Hela Rahas

Hela Rahas Official Web Portal

තරුණ පෙනුමක් ලබාදෙන රූපලාවන්‍ය සත්කාර 7 ක්

වයස්ගත වන විට මුහුණ ‍රැළි වැටීම, රේඛා මතුවිම, ලප කැලැල් ඇතිවීම වැනි ගැටලු හටගනියි. මේ සඳහා සිරුරේ ස්වභාවික වියපත් වීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් හේතුසාධකි වුවත් අපට ඒවා වැළැක්විය නොහැක. නමුත් සම වියපත් වීම කෙරෙහි බලපාන තවත් සාධක ඇති අතර බාහිර සාධක වන මේවා (පරිසරය හා අපගේ එදිනෙදා ජීවන රටාව) මඟින් අප සමට ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීමට කටයුතු කල හැකිය.සමේ සුන්දරත්වය ආරක්ෂා කරගැනීම සඳහා බාහිර සත්කාර ලෙස ඔබට භාවිතා කල හැකි, ඔබේ පෙනුමේ තරුණ බව වැඩිකරවන අපූරු රූපලාවන්‍ය සත්කාර 7 ක් ගැනයි මේ.

1.කැරට් + බිත්තර මාස්ක් සත්කාරය

  • බිත්තරයක් හොඳින් ගසාගන්න. එයට අඹරාගත් කැරට් අලයක් එක්කරන්න. මිශ්‍ර කර මුහුණේ ආලේප කර මෘදුව සම සම්බාහනය කරන්න. මුහුණට මෙන්ම ගෙල ප්‍රදේශයට ද සත්කාරය ලබාදෙන්න. මිනිත්තු 30 ක් පමණ මුහුණේ තබා සීතල ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. තෙත මාත්තු කර මොයිෂ්චරයිසිං ක්‍රිම් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් මුහුණේ හා ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.
  • එක දිකට දින 10 ක් පමණ මෙම සත්කාරය සිදුකරන්න. ඉන් පසුව සතියක් එය සිදුකිරීම නවතා සිටින්න. නැවත එලඹෙන සතියේ සිට වාර 2-3 ක් පමණ එය නැවත සිදුකරන්න. මාසයක් ගත වූ පසු මුහුණේ සම වියපත් වීම නිසා හටගන්නා ලප කැලැල් දුරු වී ගොස් සම මෘදු හා නැවුම් පෙනුමකට පත්වී ඇති අයුරු ඔබට අත්දැකිය හැකි වනු ඇත.

2.පාස්ලි මාස්ක් සත්කාරය

  • වියළා කුඩු කරගත් පාස්ලි තේ හැඳි 1 ක් හා ලෙමන් යුෂ තේ හැඳි එකක් ඕට්ස් තේ හැඳි එකක් සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න. අනතුරුව සීතල ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. ඔබේ සම තෙල් අධික හෝ සාමාන්‍ය සමක් නම් මෙම සත්කාරය දවසක් ඇර දවසක් සිදුකරන්න. ඔබට ඇත්තේ වියළි සමක් නම් සතියකට වාර 2 ක් පමණ මෙය සිදුකිරීම ප්‍රමාණවත්ය.මෙමඟින් සම දීප්තිමත් කරවමින් ,සමට හොඳ තෙතමනයක් ලබාදී සම මෘදු කාර්යි.

3.කෙසෙල් මාස්ක් සත්කාරය

  • ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කරගන්න. ඔබේ සම වියළි නම් එයට සවර් ක්‍රීම් ස්වල්පයක් ද එක්කරගන්න. කෙසෙල් තලපය මුහුණේ ආලේප කර මිනිත්තු 20-30 ක් පමණ තිබෙන්නට හැර සීතල ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. සතියකට වාර කිහිපයක් පමණ මෙම සත්කාරය සිදුකරන්න. මෙමඟින් සම නැවුම් පෙනුමකට පවත්කරවන අතර සම නීරෝගි කිරීම ද සිදුකරයි. සමේ කැලැක් දුරුකරවන ‘සොෆ්ට් පීල්’ සත්කාරයක් ලෙස ක්‍රියාකරයි.

4.මුහුණ ‍රැළි වැටිම වළකන ෆේස් ජිම්නාස්ටික්

  • පහසු සහ ආරක්ෂිත ව්‍යායාම මගින් අපගේ සම තරුණ හා ලස්සන ලෙස තබා ගැනීමටත් රැළි පෙනුම වළක්වා ගැනීමටත් උපකාරී වේ. ඒ නිසාම මුහුණ සඳහා සිදුකරන යෝගා නැතිනම් ජිම්නාස්ටික් ක්‍රම අද කාලයේ ජනප්‍රිය වෙමින් පවතියි. මෙම ව්‍යායාම සෑම දිනකම හෝ අවම වශයෙන් සතියකට 4-5 වතාවක් කළ යුතුය. පළමුව ඔබේ මුහුණ සහ අත් පිරිසිදු කිරීමට අමතක නොකරන්න.
  • ඇස් වටා ඇති ප්‍රදේශය ගැන සැලකිලිමත් වීම.ඔබේ දබර ඇඟිලි ඔබේ ඇහි බැමි යට සහ මාපටැඟිලි ඔබේ ඇස් යට තබන්න. ඉහළ බලා ඇහිබැම ඔසවන්න. සෙමින් ඇස් වසන්න. එකවරම ඉහළ හා පහළ ඇහි පියන් වැසිය යුතුය. මෙම ව්‍යායාමය කිහිප වතාවක් නැවත නැවත කරන්න.
  • නළලේ තිරස් රැළි සුමට කිරීම.අත් දෙකෙහි දබර ඇඟිලි ඇහි බැම වලට වඩා මිලිමීටර කිහිපයක් ඉහළින් තැබිය යුතුය. ඇහි බැම චලනය කිරීමට නොහැකි වන පරිදි ඇඟිලි තුඩු සමට තදින් තද කරන්න. රවන විට දී මෙන් ඇහිබැමි නළල දෙකෙළවර දක්වා අදින්න. එසේ තත්පර 5 ක් පමණ ‍රැඳි සිටින්න. ඉන් පසුව සැහැල්ලුවන්න. මෙම ව්‍යායාමය වාර 3 ක් පමණ නැවත සිදුකරන්න.
  • නළලේ සිරස් රැළි ඉවත් කිරීම.ඔබේ ඇඟිලි ඔබේ ඇහි බැමි හා නළල මත තද කර සම ඇදීමට ලක් කරන්න. රවනවාක් මෙන් ඇහිබැමි නළල දෙකෙළවර දක්වා අදින්න. එසේ තත්පර 15-20 ක් පමණ ‍රැඳි සිටින්න. ඉන් පසුව සැහැල්ලුවන්න. මෙම ව්‍යායාමය වාර 3 ක් පමණ නැවත සිදුකරන්න.

5.ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය

  • ඇපල් සයිඩර් විනාකිරි වල අඩංගු ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල සම වියපත් වීම නිසා හටගන්නා අඳුරු ලප කැලැල් දුරුකිරීමට විශේෂිත ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි. කැලැක් සහිත ස්ථාන මත විනාකිරි ස්වල්පයක් ආලේප කර රාත්‍රියේ නින්දට යන්න. සම වියළීම වළක්වාගැනීමට ඒවා පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් සමඟ ආලේප කරන්න.

6.එඬරු තෙල්

  • එඬරු තෙල් හෙවත් කැස්ටර් තෙල් වල සම සුවපත් කිරීමේ ගුණ ඇත. සම මත ස්වල්පයක් ගල්වා හොඳින් සම්බාහනය කරන්න. මෙය දිනපතා උදෑසන හා සවස් කාලයේදි සිදුකරන්න. මාසයකින් පසු ඔබේ මුහුණේ කැලැල් ස්වභාවය බොහෝ දුරට අඩු වී ගොස් ඇති අයුරු ඔබට දැකිය හැකි වනු ඇත.

7.විටමින් C

  • සමේ විටමින් C ඌන වීම නිසා සම වියපත් වීමට පටන්ගනියි. විටමින් C යනු සමේ නීරොගි පැවැත්මට අත්‍යාවශ්‍ය පෝෂකයකි. විටමින් C බහුල ආහාර පාන ලබාගැනීම හා විටමින් V අඩංගු ද්‍රව්‍ය භාවිතයෙන් සමේ මැරුණු සෛල ඉවත්කිරීමේ සත්කාර සිදුකරගැනීම මඟින් සමට අවශ්‍ය පදාර්ථ පෝෂණය සපුරාගත හැකිය. එවැනි සත්කාර මඟින් සමේ අවපැහැගැන්වීම් හා ‍රැළි වැටීම් දුරු කර සමට හොඳ දීප්තිමත් පෙනුමක් ලබාදෙනු ඇත.