Hela Rahas

Hela Rahas Official Web Portal

බුදු ඇසින් දුටු අද්භූත ස්ථානය බර්මියුඩා ත්‍රිකෝණය ද?

  • ගෞතම බුදුන් වහන්සේ හතළිස් පස් වසරක් දේශනා කළ ධර්මයන්ට හසු නො වූ කිසිවක් මේ මිහිපිට දකින්න නෑ. ඇත්තටම නවීන ලෝකය සොයාගෙන තිබෙන්නේ බුදු නෙතින් දුටු දෙයින් ඉතා අල්පයක්.
  • අද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් ‘බර්මියුඩා’ නම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණුයි කියලා කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත‍්‍රා බොහෝමයක් යළි ආවේ නෑ.
  • ලෝකයේ බොහෝ විද්‍යාඥයන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන විවිධ පර්යේෂණ කරත් එ්වා අවසන් වුනේ විවිධ මත සමාජයට ඉතිරි කරමින්.
  • මෙම ප‍්‍රදේශය හරහා යන යාත‍්‍රා අභ්‍යවකාශ ජීවීන් විසින් පැහැරගන්නා බව බොහෝ දෙනා අදහස් කළ අතර, සමහරු කීවේ මුහුදු පතුලේ සිදුවන ‘මීතේන්’ වායු ක‍්‍රියාවකින් යාත‍්‍රා විනාශ වන බව. ඒත් අදට ද ඇතමෙක් ‘මෙය ඇමරිකානුවන් සිතා මතා කරන ක‍්‍රියාවක්’ ලෙස පෙන්වා දෙනවා.
  • මීට දෙදහස් පන්සිය වසරකට පෙර අප සම්බුදු සමිඳුන් තිලෝගුරු ඥනයෙන් දැක කළ පැහැදිලි කිරීමකින් හෙළි වූයේ බර්මියුඩාවේ අබිරහස බව සිතනවා.
  • පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 456 වන ජාතකය වූ සූප්පාර ජාතකයේ දී ‘වළබා මුඛ / වඩබා මුඛ’ ලෙස එක්තරා ප‍්‍රදේශයක් පෙන්වා දී ඇත. එම ප‍්‍රදේශයේ වේලි බිඳගෙන එන දියපහර සේ සිව්දිගින් මහා දිය රළ පැමිණෙන බවත්, කන් බිහිරි කරවන, ළය පැළී යන තරම් බියජනක ශබ්ද ඇති බවත්, එක් පසෙක මහා රළක් නැගෙද්දී අනෙක් පස තෙරක් නො පෙනෙන දිය සිඳුණු ප‍්‍රපාත ඇති වන බවත් පවසා තිබේ.
  • ජාතක අටුවාවෙ එක ගාථාවක ‘‘සූඤ්ඤභමානුසෝ” ලෙස ‘මිනිසුන් පිළිබඳ නො වූ මුහුද’ ලෙස වඩබා මුඛය හඳුන්වමින්, එහි අමනුෂ්‍ය හඬ පැතිර යන බව ද කියයි.
  • අවීචි මහා නිරයෙන් විවර වූ ගිනි දැල්වලින් මුහුදු දියකඳ පවා දවා දමන, අශ්ව මුඛයක හැඩය ගත් ස්ථානයක් ලෙස පෙන්වන මෙම භූමිය පිළිබඳ ‘බුත්සරණයේ’ නාලාගිරි දමනයේ ද සඳහන් වන අතර, ථූපවංශයේ ‘ගැමුණු රජුගේ ව්‍යාධියේ’, ”සියලු සතුන් මරණ නැමති වඩබා මුඛයෙහි පතිතව විනාශයට පැමිණෙති.” කියලා උදාහරණයකට ගෙන තිබේ.