Hela Rahas

Hela Rahas Official Web Portal

උදෑසන කාලයේ කෝපි පානය කිරිමෙන් ලැබෙන වාසි 5ක්

කෝපි සහ තේ යනු ලෝකය පුරාම වැඩිම භාවිතයක් ඇති ජනප්‍රිය පාන වර්ග 2 කි. නමුත්, උදෑසන අවදි වූ පසු තේ කෝප්පයකින් දවස පටන්ගැනීම බොහෝ දෙනාගේ පුරුද්දයි. ඇතැම් අය කෝපි පානය කිරීමට රුචිකත්වය දක්වති. කොහොමවුණත් එකිනෙකාගේ ප්‍රියතාවයන් මත මේ ‍තෝරාගැනීම් වෙනස්විය හැකියි. නමුත්, තේ වලට වඩා දවස පටන්ගන්න හොඳම ආදේශක පානය කෝපි කෝප්පයක් පානය කිරිම බව ප්‍රචලිත වී ඇති අදහසකි.තේ වලට වඩා කෝපි කෝප්පයක් උදෑසන පානය කිරිමට හුරුවීම වඩාත් හොඳ බව සඳහන් වන්නේ මෙන්න ප්‍රතිලාභ හේතු නිසයි.

1.කෝපි පානය කිරීමෙන් ඔබට වඩාත් හොඳින් ව්‍යායාම වල නිරතවිමට සහය ලැබේ

  • කෝපි වල තේ වලට වඩා වැඩි ප්‍රමාණයකින් ‘කැෆේන්’ අන්තර්ගතය. ඒවා මඟින් ඔබේ කායික ක්‍රියාශීලීත්වය වැඩිදියුණු කරන අතර ව්‍යායාම කිරීමෙන් සිරුරට ඇතිවන තෙහෙට්‍ටුව අවම කරයි. උදෑසන කාලයේ ව්‍යායාම අභ්‍යාස වල නිරතවෙමින් සිරුරේ ජවසම්පන්න බව ‍රැකගැනීමට නම් කෝපි කෝප්පයක් පානය කිරීම ඉතා හොඳ අදහසකි.

2.මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීමට උපකාර කරයි.

  • විභාගයකට පාඩම් කරන විට හෝ අවධානය වඩාත් හොඳින් යොමුකල යුතු රාජකාරියක නිරතවෙමින් සිටින විට මානසික ඒකාග්‍රතාවය ‍රැකගැනීම ඉතා වැදගත්ය. මේ සඳහා කෝපි කෝප්පයක් පානය කිරීමෙන් හොඳ සහයක් ලබාගත හැකිය. කෝපි වල අඩංගු ඉහළ මට්ටමේ කැෆේන් අන්තර්ගතය මඟින් සාවධානව සිටීමට සහ රාත්‍රි කාලයේදි අවදිව සිටිමින් පාඩම් කටයුතු වල නිරතවීමට හොඳ සහයක් ලබාදේ.

3.කෝපි පානය කිරීමෙන් ඔබේ සිරුරට ක්ෂණික ප්‍රබෝධයක් ලැබේ.

  • කෝපි පානය කිරීමෙන් මිනිත්තු 15 කට පමණ පසු කැෆේන් රුධිරයට මුසු වෙන අතර ඉන් සිරුරට ක්ෂණික ජවයක්-ශක්තියක් ලැබේ.

4.සිරුරේ බර අඩුකරගැනීමට උපකාර කරයි

  • කෝපි පානය කිරීම සහ සිරුරේ අඩු මේද මට්ටමක් පැවතීම (විශේෂයෙන්ම පුරුෂයින්ගේ) අතර සම්බන්ධතාවක් පවතින බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදේ. මෙම කරුණ සත්ව පර්යේෂණ හරහා ද තහවුරු වී ඇත්තකි. එහි අඩංගු ක්ලෝරොජෙනික් අම්ල සිරුරේ බර අඩුකිරීමේ හැකියාව ඇති සංඝටක විශේෂයක් බව ද එහි දැක්වේ. ඒ අනුව හැඩැති සිරුරක් ලබාගැනීමට උත්සාහ කරන අය සඳහා කෝපි පානය කිරීම ප්‍රතිලාභ සහිත ‍තෝරාගැනීමක් වේ.

5.දියවැඩියා රෝගය වර්ධනය වීමට ඇති අවදානම අඩු කරයි

  • අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ කැෆේන් මඟින් දියවැඩියාව වැලඳීමේ හැකියාව අවම කරවන බවයි. දිනකට කෝපි කෝප්ප 3 ක් පානය කිරීමෙන් මෙම රෝගය වැලඳීමට ඇති අවදානම 42% කින් පමණ අවම කරවන බව සඳහන් වේ. තවත් අධ්‍යනයක් මඟින් පෙන්වාදෙන්නේ කැෆේන් අඩංගු කල කෝපි පානය කිරීම දෙවන කාණ්ඩයේ දියවැඩියාව වර්ධනය වීමේ අවස්ථා අඩුවීම කෙරෙහි බලපාන බවයි.