සුන්දරත්වයට හානිකර බව ඔහු පවසයි. මුහුණේ ‍රැළි වැටීම් සහ එල්ලාවැටීමේ අවදානම අවම කරගැනීමට නම් මුහුණේ චලන පාලනය කරගැනීමට උත්සාහ කරන්න.

2.ඔබ භාවිතා කරන මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගය මුහුණ සෝදා පිරිසිදු කර තත්පර 60 ක් ඇතුලත මුහුණේ ගල්වන්න

  • මුහුණ සේදූ විගස තෙත මාත්තු කරමින් ක්‍රීම් ගැල්විම මඟින් මුහුණේ සම සහ ක්‍රීම් ස්තරය අතර තෙතමනය හොඳින් පවත්වාගත හැකි බව ඔහු පවසයි. තත්පර 60 ට වඩා ක්‍රීම් ආලේප නොකර සිටින විට මුහුණේ වතුර ස්වභාවය ඉවත්වී ගොස් සමේ තෙතමනය අඩු වි යාමට ඉඩ ඇත.

3.වැක්ස් කරන දිනට පෙර මධ්‍යසාර පානය කිරීමෙන් වළකින්න

  • වැක්ස් කිරීමට පෙර මධ්‍යසාර පානය කිරීම එම කාර්ය වඩාත් වේදනාකාරි අත්දැකීමක් ඔබට ඇතිකරවනු ඇති අතර ඵලදායි ප්‍රතිඵල අඩු විය හැකිය.

4.පිහිනීමට පෙර හිසකෙස් තෙමන්න

  • පිහිනීමට පෙර හිසකෙස් තෙත් කිරිමෙන් හිසකෙස් වල මතුපිට සිවිය අතරේ ඇති කුඩා සිදුරු පිරීයන අතර මුහුදු ජලයේ ඇති ලුණු වලින් සහ පිහිනුම් තටාකය නම් එහි ඇති ක්ලෝරින් ජලයෙන් ඔබේ හිසකෙස් වලට සිදුවිය හැකි හානි වලින් ආරක්ෂාවක් ලබාදේ.

5.කොටන් පෑඩ් භාවිතා නොකරන්න

  • ඇඟිලි තුඩු වලින් රූපලාවන්‍ය නිෂ්පාදනය ගැල්වීම මඟින් නිෂ්පාදනය අපතේ යාම වළක්වාගැනීමට වගේම ඉන් ඔබේ සමට ලැබෙන උපරිම ප්‍රතිඵල වැඩි කරගත හැකිය. කොටන් පෑඩ් හෝ ස්පොන්ජ් වලට උරාගන්නා ප්‍රමාණය වැඩි නිසා අපතේ යාම වැඩිය. සමට භාවිතා කරන ටෝනර් හෝ ලෝෂන් වර්ග ගැල්විමේදී ද මෙය අදාළ වේ.

6.මේක්-අප් ගැල්වීමට පෙර ප්‍රයිමර් (primer)ගල්වන්න

  • ප්‍රයිමර් මඟින් ෆවුන්ඩේෂන් (foundation) හරහා සමට ලබාදෙන තෙතමනය ඉවත්වී නොයන සේ සමට ආරක්ෂාව ලබාදේ. එමෙන්ම සමේ සිදුරු ආරක්ෂා කිරීම සහ තෙල් සහිත සමක කුරුලෑ වැඩිවීමේ අවදානම අඩු කරමින් හොඳ නිමාවක් මේක්-අප් එකට ලබාදේ.

7.ඉස් හොරි දුරු කරවන ෂැම්පු කුරුලෑ මර්දනය කරයි

  • අනපේක්ෂිතව මුහුණේ හටගෙන ඇති කුරුලෑවකට වෙනත් සිදුකල හැකි ප්‍රතිකාරයක් නොමැති අවස්ථාවක එය මත ඔබේ anti-dandruff වර්ගයේ ෂැප්මු ස්වල්පයක් ගල්වා මුහුණ සෝදන්න. එහි අඩංගු Zinc pyrithione මඟින් කුරුලෑව සුවවීමට හොඳ ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි. නමුත්, මෙය දිනපතා භාවිතයට කිසිසේත්ම සුදුසු නැති බව මතක තබාගන්න. භාවිතයට පෙර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

8.වියළුණු පසු පාද ෂේව් කරන්න

  • පළමුව කකුල් වල මැරුණු සම ඉවත් කරගන්න. ඒ සඳහා සාමාන්‍ය ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න (උදා: බේකිං සෝඩා+ජලය). සෝදා අවසන් වූ පසු හොඳින් වියළෙන්නට හැර ෂේව් කරන්න. පසුව පාද වල මොයිෂ්චරයිසර් ක්‍රීම් වර්ගයක් හෝ aftershave නිෂ්පාදනයක් ගලවන්න. මෙම ක්‍රමය මඟින් සම ඇතුලතට රෝම වර්ධනය වීම සහ සමේ අපහසුතා ඇතිවීම අවම කරගත හැකිය.

9.හිසකෙස් අලංකරණය සඳහා ගැල්වූ රූපලාවන්‍ය නිෂ්පාදන හොඳින් ඉවත්කරගැනීමට බේකිං සෝඩා භාවිතා කරන්න

  • ෂැම්පු ගල්වා ස්නානය කිරීමෙන් හිසකෙස් අලංකරන නිෂ්පාදන සම්පුර්ණයෙන්ම ඉවත් නොවේ. ෂැම්පු ස්වල්පයක් අත්ලට ගෙන බේකිං සෝඩා තේ හැන්දක් එයට දමා මිශ්‍ර කර කෙස්කලඹේ ගල්වන්න. ස්ප්‍රේ, ජෙල් , ක්‍රීම් ආදි ආලේපිත ද්‍රව්‍ය හොඳින් ඉවත්වී යනු ඇත. මෙම සත්කාරය මඟින් කෙස් කලඹට පිරිසිදු සහ නැවුම් පෙනුමක් එක්වේ.

10.උදෑසන ආහාර ගැනීමට පෙර දත් මදින්න

  • රාත්‍රී නින්දේදි මුඛයේ විෂබිජ හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සක්‍රීය වී පවතියි. දත් නොමැද ආහාර ගැනීමෙන් ඒවා ආමාශගත වේ. එය සෞඛ්‍යයට හිතකර නැත. එබැවින් උදෑසන ආහාර ගැනීමට පෙර ඔබේ දත් මැද කට හොඳින් පිරිසිදු කරගන්න.මෙම පුරුද්ද අනුගමනය කිරීම සමට හිතකර බලපෑම් ලබාදෙන බව ඔහු පවසයි.

11.කාමර උෂ්ණත්වයේ පවතින ජලය භාවිතය ඉතා හිතකරය

  • සේදීමට මෙන්ම පානය කිරීමට වඩාත්ම සුදුසු වන්නේ කාමර උෂ්ණත්වයේ පවතින ජලයයි. ජලය අධික සිසිල් ව හෝ අධික උණුසුම් ව පවතින විට ඉන් ඔබේ සම විජලනයට පත්විම සහ වියළී යාම සිදුවිය හැක.

12.පොල් තෙල් හිසකෙස් සඳහා මෙන්ම සමට ඉතා හොඳ සත්කාරයකි

  • කුමන ආකාරයේ සමක් ඇති අයෙකුට වුවත් පොල් තෙල් කිසිඳු ගැටලුවක් නොමැතිව භාවිතයට ගත හැක. ෆේස් මාස්ක් එකක් ලෙස, බොඩි ක්‍රීම් එකක් ලෙස හෝ නියපොතු සඳහා හොඳ සත්කාරයක් ලෙස භාවිතා කල හැකිය. පොල් තෙල් යනු හොඳ ස්වභාවික තෙතමනකාරකයක් වන අතර හිසකෙස් අලුත්වැඩියා කරමින් නීරෝගි වර්ධනයක් ඇතිකරවයි.

13.SPF සහිත ෆවුන්ඩේෂන් භාවිතා නොකරන්න

දිනපතා සන් ක්‍රීම් නිෂ්පාදනයක් හෝ SPF ආරක්ෂාවක් ලබාදෙන දිවා කාලය සඳහා භාවිතා කරන ක්‍රීම් එකක් (day cream) භාවිතා කරන්නේ නම් ඔබට තවත් ෆවුන්ඩේෂන් නිෂ්පාදනයක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැත. ගැල්වූ විට ෆවුන්ඩේෂන් නිෂ්පාදනය තවත් ඝනකම් කර පෙන්විය හැකිය. එය සමට හිතකර නැත,