Hela Rahas

Hela Rahas Official Web Portal

අතීතයේ කාන්තාවන් රුව ‍රැකගැනීමට භාවිතා කල අමුතු ක්‍රම 10 ක්

සුන්දරත්වය ‍රැකගැනීම සඳහා කාන්තාවන් පිරිමි අයට සාපේක්ෂව හරිම උනන්දුයි. ඉතින් මේ උනන්දුව වර්තමානයේ ජීවත් වන කාන්තාවන් තුල පමණක් නොව ඉතා අතීතයේ පටන්ම පැවත එන්නකි. ඊට හොඳම සාක්ෂියක් සපයන අපූරු පුවතක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. ලස්සන කියන්නේ කාන්තාවකගේ පෞරුෂත්වයේම කොටසක් කියලා කියන්න පුලුවන්. ඒ නිසාම ලස්සන ‍රැකගන්න ඇතැම් කාන්තාවන් විසින් උත්සාහ නොකර දෙයක් නැහැ වගේම වැය වන මුදල ගැන සිතන්නේත් නැහැ.

1920-1950 දශක තුලදි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විවිධ විලාසිතා උදෙසා නව නිර්මාණ ‍රැසක් බිහිවෙමින් පැවති කාලයක් විය. එසේ කරළියට ආ රූපලාවන්‍ය ක්‍රම අද වන විට ජනප්‍රිය භාවිතයෙන් අමතක වී ගොස් තිබෙනවා.එසේ වූයේ වාසනාවකට යැයි සිතෙන තරම් එම ක්‍රම අපේ සෞඛ්‍යයට හානිකර බව පසුකලෙක අනාවරණය වී තිබෙනවා. ඉන් ක්‍රම කිහිපයක් ගැන තොරතුරු අද අප ඔබට ගෙන ආවෙමු. මේ ඒ ආකාරයේ සමහර කාන්තාවන් භාවිතා කල පිස්සු හැදෙන අමුතු රුව ‍රැකගැනීමේ ක්‍රම කිහිපයක එකතුවකි.

1.The beauty micrometer’ (මයික්‍රෝමිටරය)

  • මෙම විශේෂ උපකරණය නිරූපණ ශිල්පීන්ගේ මුහුණේ ඇති අසමමිතික ලක්ෂණ, දෝෂ සහ අසමානකම් හඳුනාගැනීමට උපකාරී වී ඇත. මෙම රූපලාවන්‍ය මයික්‍රෝමීටරය භාවිතා කල පසු අදාල පුද්ගලයාගේ මුහුණේ වෙනස්කම් ඇතිකල යුතු තැන් මොනවාද, භාවිතා කල යුතු මේක්-අප් නිෂ්පාදන මොනවාද යන්න තීරණය කිරීම පහසු ය. කාන්තාවකගේ හිස මත මෙය සවිකිරීමට ඉස්කුරුප්පු ඇණ හා කම්බි අවශ්‍ය වී ඇත. මෙම හිස්වැස්ම හොඳින් සවිකරගැනීමට ආකාර 325 කින් උත්සහ කල හැක. මෙම කබි තෙරපමින් නිසි හැඩය ගැන අවබෝධයක් ගැනීමට උත්සහ කරන අවස්ථාවලදි කාන්තාවට දැඩි අපහසුවක් ඇතිවීමට හැකිය. මෙම උපාංගය භාවිතයට ලක්වුණු කාන්තාවන් බොහෝ දෙනෙකුට වේදනාකාරි හිසරදයන් වලට ගොදුරු වීමට සිදුවූ බව සඳහන් වේ.

2.The hair waver’ (කොණ්ඩය ‍රැළි කරන උපාංගයක්)

  • රැළි සහිත කෙස්කලඹකට කැමති අයට කෙස් ස්ථීරව ‍රැළි කරදෙන උපාංගයකි. පළමුජ්ව කෙස්කලඹට රසායනික ද්‍රාවණයක් ගල්වන අතර පසුව මෙය ක්‍රියාකරවන්නා විසින් උණුසුම් ‍රැළිකරවන උපකරණ වල කෙස් ‍රැළි එතීම සිදුකරයි.ඒවා හිස්කබලට අතිශයින් සමීපව පිහිටයි. මෙම ක්‍රමය නිසා කෙස්කලඹට දැඩි ලෙස හානි සිදුවේ;එමෙන්ම සෞඛ්‍යයට හිතකර නැත. නමුත් ඒ කාලයේ බොහෝ කාන්තාවන් මේ උපකරණය ඇබ්බැහියකින් වාගේ භාවිතා කිරීමට පුරුදු වි සිට ඇති අතර මෙය එකළ ජනප්‍රිය විලාසිතාවක් ව පැවත ඇත.

3.Hangover heaven’ (සම නැවුම් කරගත හැකි ක්‍රමයක්)

  • ප්ලාස්ටික් කොටස් වලට අයිස් ජලය පුරවා භාවිතා කර තිබු මෙම මාස්ක් එක යොදාගෙන ඇත්තේ නිරූපිකාවන්ගේ මේක්-අප් එක විනාශ නොවූ නැවුම් පෙනුම ආරක්ෂා වන පරිදි මුහුණට ලබාදෙන සත්කාරයක් ලෙසය. මීය මුහුණ නැවුම් කරවන ක්‍රමයක් ලෙස ද බොහෝ අය භාවිතා කර ඇත. අධික මත්පැන් පාන නිසා සහ නින්දෙන් පසුදා අවදි වන විට මුහුණ ඉදිමී තිබීම අඩු කරවීමට අයිස් කැට බොහෝ ප්‍රයෝජනව්ත් නිසා මෙයට Hangover heaven නම ලැබී ඇත. දිගු වෙලාවක් මුහුණේ තබගෙන සිටීමෙන් ෆ්‍රොස්ට්බයිට් හෙවත් අධික සීතලට සම තුවාල වීම පවා සිදුවිය හැක.

4.The freckles remover’ (සමේ දුඹුරු ලප ඉවත්කරනයක් )

  • අද කාලයේ ස්ථීර ප්‍රතිකර්ම හරහා මෙසේ දුඹුරු තිත් සමේ වර්ධනය කරගැනීමට ඇතැම් තරුණියන් උනන්දු වී තිබෙනවා. නමුත් අතීතයේ කාන්තාවන් විසින් ඒවා සමේ දෝෂයක් ලෙසයි හඳුනාගෙන තිබි ඇත්තේ. නිකැලැල් සමක් සඳහා බොහෝ කාන්තාවන් මේ ක්‍රමය භාවිතා කර තිබේ. කාන්තාවගේ මුහුණේ යම් රසායනික දියරයක් ගල්වා , රසායනික පිලිසසුම් ඇති නොවන පරිදි ඇස්,නාස් පුඩු හා කට වැසෙන ආකාරයේ ගැජට්‍ටුවකින් ආවරණය කරමින් මෙම ප්‍රතිකාරය ලබාදේ. සතියකින් එම කැලැල් ඉවත්වි යන ආකාරයේ සත්කාරයක් බව සඳහන් වේ. නමුත්, මෙය භයානක ක්‍රියාවලියක් බවයි බැලූබැල්මට පෙනෙන්නේ.

5.The glamour bonnet’ (සම තරුණ කරගැනීමට භාවිතා කල ක්‍රමයක්)

  • හෙල්මට්‍ටුව තුල අඩු වායුගෝලීය පිඩනයක් පවතින අතර ඉන් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලියට දායකත්වයක් ලබාදිම අපේක්ෂා කර ඇත.මින් සම නැවුම් කරවමින් සවිමත් හා තරුණ බවක් එයට ලබාදෙන බව සිතා බොහෝ අය උත්සහ කල ද මෙම උපාංගය නිසා අතුරු ආබාධ වලට ලක්වූවන් සිටිති. මෙය සක්‍රිය කර තිබෙන විට එම පුද්ගලයාට දැනෙන්නේ තමන් උස් කන්දක් නගිමින් ඉන්නා විට හෝ ඉහළ අහසේ ගුවන් යානයක ගමන් කරමින් සිටින විට දැනෙන හැඟීමට සමාන එකක් බව සඳහන් වේ. බොහෝ දුර්වල සුරූපී කතුන් මෙය භාවිතා කරමින් සිටින අතරතුරේදි සිහිසුන් වී ඇදවැටීම හෝ අසනීප තත්වයන්ට පත්ව ඇති බව සඳහන් වේ.

6.Warming mask’ (මුහුණට ලබාදුන් මාස්ක් සත්කාරයක්)

  • තාපය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලියට දායකත්වයක් සැපයීම මෙම සත්කාරයේ අරමුණ වි ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සම සුමුදු හා නීරෝගි වන බව විශ්වාසය විය. මෙය හිතකර අදහසක් වුවත් මාස්ක් එකේ නිමැවුම සෞඛ්‍යාරෂිත එකක් නොවීය. උපරිම තාපයට වැඩිකිරීම නිසා කාන්තාවන්ගේ සමට පමණක් නොව සමස්ත සෞඛ්‍යයටම හානිකර තත්වයන් හටගත හැකි බව පැවසේ.

7.Dimple machine’ (මුහුණේ වලගැසුණු ස්වභාවයක් ඇති කරන උපාංගයක්)

  • මුහුණේ වලගැසුණු ලක්ෂණය ඇතිකරගැනීමට උපතිනම් එවැනි පිහිටීමක් නැති බොහෝ කාන්තාවන් ආස කරති. ඉසබෙලා ගිල්බර්ට් විසින් එයට පිළිතුරක් ලෙස මෙම උපකරණය නිපදවන ලදි. එය ක්නොබ් දෙකක් සහිත ස්ප්‍රින්ග් එකකින් සමන්විතය.එම ක්නොබ් දෙක මුහුණේ කම්මුල් මත තද වී ‍රැඳේ. දින කිහිපයක් මෙසේ එය පැලඳි පසු මුහුණේ ස්වභාවික ඒවාට සමාන ඩිම්පල් ස්වභාවයක් මතුවනු ඇති බව ඇය සඳහන් කර තිබේ. නමුත්,ආහාර සපන විට එය පැලඳසිටීම ඉතා අපහසුකාරි අත්දැකීමක් වි ඇත. එමෙන්ම කාලයක් ගත වන විට යටි දත් පෙළ ඉහළ දත් වලට පිටින් වර්ධනය වීමට පටන්ගත හැකි අවදානමක් තිබී ඇත.

8.Nose corrector’ (නාසය ක්‍රමවත්ව හැඩකරන උපාංගයක් )

  • සැත්කමක් නොකර නාසේ හැඩය අලංකාර කරගත හැකි බවයි මෙම උපාංගයේ වෙළඳ දැන්වීම් වල සඳහන් වී ඇත්තේ. එහිදි සිදුකරන්නේ නාසය මත තෙරපීමක් සිදුකිරීමය. විශාල නාසයක් සිහින් හා සෘජු පෙනුමකට ගෙන එයි. නමුත් එම බලපෑම පවතින්නේ ඉතා කෙටි කාලයකට පමණි.

9.Radium cream’ (විෂ ක්‍රීම් වර්ගයක්)

රේඩියම් යනු ඉතා භයානක රසායනයක් බව වර්තමානයේ අප බොහෝ දෙනා දැනුවත්. නමුත් අතීතයේ භාවිතා වී ඇති මෙම ක්‍රීම් වර්ගය සකසා ඇත්තේ රේඩියම් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කරමිනි. නිෂ්පාදනකරුවන් තම වෙළඳදැන්වීම් හරහා මෙම නිෂ්පාදනය හරහා සම නැවත තරුණ කරවමින් රේඩියම් මඟින් මැජික් ක්‍රමයකට සම සුපිරිසිදු කරවන බව පෙන්වාදී තිබී ඇත.

10.Scalp massager’ (හිස්කබල සම්බාහනය කරන උපකරණයක්)

මෙම ඉලෙක්ට්‍රික් වයිබ්‍රේටර් උපකරණය තැටි 4 කින් සමන්විත වන අතර මෘදු ලෙස හිස්කබලට සම්බාහනයක් ලබාදේ. එය නිපදවා ඇත්තේ හිසේ රුධිර සංසරණ ක්‍රියාවලිය උත්තේජනය කිරීම, හිසකෙස් වේගයෙන් වර්ධනය කරගැනීම සහ හිසකෙස් වැටීම වැළැක්වීම සඳහාය.