Hela Rahas

Hela Rahas Official Web Portal

බොහෝ දෙනෙකු නොදන්නා රූපලාවන්‍ය රහස් 10 ක්

පෙනුම ගැන හිතන්න වත් කාලයක් නොමැති තරම් මේ කාලයේ හැමෝම හරිම කලබලකාරී කාර්යබහුල ජීවිත තමයි ගත කරමින් ඉන්නේ. ඉතින්, ඔබේ වටිනා කාලය ඉතිරි කර ගනිමින් ඔබේ ලස්සන පවත්වාගෙන යන්නට ඔබට උපකාරි වන රූපලාවන්‍යය රහස් කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.සුන්දර පෙනුමක් ලබාගන්න බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන සහා උපකරණ වෙනුවෙන් දහස් ගනණින් මුදල් වැය කිරීමට අවශ්‍ය නැහැ ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරදෙන ලස්සන රහස් කිහිපයක් ගැන පහත දැක්වේ.

1.මුහුණේ ඉදිමුණු ස්වභාවය අඩුකරගනිමින් මුහුණට නැවුම් පෙනුමක් ලබාගැනිම සඳහා ලුණු වතුර සත්කාරයක්

  • ලුණු ස්වල්පයක් ජලයේ දියකර (ලුණු සාන්ද්‍රණය වැඩිවිය යුතුයි), පිරිසිදු තුවායක් එම ද්‍රාවණයෙන් පොඟවාගන්න. දැන්, එම තුවායෙන් ඔබේ මුහුණ මිනිත්තු 10 ක් පමණ ආලේපකරමින් සම්බාහනය කරන්න.

2.පිරිපුන් ආකර්ෂණිය දෙතොලක් ලබාගැනීමට

  • ඔබ භාවිතා කරන ලිප් බාම් වර්ගය හෝ පීච් තෙල් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් දෙතොල් මත ආලේප කරගන්න. දැන්, බුරුසුවක් ගෙන දෙතොල් මත මිනිත්තුවක් පමණ මෘදුව ඇතිල්ලීම සිදුකරන්න.

3.සමේ තෙතමනය සහිත දිදුලන පෙනුමකට ඔලිව් තෙල් සත්කාරයක්

  • ඔලිව් තෙල් ගල්වමින් මුහුණ සම්බාහනය කිරීමෙන් සම පිරිසිදුවීම, සුමුදු වීම සහා ඒකාකාරි ස්වභාවයකට පත්කරගත හැකියි. මුළින්ම, ඔබේ මුහුණට හොඳින් වාෂ්ප අල්ලන්න. ඉන්පසුව, ඔලිව් තෙල් ආලේප කරගනිමින් මිනිත්තු 7 ක් පමණ ඔබේ මුහුණ හොඳින් මෘදුව සම්බාහනය කරන්න.සෑම දින 4-5 කට වරක්ම මෙම සත්කාරය සිදුකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

4.සමේ ප්‍රදාහය(ඉදිමුම) ඇතිවීම සහා කුරුලෑ හටගැනීම් අවම කරගැනීමට මී පැණි සත්කාරයක්

  • කුරුලෑ මත මි පැණි ගල්වා මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න. මෙමඟින් කුරුලෑ වල විශාල බව අඩු කරගැනීමට උපකාරි වේ.

5.මුහුණ ඉදිමීම අවම කරගැනීමට Eye drops භාවිතා කල හැකියි

  • සමේ ඉදිමුම ඇතිකරමින් කුරුලෑ මතුවීම බොහෝ කාන්තාවන් හට මහත් ගැටලුවක් වී ඇත. ඒ සඳහා සරල ප්‍රතිකර්මයක් ලෙස: කොට්න් පෑඩ් එකක් eye drops වලින් පොඟවාගෙන මිනිත්තු 3-5 ක් පමණ අධි ශීතකරණයේ තබන්න. ඉනප්සුව, එය පිටතට ගෙන ඔබේ සමේ ඉදිමී ඇති තැන්වල එය මෘදුව තෙරපන්න. මෙමඟින් ඉලිප්පී ඇති කුරුලෑ ස්වභාවයන් ඉවත් වී යයි.

6.ස්වභාවික Make-up remover එකක්

  • පිරිසිදු ජලය සහා ඔලිව් තෙල් 3: 1 අනුපාතයෙන් ගෙන වීදුරු බෝතලයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙම ද්‍රාවණය භාවිතා කරමින් ඔබේ මුහුණ පිරිසිදු කරගන්න.

7.සම ඇතුලත දෙසට වර්ධනය වූ රෝම කූප (ෂේව් කිරීමෙන් ඉතිරිවන කොටස්) ඉවත් කරගැනීමට බේකිං සෝඩා සත්කාරයක්

  • බඳුනක් ගෙන එයට බේකිං සෝඩා තේ හැඳි 1 ක් , කුඩු කරගත් ඕට්ස් තේ හැඳි 1 ක් සහා ජලය මේස හැඳි 1 ක් දමා මිශ්‍රණයක් සකසාගන්න.මෙම මිශ්‍රණය සම මත ආලේප කර මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, උණු ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

8.ඇස් වටා අඳුරු බව සහා ඇස් යට එල්ලා වැ‍ටුණු ස්වභාවය ඉවත් කරගැනීමට බේකිං සෝඩා වලින් ප්‍රතිකාරයක්

  • බේකිං සෝඩා තේ හැන්දක් උණුසුම් ජලය හෝ තේ කෝප්පයකට එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න.කොට්න් පෑඩ් එකක් ගෙන මෙම මිශ්‍රණයේ පොඟවාගනිමින් ඒවා ඔබේ ඇස් වටා ආලේප කරගන්න.මිනිත්තු 10-15 ක් පමණ සම මත තිබෙන්නට හැර මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව මොයිෂ්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරගන්න. මෙම සත්කාරය දිනපතා සිදුකිරීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

9.නීරෝගි දිදුලන කෙස් කලඹකට කෙසෙල් වලින් මාස්ක් එකක්

  • මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කෙසෙල් ගෙඩියක්, බිත්තරයක්, මි පැණි තේ හැඳි 1 ක් සහා බියර් (dark beer) විදුරු 1/2 ක්. බඳුනක් ගෙන මෙම අමුද්‍රව්‍ය එයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෘදු මිශ්‍රණය ඔබේ හිසකෙස් වල ගල්වා පැය 2 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, උණුසුම් ජලයෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. සතියකට එක් වරක් බැගින් මෙම හිසකෙස් සත්කාරය සිදුකරන්න. ප්‍රතිඵල ඔබව විශ්මයට පත්කරාවි!

10.ඇහි පිහා‍ටු වඩාත් දිගු ලෙස වර්ධනය කරගැනීමට පොල් තෙල් සහා ලැවෙන්ඩර් තෙල් මිශ්‍ර සත්කාරයක්

  • පොල් තෙල් තේ හැඳි 1/2 ක් සමඟ ලැවෙන්ඩර් එසෙන්ෂියල් ඔයිල් බිංදු 2-4 ක් පමණ එකතු කරගනිමින් මිශ්‍රණයක් සාදා ගන්න.කොටන් බඩ් එකක් ආධාරයෙන් මෙම මිශ්‍රණය ඔබේ ඇස් පිහා‍ටු වල මුල සිට අග දක්වා ආලේප කරගන්න. සතියකට තෙවරක් පමණ මේ සත්කාරය සිදුකරන්න. මෙම සත්කාරය මඟින් ඔබට කාලයක් ගත වන විට වඩාත් ඝනකමින් යුත් දිගු ඇස් පිහා‍ටු වර්ධනය කරගත හැකිය.