Hela Rahas

Hela Rahas Official Web Portal

කවදාවත් නොකර යුතු වැරදි වැඩ 10ක්

ඔබ ගැන බොහෝ දේවල් ඔබේ අත්, පා, මුහුණ,හිස වගේම ඔබේ ඉරියව් තුලින් මනාව පිලිඹිමු කරයි.ඒ අනුව වාචික ප්‍රකාශ වලට වඩා වැඩි දෙයක් ශරීර අභින එහෙමත් නැතිනම් පුද්ගලයෙකු විසින් ශරීර භාෂාවෙන් (body language) හරහා අවබෝධ කරගත හැකි බව නොරහසකි. ඔබ ‍රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට පෙනී සිටින විට, ‍රැකියාවේ කටයුතු වල නිරතවන විට, යමක් ඉදිරිපත් කරන විට, මිතුරන් ඇතිකරගන්නා විට, සබඳතා ගොඩනගා ගන්නා විට ආදි ඔබට සන්නිවේදනය කිරීමට සිදුවන අවස්ථා වලදී ඔබ ලබන සාර්ථකත්වය සඳහා 50% කට වඩා දායක වන්නේ ඔබේ ශරීර අභිනයන් සහ ඉරියව් බව පැවසේ.

ඒ අනුව ඔබේ ශරීර භාෂාව ඔබේ පෞරුෂත්වය කැපීපෙනිමට හේතු වන වැදගත් ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි.නමුත් ඔබේ ඇතැම්, වැරදි හැසිරීම් සහ ඉරියව් නිසා ඔබ නොදැනුවත්වම ඔබේ ප්‍රතිරූපය විනාශ විය හැකියි. එවැනි පොදු වැරදි නිවැරදි කරගනිමින් ඔබේ පෞරුෂත්වය වැඩිදියුණු කරගැනීමට මේ උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.


1.සිරුරේ දුර්වල ඉරියව්ව

  • උරහිස් හකුළුවාගෙන සිටගෙන සිටීම ඔබ නොවැදගත්, දුර්වල සහ ආත්ම-විශ්වාසයක් නොමැති අයෙකු යන හැඟීම ඇතිකරවයි. වාඩිවී සිටින විට හිස සහ උරහිස් පහළට කරගෙන සිටීම හෝ පි‍ටුපසට ඇලවි හේත්තු වි සිටිම වැනි ඉරියව් තුලින් ඔබ එම කාර්ය ගැන ඕනෑවටත් වඩා පහසුවෙන් සිටින බවක් එහෙමත් නැතිනම් ඔබ කරමින් සිටින දෙය උඅනන්දුවකින් සිදුනොකරන බවක් පෙන්නුම් කරයි. විද්‍යාත්මකව ඔප්පු වී ඇති කරුණක් වන්නේ හිස සහ උරහිස් එල්ලා වැටෙන සේ කුද වී සිටීම ඔබේ යහපත් මනෝභාවය සහ ආත්මාභිමානය පිලිබඳ හැඟීම අඩුකරවන බවයි.

2.පාද සහ දෙපතුල් තබාගෙන සිටින වැරදි ඉරියව්

  • ඔබ අසුන්ගෙන සිටින ආකාරය අනුව ඔබේ පෞරුෂත්වය ගැන විවිධ දේ හෙලිවෙනවා.මේ පින්තූරයෙන් දැක්වෙන ආකාර 5 අතරින් වාඩි වීමෙදි අනුගමනය කරන ඉරියව්ව අනුව පෞරුෂත්වය ගැන හෙලි කරන්නේ පහත කරුණුයි.
  • A ඉරියව්ව- (දණහිස් එකලඟ, දෙපතුල් දෙපසින් පිහිටීම)-ළදරු මානසිකත්වයක් ඇති, අනාරක්ෂිත බවකින් සිටින සහ සිහින ලොවක ජීවත්වෙන අයෙකුගේ ප්‍රතිරූපයක් පෙන්නුම් කරයි.
  • B ඉරියව්ව-(කකුලක් පිට කකුලක් දමාගෙන සිටීම)-තම මතය වෙනුවෙන් පෙනීසිටින, දුරස්ථ බවකින් කටයුතු කරන මිත්‍රශීලි සහ විවෘත නොමැති පුද්ගලයෙකු බව පෙන්නුම් කරයි.

C ඉරියව්ව-(කකුල් දෙපසට පළල් කරගෙන සිටීම)– ආඩම්බරකාර ගතිගුණ ඇතිඅ යෙකු බව පෙන්නුම් කරයි. එමෙන්ම, වැදගත් අවස්ථා වලදී මෙවැනි ඉරියව්වකින් අසුන්ගෙන සිටීම අශෝභන, අවිනීත හැසිරීමක් සේ සැලකේ.

D ඉරියව්ව-(කකුල් සමාන්තරව තබාගෙන සිටීම)-මෙය මධ්‍යස්ථ ඉරියව්වක් වන අතර ඔබ විවෘත මනසක් ඇති සන්සුන් ගති ඇති අයෙකු බව පෙන්නුම් කරයි.

E ඉරියව්ව-(කකුල් දෙකම පැත්තකට ඇල කරගෙන සිටීම)-කාන්තාවන් අතර බහුල මෙම ඉරියව්ව මඟින් කාන්තා ලාලිත්‍ය සහ ආකර්ෂණීය බව ඉස්මතුකර පෙන්වයි.

3.අතිශයෝක්තිය සහිත හැසිරීම්

  • ඔබේ අත් වල චලනයන් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දෑත් එහෙ මෙහෙ වනමින් කතා කරන විට ඉන් පෙන්නුම් කරන්නේ එම පුද්ගලයා ආත්මවිශ්වාසය අඩු සහ වෘත්තීයමය වශයෙන් කටයුතු කල යුතු ආකාරය නොදන්නා අයෙකු බවයි.කලබල වී සිටින විට කරගැට කැඩීම, හිසකෙස් නිතර ඇල්ලීම, නියපොතු සැපීම සහ තොල් පෙරලීම වැනි හැසිරීම් ඔබෙන් දිස්වන විට ඔබේ නොසන්සුන්කාරීබව සහ අනාරක්ෂිත බව අන් අයට හොඳින් ප්‍රදර්ශණය වෙනවා. නමුත්, අභිනයන් භාවිතා නොකරමින් සංවාදයේ යෙදීම ඔබේ උනන්දුව අඩුබවක් පෙන්නුම් කරනවා. ඉතින්, වඩාත් උචිත විදියට ශරීර භාෂාව යොදාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.

4.අත් හරහට බැඳගෙන සිටීම

  • දෑත් හරහට බැඳගෙන සිටගෙන සිටිම හෝ වාඩි වී සිටීම බොහෝ විට පෙනෙන්නේ විරෝධය දැක්වීමක් වගෙයි. ඉන් ඔබ යම් දෙයක් ගැන උනන්දුවක් නොදක්වන බවක් පෙන්වයි. ශරීරයට සමාන්තරව දෑත් තබාගෙන සිටීමෙන් ඔබ සංවාදයට එහෙමත් නැතිනම් කතාබහ කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කරයි. දෑත් පි‍ටුපසට කරගෙන සිටීම මඟින් ඔබේ උසස්බව, බලය සහ ආත්ම විශ්වාසය පෙන්නුම් කරයි. කෙසේවෙතත්, පර්යේෂණ මඟින් හෙලිකරන්නේ දෑත් බැඳගෙන සිටිම දුෂ්කර කාර්යන් වලට මුහුණ දීමේදි එම පුද්ගලයාගේ අප්‍රතිහත ධෛර්ය පෙන්නුම් කරන ලක්ෂණයක් කියලයි.

5.අතට අත දි ආචාර කිරීමේදි සිදුකරන වැරදි

  • අතට අත දීම සිදුකරන අයුරු පිලිබඳ හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. දුර්වල අතට අත දීමක් තුලින් තත්වයක් නොමැතිකම සහ විශ්වාසයක් නොමැතිකම පෙන්නුම් කරයි.අතට අත දීමේදි දැඩි ග්‍රහණයක් ඇතිකරගැනීම මඟින් ඔබ ආක්‍රමණශීලි පුද්ගලයෙකු බව අනෙකාට සිතෙන්නට පුලුවන්.සීතල සහ දහදිය ‍රැඳි අතින් මෙසේ ආචාර කිරීම එම පුද්ගලයා දුර්වල අයෙකු යැයි සිතෙන්නට තරම් ප්‍රමාණවත් අභිනයක් ලෙස සැලකෙනවා.

6.ඇස් දෙස බලා කතානොකිරීම

  • ඇස් දෙස බලා කතාකිරීමට නොහැකිවීම යනු ආත්මවිශ්වාසයක් නොමැතිකමේ ලක්ෂණයකි.ඉතින්, ඒ නිසා දෙස බලමින් අන් අය හා කතා කිරීමෙන් ඔවුන්ගේ විශ්වාසය සහා ඔබ අවංක අයෙකු බව පහසුවෙන්ම ඒත්තු ගැන්වීමට ඔබට හැකි වේවි. එමෙන්ම ඉන් ඔබේ පූර්ව සූදානමක් නොමැතිකම සහ වෘත්තියභාවයකින් කටයුතු නොකිරීම පෙන්නුම් කරයි. නමුත්, ඕනෑවට වඩා ඇසට ඇස බලාගෙන කතා කිරීම මඟින් ඔබෙන් රෞද්‍ර ගති ඇති, අන් අය බියගන්වා යටහත් පහත් කරගැනිමට උත්සාහ කරන නපුරු අයෙක් බව සිතෙන්නට පුලුවන්.

7.ඇඹරෙමින්-දඟලමින් නොසන්සුන් බවක් පෙන්නුම් කිරීම

  • කොණ්ඩය , අත්, දුරකථනය නිතර අල්ලමින් ඒ කෙරෙහි අවධානය යොමුකිරීම ඔබ සමඟ කතාකරමින් සිටින පුද්ගලයා සහ ඔබ අතර ඇති සන්නිවේදනයට බාධා ඇතිකරයි. එසේ අනෙකාව ගණන් නොගෙන සිටීම වැනි දුර්වල අවධානයක් යොමුකිරීමේ හැසිරීම් නිසා අනෙකාට ඔබ ගැන වැරදි අවබෝධයක් ඇතිවීමට ඉඩ ඇත. කෙනෙකු සමඟ කතා කරන විට දුරකථනය දෙස බැලීම නොකල යුතුයි. එය් ඉතා නරක වගේම කෲර හැසිරීමකි. ඉන් ඔබ සංවාදයට කැමැත්තක් නැති බව පෙන්නුම් කරයි.

8.ඇඟිලි වල සහ අත්වල වැරදි ඉරියව්

  • දෙ අත්ල පිරිමැදීම හෝ එක් අතක ඇඟිලි අනෙක් අතේ ඇඟිලි වලට උඩින් තබාගෙන සිටීමේ ඉරියව් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ඉරියව් මඟින් ඔබ වෙනත යෙකුව රවටීමට උත්සාහ කරන බවක් හෝ ඔබේ මතය ඒත්තු ගැන්වීම විනා බලෙන් ඒ මතය විශ්වාස කිරීමට පෙලඹවන බවක් හෝ හැඟීමක් ඉන් ඇතිකරවිය හැකිය.

9.අනෙක් පුද්ගලයාව අනුගමනය නොකිරීම

  • අනෙක් පුද්ගලයාගේ හැසිරීම් අනුගමනය කිරිමෙන් (mirroring) අනෙක් අය සමඟ හොඳ මිත්‍රශීලි බවක් ගොඩනගා ගත හැකිය.එය විශ්වාසය වර්ධනය කරන අභිනයක් වන අතර ගැඹුරු සංවාද වලට හොඳ පිවිසුමක් සලසනවා. පිරිමින්ට වඩා කාන්තාවන් තුල මෙම හැකියාව හොඳින් පවතින බව පර්යේෂකයින් පෙන්වාදේ. පිරිමි පුද්ගලයෙකු තමා කරන අභිනයන් සහ ඉරියව් අනුකරණය කිරීම කාන්තාවන් විසින් ඉතාමත් ආකර්ෂණීය දෙයක් ලෙස දකින බව ඔවුන් පෙන්වාදෙනවා.

10.හිස වැනීම හෝ සිනාසීම වැනි සෞම්‍ය අභිනයන් සිදුනොකිරිම

  • වාචික නොවන සංවාදයකදී හිස වැනීම හෝ සිනාසීම ඉතා වැදගත් අංග චලනයන් වේ. ඉන් ඔබ එම හොඳින් අසා සිටින බව සහ අවධානය යොමුකරගෙන සිටින බවක් පෙන්නුම් කරයි. සුහදශීලීව සිනාසීම ඔබ වටා සිටින අනෙක් පිරිස සමඟ කටයුතු කිරීම සහ ඔවුන් සමඟ මිත්‍රශීලි වීම පහසු කරවයි. ඕනෑම කෙනෙකු ඔබේ මුහුණේ ප්‍රකාශනයන්ට අනුව ප්‍රතිචාර දක්වයි. ඔබ සිනාසෙන විට අනෙක් පුද්ගලයාද ඔබට සිනහවකින් ප්‍රතිචාර දක්වනු ඇත.