Hela Rahas

Hela Rahas Official Web Portal

රුධිර වර්ගය අනුව ඔබේ පෞරුෂත්වය ගැන දැනගමු

පුද්ගලයෙකුගේ පෞරුෂත්වය පිළිබඳ අනාවැකි පළ කරන විවිධ පිළිගත්-නොපිළිගත් ක්‍රමවේද ලෝකයේ පවතිනවා. උදාහරණයක් ලෙස කෙනෙකුගේ අත්ලේ රේඛා හැඩයෙන්,නාසයෙ හැඩය අනුව, තොල් වල හැඩය අනුව, උපන් මාස අනුව ආදි නොයෙකුත් ක්‍රම ආශ්‍රිතව එවැනි අනාවැකි මත පළ කරනවා. මෙවැනි ක්‍රම අතරින් ජපානයෙන් අසන්නට ලැබුණු ක්‍රමයක් ගැනයි මේ. මෙම ක්‍රමය හඳුන්වන්නේ ‘කෙට්සූකි-ගාටා (Ketsueki-Gata)’ යන නමිනි. මෙය පුද්ගලයින්ගේ රුධිර වර්ගය මත පදනම්ව බිහිවි ඇති පෞරුෂත්වය න්‍යායකි. ජපන් විද්‍යාඥයින් පවසන්නේ පුද්ගලයෙකුගේ රුධිර වර්ගය අනුව එම පුද්ගලයා ගති ලක්ෂණ හා ස්වභාවයන් පිලිබඳව ඉඟි ලබා දෙන බවයි. ඔවුන්ගේ එම න්‍යායට අනුව විවිධ රුධිර ප්‍රභේද වලින් පුද්ගලයින් ගැන කියවෙන පෞරුෂත්ව ලක්ෂණ පිළිබඳ රහස් මෙසේ

1.O රුධිර වර්ගය

  • මෙම වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් හොඳ ආත්ම විශ්වාසයක් සහිත, අධිෂ්ඨානශීලි, ජව සම්පන්න සහ දීප්තිමත් පෞරුෂයන් සහිත අය වේ. ඔවුන් වගකීම් සහගතව කටයුතු කරන බැවින් පහසුවෙන් විශ්වාසය තැබිය හැකි පිරිසකි. ඔවුන් අන් අය සමඟ මිත්‍රශීලිව සුහද බවින් කටයුතු කල ද තමන්ගේ පාඩුවේ සිටීම වඩාත් ප්‍රිය කරති.
  • කෙසේවෙතත් අන් අය කෙරෙහි මධ්‍යස්ථබාවයකින්න් කටයුතු කරන මොවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නේ තමන් කෙරෙහි ය.ඔවුන් වෙහෙසට පත්වන තුරුම මහන්සි වී වැඩකිරීමට හුරු වි සිටින්නන් වේ.

2.A රුධිර වර්ගය

  • ඔවුන් අන්තර්වර්තී ගති ගුණ ඇති, සංවේදී, වැඩි කතබාහක් නොමැති එහෙත් අවංක පුද්ගලයින් වෙති.සැම විටම පරිපූර්ණවීමට උත්සාහ දැරීම මොවුන්ගේ ස්වභාවයකි. ඔවු සැලසුම් කරන ලද ආකාරයට අනුව යම සිදුනොවුණි නම් ඒ හේතුව නිසා දැඩි ආතතියට පත්වීම මොවුන්ගේ ලක්ෂණයකි.
  • ඔවුන් අධි සංවේදීය. සිරුරේ ඉහළ කෝර්ටිසෝල් මට්ටමක් සහිත බැවින් ආතතිය සමඟ ගනුදෙනු කිරීම මොවුන්ට අපහසුය. මෙවැනි පුද්ගලයින් යෝගා, චිත්‍ර ඇඳීම, නිර්මාණාත්මක රචනය වැනි දේවල් වලට යොමුවීම ඔවුන්ගේ මනසට වඩාත් හිතකර වනු ඇත.
  • ඔවුන් යමක් කිරිමට පෙර දෙවරක් සිතති. එම ලක්ෂණය නිසාම බොහෝ අය ඔවුන් විශ්වාසනීය අය සේ හඳුන්වති. ඔවුන් තම හැඟීම් -චිත්තාවේගයන් අන් අයට නොපෙන්වමින් තමා තුලම සිරකරගෙන සිටියි. ඔවුන් වඩාත් හොඳින් විශාවාස කරන අයෙකු සමඟ විවෘතව කටයුතු කිරීම මොවුන්ගේ ස්වභාවයකි.

3.Bරුධිර වර්ගය

  • ඔවුන් ඉතා නිර්මාණශීලි , දැඩි කුතුහලයක් සහිත, ක්‍රියාශීලී පුද්ගලයින් වෙති. බොහෝ අය මොවුන් ඉතා ආත්මාර්ථකාමීන් යැයි සැලකුවද මෙම රුධිර වර්ගය සහිත පුද්ගලයින් අන්‍යයන් කෙරෙහි සෙනෙහස සැලකිල්ල දක්වති.ඔවුන් සතුව අසමසම පුද්ගල පෞරුෂත්ව ගතිගුණ ඇත. සමාජ අභිමථයන්ට අනුව ජීවත් නොවෙති. ඔවුන් සැමවිටම තමන් ‍තෝරාගත් මාර්ගයේ ගමන් කරති. ඔවුන් ඉතා ප්‍රතිපත්තිගරුකය.
  • ඔවුන් ඉක්මනින් තීරණ වලට එලඹෙති. මනස යම් ස්ථීර අරමුණක පිහිටවාගත් පසු ඔවුන්ව කිසිවෙකුට හෝ නවතාලිය නොහැක.

AB රුධිර වර්ගය

  • මිශ්‍ර රුධිරය සහිත පුද්ගලයින් සතුව පවතින්නේ තරමක මිශ්‍ර පෞරුෂත්ව ගති ලක්ෂණ වීම ද විශේෂත්වයකි. ඔවුන් විටෙක අන්තර්වර්තිකයෙන් මෙන් හැසිරෙන අතර තවත් විටෙක සමාජශීලි අය මෙන් හැසිරෙති. කලා හා විද්‍යා ක්ෂේත්‍ර කෙරෙහො ඔවුන්ගේ උනන්දුව ඉතා වැඩිය.
  • ඔවුන් මහාපේක්ෂාවන් සහිත, කල්පනාවෙන් කටයුතු කරන, සාමකාමී පරිසරයක් වඩාත් ප්‍රියකරන අය වෙති.චිත්තාවේග මත ඔවුන්ගේ පෞරුෂ ස්වභාවයන් ඉතා ඉක්මනින් වෙනස් වන නිසා ඔවුන්ගේ චරිතය පිළිබඳව නිශ්චිත අදහසක් ලබාගැනීම අපහසුය. ඇතැම් අය මෙවැනි පුද්ගලයින් ‘බොරුවෙස් ගත් මුහුණු දෙකක් ඇති පුද්ගලයින්’ මෙන් හඳුන්වති. ලොව දුර්ලභම රුධිර කාණ්ඩය ලෙස සැලකෙන්නේ AB රුධිර ප්‍රභේදය වේ.