Hela Rahas

Hela Rahas Official Web Portal

මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවාගැනීමට ක්‍රම 7 ක්

මොළයේ ක්‍රියාකාරීත්වය නීරෝගීව, ධනාත්මකව හා නිසි ලෙස සිදුවෙමින් පැවතීම මානසිකව මෙන්ම ඔබේ කායික යහපැවැත්මට ද ඉවහල් වේ. මොළය වැඩිදියුණුවීම සඳහා හිතකරව බලපාන දේවල් කිහිපයක් පිළිබඳ උපදෙස් කිහිපයක් ගැනයි මේ අවධානය

1.තමාව විවේඡනය කරගැනීමෙන් වළකින්න

  • තමා සතුව නැති දේවල් ගැන සිතමින් තමන්වම විවේඡනය කරගනිමින් කන්කෙඳිරි ගෑමට පටන්ගැනීම ඇතැම් විට පුරුද්දකට යා හැකිය.එසේ වන විට මොළය සෘණාත්මක සිතිවිලි සහිතව අගතිගාමී වෙමින් විවිධ වෙනස්කම් එහි හටගැනීමට පටන්ගත හැකි අතර අවසානයේ විශාදය හෙවත් මානසික අවපීඩන තත්වය දක්වා ඔබේ මනස දුර්වල විය හැක. ජීවිතය දුෂ්කර වන අවස්ථා සැම දෙනාටම පාහේ මුහුණ දෙන්නට සිදුවන තත්වයන්ය.
  • එබැවින් ඒවා ඔබේ වරදක් යැයි සිතමින් ඔබටම දොස් පවරාගැනීම සිදුනොකර මනස වියවුල් කරනොගෙන සිටීමට උත්සහ කරන්න. මනස සැහැල්ලු කරගැනීමට යම් දුරක් ඇවිදීම, භාවනා කිරීම, යෝගා අභ්‍යාස කිරීම වැනි ක්‍රියාකාරකම් වල නිරතවන්න.උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥායින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබුණේ දිනපතා මිනිත්තු 20 ක් පමණ වැය කරමින් ධනාත්මක ආකාරයකින් මනස ඒකාග්‍ර කරගැනීම සඳකා ක්‍රියාකරන පුද්ගලයින්ගේ සිහිකල්පනාව ඉතා ඉහළ මට්ටමක පවතින බවත් හා රෝග ලක්ෂණ මතුකරවීම් ඉතා අවම බවත්ය.

2.ඔබ සතුව තිබෙන දේවල් ගැන සතු‍ටුවෙන්න

  • ඔබ සතුව නොපවතින දේවල් ගැන දුක්වීමට වඩා ඔබ ලඟ ඇති දේවල් ගැන සිතා සතු‍ටු වන්න. දිනකට එසේඔබට සතු‍ටු විය හැකි දේවල් 3 ක් වත් සොයාගැනීමට උත්සහ කරන්න. The Journal of Psychiatry and Neuroscience නම් ප්‍රකාශනයේ දැක්වෙන පරිදි ඉහත සඳහන් අභ්‍යාසය මඟින් මොළයේ සෙරටොනින් මට්ටම ප්‍රබෝධමත් කරවීම සිදුකරයි. සෙරටොනින් යනු ආවර්ජනයන් සහ චිත්තාවේගි සමබරතාව නියාමනය කෙරෙන පූර්ව ඉදිරිපස බාහිකයේ (prefrontal cortex) ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය වන රසායනයකි. දිනපතා සිදුකරන ධනාත්මක ක්‍රියාකාරකම් ගැන සවිස්තරාත්මකව සිතන්න. ඔබේ සිතට නැගෙන එම සිතිවිලි සටහන් කිරීම ද හොඳ ක්‍රමයකි.

3.සෘණාත්මක සිතිවිලි සිරකරගෙන නොසිටින්න

  • ඔබේ සිතට නැගෙන සෘණාත්මක සිතිවිලි ඔබ තුලම සිරකරගෙන නොඉඳ ඔබේ දිනපොතේ හෝ සටහන් කරන්න. විද්‍යාඥයින් පවසන්නේ සිතිවිලි හා හැඟීම් වාග්විද්‍යාත්මකව පැසුරුම් කිරීම හරහා ඇමිග්ස්ඩලා ක්‍රියාකාරීත්වය අඩු කිරීම හෙවත් බිය මෙන්ම ආතති මට්ටම ද අඩු කරවන බවයි.

4.මිනිසුන් සමඟ සුහදව ගැවසෙන්න

  • මිචිගන් විස්ග්වවිද්‍යාලයේ පිරිසක් විසින් සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වූයේ මිතුරන් හෝ වෙනත් පුද්ගලයින් සමඟ සමීපව ගැවසෙමින් සතුටින් කාලය ගත කිරීම මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදෙන බවයි. බුද්ධිමත් හා චිත්තාවේගී වශයෙන් මනා මානසික ස්ථායිබවක් ඇති පුද්ගලයින්ගේ ඇසුර ලැබීම හේතුවෙන් යම් පුද්ගලයෙකුගේ මොළය ධනාත්මක ආකාරයේ වෙනස්කම් රාශියකට ලක්වීම සිදුවන බව එමඟින් පෙන්වාදේ.මිනිසුන්ගේ චිත්තාවේග හා චර්යාත්මක ආකල්ප එකිනෙකා හට සම්ප්‍රේෂණය වන බව බැවසේ. මෙම සංසිද්ධිය සමාජයීය හෝ චිත්තාවේගි සංස්පර්ෂණය නම් වේ.

5.වැළඳගැනීම් හරහා ඔබට සැහැල්ලුවක් දැනේ

  • උණුසුම් වැළඳගැනීමකදී අපේ මොළයේ ප්‍රීතිමත් බව දනවන හෝර්මෝන වන ඩොපමයින් ශ්‍රාවය කිරීමට පටන්ගනියි. එම නිසයි එවැනි අවස්ථාවක ඔබට වඩාත් ආරක්ෂාකාරී බවක් සහ සැහැල්ලුබවක් ඔබේ මනසට දැනෙන්නේ. පර්යේෂකයින් පෙන්වාදෙන ආකාරයට අනුව වැළඳගැනීම් හරහා පුද්ගලයින්ගේ රුධිර පීඩනය පහළ දැමීම, ආතතිය අඩු කිරීම සහ යහපත් මනෝභාවයන් වැඩිදියුණු කරලීම වැනි ප්‍රතිලාභ අත්කර දෙන බවයි.

6.බහුකාර්යන් සිදුකිරීම නතර කරන්න

  • එක්වරකදි එක් දෙයකට වඩා වැඩි කාර්යන් කිහිපයක් ගැන අවධානය යොමුකිරීමට තැත්කරන විට එහි ඵලදායිතාව 40% ක් පමණ පහළ බසින බව අධ්‍යයන හරහා පෙන්වාදේ. එබැවින් සීමිත කාලයකදි වෙක් කාර්යක් කෙරෙහි අවධානය යොමුකරන්න. එක වර කාර්යන් කිහිපයක් සිදුකිරීමට නොයෑම සුදුසුය. යම් කාර්යක් සිදුකල පසු කෙටි විරාමයක් ලබාගන්න, එය පියවර කිහිපයක් ඇවිදීම හෝ තේ කෝප්පයක් රසවිඳීම වෙනුවෙන් වෙන්කරගන්න.

7.මියුරු සංගීතයකට ඇහුම්කන් දෙන්න

මියුරු සංගීතයක් ඇසෙන විට මොළය සැහැල්ලුවට වත් වන අතර ඵලදායි ලෙස යම් කාර්යක සාවධානව නිරතවීමට සහය ලබාදේ.පුද්ගලයින්ගේ සාවධාන බව වැඩිදියුණු කරවන ආකාරයේ ගීත ලැයිස්තු නිර්මාණකරනය සඳහා ස්නායුවිද්‍යාඥයින් හා සංගීත විශේෂඥයින් එක්ව කටයුතු කර ඇත.සිනාසීම, කෙටි නින්දක් ලැබීම,සුරතලුන් සමඟ කාලය ගත කිරීම, නැවුම් වාතාශ්‍රය ලැබීම, හොඳින් ආලෝකය ලැබෙන ස්ථානයක කාලය ගත කිරීම ආදි ක්‍රියකාරකම් මෙන්ම ඔබේ මනසට සතුටක් දැනෙන ආකාරයේ දේවල් හි නිරතවීම මඟින් මොළයේ නිසි ක්‍රියාකාරීත්වය වඩාත් ඔප්නංවාගත හැකිය.