Hela Rahas

Hela Rahas Official Web Portal

සුදු ඇඳුම් වල කහට ගතිය ඉවත් කරන ක්‍රම 10 ක්

සුදු පැහැති ඇඳුම් ඉතා ඉක්මනින් කිලිටි වෙනවා වගේම කාලයත් සමඟ අලු හෝ කහ පැහැයක්ට හැරීම නැතිනම් දුර්වර්ණ වීම සිදුවෙනවා. ඔබේ ඇඳුම් අල්මාරියේ තිබෙන සුදු පාට ඇඳුම් වල පෙනුම ආරක්ෂා කරගනිමින් ඒවා දිගුකාලයක් පුරා භාවිතා කරන්න ඔබට උපකාරී වන රෙදි සෝදන උපක්‍රම 10 ක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම.

1.පිඟන් සෝදන දියර, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා

  • සේදුම් දියර, පෙරොක්සයිඩ් හා බේකිං සෝඩා 4:2:1 අනුපාත වලින් ගෙන මිශ්‍රකරගන්න. ඇඳුම් වල සුදු කරගත යුතු තැන් වල බුරුසුවක් ආධාරයෙන් ඒවා ආලේප කරගන්න. සම්පුර්ණයෙන් ඇඳුම් බ්ලීංහ් කරගැනීමට මේ මිශ්‍රණයට ජලය ලීටර් 2 ක් පමණ දමා පැය කිහිපයක් රෙදි පෙ‍ඟෙන්නට තබා පසුව, සාමාන්‍ය පරිදි රෙදි සෝදා වියළා ගන්න.

2.ඇමෝනියා

  • ලේ පැල්ලම් වැනි යැවීමට අපහසු පැල්ලම් පවා හොඳින් ඉවත්කල හැකි ක්‍රමයක් තමයි මේ. නමුත් භාවිතා කරන විට අත් වැසුම් පලඳින්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක මෙය භාවිතා කරන්න. සම්පූර්ණ ඇඳුම් බ්ලීච් කිරීමට ඇමෝනියා බිංදු 4 ක්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැඳි 1 ක් සහ ජලය ලීටර් 2 ක් පමණ එකට දමා හොඳින් මිශ්‍ර කර පැය 2 ක් පමණ ඇඳුම් ටික පෙ‍ඟෙන්නට තබන්න. ඩිටර්ජන්ට් වර්ගයක් භාවිතයෙන් ඇඳුම් සෝදා පිරිසිදු කරගන්න.

3.ලයිටර් දියර (lighter fluid)

  • ඇඳුම් වල තෙල් පැල්ලම් ඇති වි ඇත්නම් ලයිඩර් දියර වලින් එය ඉවත්කිරීමට උත්සහ කරන්න. පැල්ලම මතට ඉන් ස්වල්පයක් දමා ඒව වාෂ්ප වන තුරු තිබෙන්නට හරින්න. පැල්ලම නැතිවී යන තුරු කිහිපවරක්ම එසේ සිදුකරන්න. පසුව, සාමාන්‍ය පරිදි ඇදුම සෝදා වියළා ගන්න.

4.ඇස්ප්‍රින්

  • ඇඳුම් වල කහට/කහ පැහැති ස්වභාවය අඩු කරගැනීමට රෙදි සෝදන විට යන්ත්‍රයට හෝ රෙදි බේසමට ඇස්ප්‍රින් පෙති 3-4 ක් පමණ දමන්න. මේවා භාවිතයෙන් දහදිය පැල්ලම් ද හොඳින් ඉවත්කරගත හැකියි. පෙත්ත මතට ජලය ස්වල්පයක් දමා සක්‍රීය කරගනිමින් ඒවා පැල්ලම මත ආලේප කර පැය කිහිපයක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය පරිදි සෝදා වියළා ගන්න.

5.සුදු පාන්

ලිප්ස්ටික් හෝ ෆවුන්ඩේෂන් වැනි මේක්-අප් පැල්ලම් ඉවත්කරගැනීමට තිරිඟු පිටි පාන් පෙත්තක් ගෙන හොඳින් ගුලිකරන්න. පැතිරි නොයන සේ පාන් ගුලිය පැල්ලම මතුපිට තට්‍ටු කරමින් පැල්ලම ඉවත්කරගන්න. මෙය අලුතින්ම සිදුවුණු පැල්ලම් ඉවත් කිරීමට යොදාගත හැකිය. පසුව, සාමාන්‍ය පරිදි ඇඳුම සෝදා වියළා ගන්න.

6.වීදුරු පිරිසිදු කරන දියර (glass cleaner)

  • මාර්කර් පෑන් වල තීන්ත පැල්ලම් ඇඳුම් වල තැවරී ඇත්නම් ඒවා හොඳින් ඉවත්කරගැනීමට මේවා භාවිතා කල හැකියි. පැල්ලම සහිත ඇඳුමේ ඊට යටින් රෙදි කැබැල්ලක් තබා ඇඳුමේ අනෙක් කොටස් තෙත් වීම වළක්වාගත යුතුය. පැල්ලම මතුපිටට මෙම දියර ස්වල්පයක් දමා මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හරින්න, පසුව ඇඳුම සෝදා පිරිසිදු කරගන්න

7.ලෙමන්

  • ජලය බේසමට ලෙමන් පෙති කිහිපයක් දමා ඊට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැන්දක් එක්කරන්න. රෙදි සෝදන යන්ත්‍රයට දැමීමට පෙර රෙදි ලෙමන් මිශ්‍ර ජලයේ මද වේලාවක් පෙ‍ඟෙන්නට හරින්න.

8.බෝරික් අම්ල (Boric acid)

  • දහදිය නිසා ඇතිවන කහ පැහැ ගැන්වුණු පැල්ලම් ඉවත්කිරීමට මේවා භාවිතා කල හැකිය. බෝරික් අම්ල මේස හැඳි 1 ක් ජලය සමඟ මිශ්‍ර කර පැල්ලම් මත ආලේප කරගන්න. මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය පරිදි රෙදි සෝදා පිරිසිදු කරගන්න. නැතිනම් බෝරික් අම්ල මේස හැඳි 1ක් සේදුම් දියර හෝ කුඩු සමඟ මිශ්‍ර කර රෙදි සෝදන යන්ත්‍රයට දමා රෙදි පිරිසිදු කරගන්න. නමුත්, මෙම ක්‍රමය නිතර භාවිතා නොකරන්න.

9.හුණුකූරු (chalk)

  • ග්‍රීස් පැල්ලම් ආදි යැවීමට අපහසු පැල්ලම් ඉවත්කරගැනීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේ. රෙදි සේදීමට පෙර පැල්ලම් ඇති වු ස්ථාන මත හුණුකූරකින් අතුල්ලාගන්න. හුණුකූරු ඉතා හොඳ අවශෝෂකයක් නිසා පැල්ලම් පහසුවෙන් ඉවත්වි යයි.

10.පිඟන් බඩු සේදුම් කුඩු

ඇඳුම් වල අලුත් පෙනුම වැඩිකරගැනීමට ඩිටර්ජන්ට් වර්ගයක් හා පිඟන් සේදුම් කුඩු (dishwasher powder) සමාන කොටස් ලෙස ගෙන රෙදි සේදුම් යන්ත්‍රයට දමා සාමාන්‍ය පරිදි රෙදි සෝදා ගන්න.