Hela Rahas

Hela Rahas Official Web Portal

කවදාවත් නොකළ යුතු රූපලාවන්‍ය උපක්‍රම 13ක්

ලාබ සහ ඉක්මන් රූපලාවන්‍ය උපක්‍රම අන්තර්ජාලයෙන් අපට නිතර දක්නට ලැබෙනවා. නමුත් ඒවායින් ඇතැම් උපක්‍රම ඇත්තටම ප්‍රතිඵල සහගත ද කියලා හිතෙන තරමට ඒවා අමුතුයි. ඒ ආකාරයෙන් අපට හමුවුණු රූපලාවන්‍ය උපක්‍රම කිහිපයක සාර්ථක ආසාර්ථක බව ගැන සොයාබලන්නට අප සිතුවා.

1.කුඩා වීදුරුවක් ආධාරයෙන් තොල් වල පිරිපුන් බව වැඩිකරගත හැකි බව

  • කුඩා වීදුරුවක් තොල් මත තබා කටින් හුස්ම ගත් විට තොල් මහත් වන බව ජනප්‍රිය අන්තර්ජාල උපදෙසකි. එසේ කල විට තොල් රතු පැහැ වි මදක් ඉදිමෙනු ඇත. තදින් උත්සාහ කලේ නම් කට තුවාල වීමට පවා ඉඩ ඇත. නමුත්, එය සාර්ථක නැත.

2.ඇස් යට අඳූරු තැන් ලිප්ස්ටික් (lipstick)භාවිතයෙන් වැසිය හැකි බව

  • ඇස් වටා අඳුරු බව නැතිකරගැනීමට ලිප්ස්ටික් ස්වල්පයක් ගල්වා බේස් පවුඩර් (base powder) ස්වල්පයකින් ආවරණය කිරීමෙන් ඒවා පිටතට පෙනෙන ස්වභාවය අඩුකරගත හැකි බව සඳහන් වේ. නමුත් එසේ කල විට අඳුරු බව වැසිගිය ද ලිප්ස්ටික් රතු පැහැය කැපී පෙනෙන්නට පටන්ගනියි.මෙය සාර්ථක නැත.

3.නූලක් ආධාරයෙන් අයි ලයිනර් (eyeliner) ගැල්විය හැකි බව

  • සිහින් නූලක් ගෙන එහි මස්කාරා (mascara) ආලේප කර ඇහි පිය මත සීරුවෙන් ඉරක් ආකාරයෙන් ගැල්වීමෙන් අයි ලයිනර් අලංකාරව ආලේප කරගත හැකි බව සඳහන් වේ. නමුත් සෘජු ලෙස, මත නොගෑවි මස්කාරා ගල්වාගැනීම අපහසුය.මෙය සාර්ථක නැත.

4.නාසය මේක්-අප් කිරිමේදි ගෑරුප්පුවක් ආධාරයෙන් කන්ටූර් (contour) කල හැකි බව

  • ගෑරුප්පුවක් භාවිතා කරමින් සෘජුව හා සමමිතිකව නාසය හැඩ කරගත හැකි බව තවත් ජනප්‍රිය උපක්‍රමයකි. මෙහිදි එම රේඛා සුක්ෂම සියුම් වන තරමට අලංකාරවත් බව ආරක්ෂා වේ. සාර්ථක ක්‍රමයක් වුවත් අතේ හුරුව සහ ගැලපෙන ලෙස වර්ණ යොදාගැනීම මත එහි ආකර්ෂණීය නිමාව තීරණය වේ.

5.පාට පැන්සල් අයි ලයිනර් (eyeliner) ලෙස භාවිතා කල හැකි බව

  • උණුවතුරේ ස්වල්ප වේලාවක් පාට පැන්සල් පොඟවා තබා ඒවා අයිලයිනර් ලෙස භාවිතා කල හැකි බව සඳහන් වේ. නමුත් වෛවර්ණ ස්වභාවය නිසා මේක්-අප් එක වඩාත් දීප්තිමත් වැඩි බවක් පෙනිය හැක. රේඛාවන් පහසුවෙන් ඇඳගත හැකි වුවත් වියළි ගිය පසු ඒවා කුඩු ස්වභාවයකට පත්වේ. මෙය එතරම් සාර්ථක නැත.

6.බ්ලෂර් (blusher) වෙනුවට බීට් රූට් භාවිතා කල හැකි බව

  • ස්වභාවික බ්ලෂර් එකක් ලෙස බීට් රූට් පෙති කම්මුල් වල ගැල්විය හැකි බව තවත් උපදෙසකි. එසේ ගැල්වීමෙන් කම්මුල් තද රතු පැහැයක් ගත හැකිය් වගේම දීප්තිමත්ව පෙනෙනවා වැඩිය. එමෙන්ම මුහුණෙන් ඉවත්කිරීමටද පහසු නැත. යම්තාක් දුරකට සාර්ථක වුවත් සාමාන්‍ය ක්‍රමය භාවිතා කිරීම වඩාත් සුදුසුය.

7.ඉක්මනින් සහ සරල ස්ක්‍රක් එකක් ලෙස ෂේවිං ක්‍රීම් (shaving cream)භාවිතා කල හැකි බව

  • සීනි සමඟ ෂේවිං ක්‍රීම් ස්වල්පයක් මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස මුහුණේ ගල්වා ඇතිල්ලීමෙන් සම හොඳින් පිරිසිදු කරගට හැකි බව පැවසේ. නමුත්, මෙම ක්‍රමය ප්‍රතිඵල සහගත නැත. ඉන් සිදුවන්නේ නාස්තියක් පමණි. සාමාන්‍ය සා ස්වභාවික ස්ක්‍රබ් සත්කාරයක් සිදුකරගැනීම ලාභදායි මෙන්ම ප්‍රතිඵලදායී වේ.සාර්ථක ක්‍රමයක් නොවේ.

8.නියපොතු සුදු කිරීමට ලෙමන් යුෂ භාවිතා කල හැකි බව

  • තද නිය ආලේපන වර්ණ නිසා නියපොතු කහ පැහැයට හැරිය හැකිය. එවැනි නිය පිරිසිදු කරගැනීමට කපු පුලුන් ලෙමන් යුෂ වල පොඟවා නිය මත තබා වෙළුම් පටි වලින් ආවරණය කර මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැරීමෙන් කහ පැහැති ගතිය ඉවත් වී නිය සෞදු වන බව පැවසේ. නමුත්, එය ප්‍රායෝගිකව සිදුකල ද නිය පැහැය වෙනස් වි නැති බව ඔබට පෙනෙනු ඇත. එය එතරම් සාර්ථක නැත.

9.ක්‍රෙඩිට් කාඩ් එකකින් අයි ලයිනර් ගැල්විය හැකි බව

  • ඇස් රේඛා ඉක්මනින් ඇඳගත හැකි ක්‍රමයක් ලෙස හැඳින්වුවද එසේ ඇස් හැඩ කල විට රේඛා වල කෘතිම ගතියක් ඉස්මතු වී පෙනේ. එමෙන්ම ඒවා සෘජු බවින් වැසිය. මෙම ක්‍රමයෙන් අපේක්ෂිත තරමේ ලස්සන නිමාවක් නොලැබිය හැකි නිසා සාර්ථක බවින් අඩුය.

10.ඇහි බැමි හැඩ කරගැනීමට ගම් ටේප් භාවිතා කල හැකි බව

  • සෘජු ලෙස ඇහි බැමි හැඩකරගැනීමට මෙසේ ගම් ටේප් අලවා මැද කොටස් පැන්සලකින් වර්ණ ගැන්වීම සිදුකිරීමෙන් ඒවා ස්වභාවික නොවන , අනවශ්‍ය ලෙස සෘජු වූ කෝණාකාර ස්වභාවයකට පත්වේ. ඉන් මුහුණේ සුන්දරත්වයට හානි විය හැකියි. මෙය අපේක්ෂිත ආකාරයෙන්ම ප්‍රතිඵල ලෙස සාර්ථක ක්‍රමයක් නොවේ.

11.ලෙමන් සහ කුරුඳු කුඩු මාස්ක්

  • ලෙමන් වල අඩංගු සිට්‍රික් අම්ල නිසා සම මත ප්‍රබල පිලිස්සුම් තුවාල ඇතිවිය හැකියි. ඇතැම් පුද්ගලයින් හට කුරුඳු ආසාත්මිකතා මතුකරවයි. එබැවින් මෙම සුසංයෝගය බොහෝ විට අවදානම් සහගතය. එබැවින් අන්තර්ජාලයේ ඔබ දකින දෑවල් සොයාබැලීමකින් තොරව අනුගමනය නොකිරීමට ප්‍රවේශම් වන්න! ඉන් බොහෝමයක් ඒවා ප්‍රයෝජනවත් බවින් තොරය.

12.සබන් වලින් දත් මැදීමෙන් ඒවායේ නීරෝගිකම පවත්වාගත හැකි බව ඇතැම් අය පවසති.

  • නමුත් මේ පුරුද්ද අනතුරුදායකයි වගේම පාචනය, වමනය ආදී අහිතකර සෞඛ්‍යය ගැටලු මතුකරවයි

13.ලූස් පවුඩර් (loose powder) වෙනුවට පිටි ආදේශ කරගත හැකි බව

  • ලූඩ් පවුඩර් වෙනුවට පිටි භාවිතා කල හැකි බව පැවසුවත් පිටි වලින් සමට පවුඩර් වලින් ලැබෙන නිමාව නොලැබේ. සම මතුපිට පිටි ඉතිරි වී පවතියි. මෙය සාර්ථක නැත.