Hela Rahas

Hela Rahas Official Web Portal

බෝ මළුව අමදා බෝ පත් එකතු කිරීමේ ආනිසංස

අප කුසල් රැස් කරමින් සුගතිගාමි වීමට උත්සාහ කිරීම මේ ලද උතුම් මිනිසත් බවින් කළ හැකි උතුම්ම ක්‍රියාවයි.ඉතිං ඒ වගේ බෝ මළුව අමදා බෝ පත් එකතු කර කුසල් රැස් කිරීමේ ආනිශංස තමා අද කියන්නෙ.

බෝධි සම්මජ්ජක රහතන් වහන්සේ පෙර බුද්ධ සාසනයකදී උතුම් බෝධීන් වහන්සේ වටා එකතු වී ඇති බෝ පත් එකතු කර ඉවත් කර පිරිසිදු කිරීමේ පිනෙන් ලද ආනිසංස මෙසේ උන්වහන්සේගේ අපදානයේ දක්වා ඇත. ඒවා නම්,

  • ශරීරය රන්වන් පැහැ ඇති වීම
  • දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
  • ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
  • සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
  • අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
  • දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
  • රෝග නොවැළඳීම
  • ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
  • දුගඳ හමන දහඩිය නොගැලීම
  • මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම
  • කුෂ්ට, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
  • චිත්ත පීඩා ඇති නොවීම
  • සතුරන් ඇති නොවීම
  • භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
  • සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
  • පරමායුශ විඳීමට ලැබීම
  • ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
  • දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
  • භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
  • දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම