Hela Rahas

Hela Rahas Official Web Portal

කෙස් කලඹේ ස්වභාවය අනුව සුදුසු පනා වර්ගය 15ක්

දිගු හෝ කෙටි හෝ වේවා, කෙස් කලඹේ නිරෝගිබව ආරක්ෂා වීම නම් දිනපතා එයට සත්කාර ලබාදීම වැදගත්. හිසකෙස් වල සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට බොහෝ දෙනා විවිධ හෙයාර් ලෝෂන් වර්ග, ෂැම්පු, කන්ඩිෂනර් වර්ග වගේම හෙයාර් මාස්ක් වර්ග ද භාවිතා කරනවා. මෙවැනි සත්කාර වලට අමතරව දිනපතා ඔබ භාවිතා කරන පනාවත් ඔබේ හිසකෙස් වල මනා පැවැත්ම කෙරෙහි බලපානු ලබනවා. ඒ නිසාම ඔබේ හිස්කෙස් වලට ගැලපෙනම පනාව හෝ බුරුසුව ‍තෝරාගැනීම ඉතා වැදගත් බව අප ඔබට මතක කරනවා.
රූපලාවන්‍ය විශේෂඥයින්ගේ නිර්දේෂ හා උපදෙස් වලට පරිදි ඔබේ කෙස් කලඹේ ස්වභාවයට ගැලපෙනම පනාව හෝ කොණ්ඩා බුරුසුව (බ්‍රෂ්) ‍තෝරගන්නේ මෙහෙමයි.

1.ලී පනා

  • හිසකෙස් පීරීමට, මාස්ක් ආලේප කිරීමට හා ස්ටයිලිං ලෝෂන් ගැල්වීමට භාවිත වේ. ඕනම වර්ගයේ හා ඕනම උසකින් යුතු කෙස්කලඹකට භාවිතය සුදුසුය. තෙල් සහිත කෙස්කලඹක් ඇති අයට වඩාත් උචිතය.
  • වාසි –කුණු දුහුවිලි , හෙයාර් ස්ප්‍රේ කොටස් ඉවත් කරය
  • අවාසි-ප්‍රවේසමින් භාවිතා කිරීමට සිදුවේ, හිසකෙස් මත පළුදු වීම් හෝ උල් ස්වබාවයන් ඇතිවීමට ඉඩ ඇත

2.සිලිකන් පනා

  • හිසපීරීමට,කෙස් කොටස් වර්ණ ගැන්වීමට භාවිතා කල හැක. වඩාත් සුදුසුවන්නේ වියළි හා හානි වූ කෙස්කලඹකටය.
  • වාසි-ස්ථිතික විද්‍යුතයන් ඉවත්කරයි, සෝදා පිරිසිදු කිරීම පහසුය
  • අවාසි-පැළීම් ඇතිවිය හැක

3.ප්ලාස්ටික් පනා

  • Bouffant විලාසිතා (කෙස්කලඹ පුම්බවා අලංකරණය කිරීම), නිවසේදි කෙස් කලඹ වර්ණ ගන්වාගැනීම සඳහා භාවිතා කරයි. ඕනම කෙස් කලඹකට එක දිගට භාවිතය සුදුසු නැත.
  • වාසි- පහසුවෙන් සේදිය හැකිය, පහසු මිල
  • අවාසි- හිසකෙස් විද්‍යුතනය වේ, දුහුවිලි ඇදගැනීම වැඩිය, හිසකෙස් අග පැළීමට හේතු සාධක වේ, තාපවත් වන විට හානිකර රසායනයන් නිකුත් කෙරේ, කල් නොපවතියි.

4.ස්වභාවික කෙඳි සහිත බුරුසු

  • දිනපතා හිසකෙස් පීරීමට හා සත්කාර සඳහා භාවිත කල හැක, සාමාන්‍ය කෙස් කලඹක් ඇති හා පළුදු වු හා අග පැළුණු හිසකෙස් සහිත කෙළින් කොණ්ඩයකට (ස්ට්‍රේට්) වඩාත් සුදුසුය.
  • වාසි- හිස්කබලේ සවේදිබවට වඩාත් ගැලපේ, කෙස්කලඹට දිදුලන බවක් එක්කරයි.
  • අවාසි- ලිහෙන්නේ නොමැති ගැට ඇති කෙස්කලඹකට සුදුසු නැත. ඝනකම්, පොකු‍ටු සහ තෙල් අධික කොණ්ඩා සඳහා නොගැලපේ, ඉක්මනින් කිළිටි වේ.

5.කෘතිම කෙඳි සහිත බුරුසු

  • දිනපතා භාවිතයට ගැනෙන බුරුසු විශේෂයකි. ඕනම කෙස්කලඹකට භාවිතයට සුදුසුය; කුඩා දරුවන්ට පවා භාවිතා කල හැකිය
  • වාසි– හිසකෙස් සුමුදු කරවයි, හිස්කබල මෘදුව සම්බාහනය කරයි, දිගු කල් පවතියි, ස්වභාවික කෙඳි සහිත ඒවා මෙන් මිල අධික නොවේ
  • අවාසි- හිසකෙස් විද්‍යුතනය කරවයි.

6.ලූපර් බුරුසු (looper brush)

  • බි‍ඳෙනසුලු හිසකෙස් ඇති, හිසකෙස් අධි දිගු කිරීම් (හෙයාර් එක්ටෙන්ෂන්) සහ බොරු කොණ්ඩා භාවිතා කරන අය භාවිත කරයි. හානි වූ හිසකෙස් සහ එක්ස්ටෙන්ෂන් භාවිතා කරන අයට වඩාත් සුදුසුයි, කුඩා දරුවන්ට ද සුදුසුයි.
  • වාසි– හිසකෙස් ඇදී යාමට ඉඩ නොදී ප්‍රවේසමින් ගැට ලිහාදමයි, හිස් කබල සීරීම් වලට ලක් නොකරයි.
  • අවාසි– ඝනකම් හිසකෙස් ඇති අයට භාවිතා කිරීම අපහසු වනු ඇත.

7.ෆිෂ් බෝන්’ බුරුසු (fish bone brush)

  • හෙයාර් ඩ්‍රයර් එකක් සමඟ භාවිතා කෙරෙන බුරුසුවකි. තෙත හෝ පෙඟුණු කෙළින් හිසකෙස් (ස්ට්‍රේට් හෙයාර්) පීරීම සඳහා ඉතා උචිතය.
  • වාසි- හිස් කබල පිලිස්සියාමෙන් ආරක්ෂා කරයි, ගැට ගැසුණු හිසකෙස් පීරීම පහසු කරවයි, කෙස් මුල් ආසන්නයෙන් කෙස්කලඹේ ධාරිතාව වැඩි පෙනුමක් ඇතිකරයි.
  • අවාසි- බොකු‍ටු කෙස් කලඹක ඇති අයට සුදුසු නොවේ, දිගු කල් නොපවතියි.

8.කවාකාර බුරුසු (round brush)

  • කෙස්කලඹේ ධාරිතාව වැඩිකිරීමට සහ අලංකරණය සඳහා භාවිතා කරයි. ඕනම වර්ගයේ ඕනම උසකින් ඇති කෙස් කලඹකට සුදුසුය.
  • වාසි-බුරුසුවේ විවිධ වර්ගයේ තත් සහිතය, කෙස් කලඹ ‘කර්ල්ස්’ ලෙස ‍රැළි කරගැනීමට හෝ කෙස්ගස් කෙළින් (ස්ට්‍රේට්) කරගැනීමට උපකාර කරයි,
  • අවාසි-කෙස්කලඹ පීරීම සඳහා භාවිතා කිරීම සුදුසු නොවේ

9.අර්ධ-කවාකාර බුරුසු (semi-round brush)

  • කොණ්ඩා අලංකරණය හා කෙස් කලඹේ ධාරිතාව වැඩිකරගැනීමට භාවිතා කෙරේ. ඕනම වර්ගයේ කෙටි කෙස්කලඹකට භාවිතා කල හැකිය.
  • වාසි– හිසකෙස් කෙළින් කරගැනීමට හෝ ‍රැළි කරගැනීමට උපකාර කරයි
  • අවාසි- දිගු කෙස් කලඹකට භාවිතය සුදුසු නැත

10.හෙයාර් ඩ්‍රයර් බුරුසු (hair dryer brush)

  • හිසකෙස් වියළා ගැනීමට හා අලංකරණය කරගැනීමේදි භාවිතා කරයි. තෙල් අධික සහ සාමාන්‍ය ඕනම වර්ගයේ කෙස් කලඹකට සුදුසුය.
  • වාසි- වේගයෙන් කෙස්කලඹ වියළා දේ, කෙස් කලඹ ‘කර්ල්’ කිරීමට හා කෙස්කලඹේ මහත ස්වභාවය වැඩිකරයි, සාමාන්‍ය හෙයාර් ඩ්‍රයර් වලට වඩා සංක්ෂිප්ත ස්වභාවයේ උපකරණයකි
  • අවාසි- කැඩෙනසුලු හිසකෙස් වලට හානි ඇති විය හැක,නිසි ක්‍රියාකාරිත්වයක් පැවතීමට නම් නිතිපතා උපකරණය පිරිසිදු කිරීමට සිදුවේ.

11.ස්ට්‍රේට්නර් බුරුසු (straightner brush)

  • හිසකෙස් කෙළින් කිරීමට හෙවත් ‘ස්ට්‍රේට් ‘ කිරීමට භාවිතා කෙරේ. ‍රැළි ගැසියාමේ නැඹුරුතාවක් ඇති සාමාන්‍ය හා තෙල් සහිත කෙස්කලඹකට සුදුසුය.
  • වාසි- ‘ෆ්ලැට් අයන් (flat iron)’ වලට වඩා ආරක්ෂාකාරීය. කෙස්කලඹේ මහත ස්වභාවය ආරක්ෂා කරයි, දිදුලන බවක් එක්කරයි
  • අවාසි- කැරලි සහිත කෙස්කලඹකට භාවිතා කිරීම අපහසුය, ප්‍රබල බල සැපයුමක් අවශ්‍ය වේ, දිගුකල් භාවිතයෙන් කෙස්කලඹ වියළි ස්වභාවයකට පත්ව යා හැකිය

12.ටේල් පනා (tail comb)

  • කෙස් කලඹේ කොටස් වෙන් කර බෙදාගැනීමට හා අලංකරණ කටයුතු සඳහා භාවිත කෙරේ. ඕනම උසකින් යුතු, කොණ්ඩා වර්ගයකට භාවිතය සුදුසුය.
  • වාසි- හිසකෙස් කොටස් වෙන්කර බෙදාගැනිම පහසු කරයි,හිසකෙස් පිම්බුණු ආකාරයේ විලාසිතා හැඩගැන්වීම් සඳහා භාවිතා කල හැකියි,
  • අවාසි- පනාව සකසා ඇති අමුද්‍රව්‍ය විශේෂය මත එහි ඵලදායි බව රඳා පවතියි.

12.ගැට කැඩීම සඳහා වන බුරුසු (detangling brush)

  • ගැටගැසුණු හිසකෙස් වල ගැට ඉවත්කරයි. තෙත සහ වියළි ඕනම වර්ගයේ කෙස්කලඹකට සුදුසුය.
  • වාසි- හිස්කබලට මෘදු සම්බාහනයක් ලබාදේ, හිසකෙස් ඉවතට ගැලවී නොයයි
  • අවාසි-මිල අධිකය, ගුණාත්මක බවින් අඩු අනුකරණ නිසා කෙස් කලඹට හානි විය හැක

14.ලේසර් බුරුසු (laser brush)

  • බරපතල ලෙස හිසකෙස් ගැලවීයාම සිදුවන අයට ලබාදෙන ප්‍රතිකාර වලදි භාවිතා කෙරේ.ඇලෝපීසියා හෙවත් හිස මුඩු බවින් පෙළෙන අයට හා දුර්වල හිසකෙස් ඇති අයට භාවිතය සුදුසුය.
  • වාසි- ක්ෂුද්‍ර සංසරණයන් වැඩිදියුණු කරවයි, හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරවයි
  • අවාසි– මිලෙන් අධිකය, අතුරු අබාධ ඇතිවීමට ඉඩ තිබිය හැක, කුඩා ලඹුන්ට හා ගර්භණී කාන්තාවන්ට සුදුසු නැත (භාවිතයට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාසිටීම වැදගත් වේ.)

15.රවුන්ඩ් හෙයාර් වොෂිං බ්‍රෂ්’ (round hair washing brush)

  • ස්නානය කරන විට හිස සම්බාහනය කිරීමට හා මාස්ක් වර්ග හිසේ ආලේප කිරීමේදි භාවිතා කරයි. ඕනම වර්ගයේ හා ඕනම උසකින් යුතු කෙස් කලඹකට සුදුසුය.
  • වාසි- රුධිර සංසරණය ක්‍රමවත් කර වැඩිදියුණු කරවයි, හිසකෙස් වර්ධනය වැඩි කරවයි, මේවායේ ඇතැම් වර්ග සිරුර සම්බාහනය කිරීමේදි ද භාවිතා කල හැකි සැකැස්මක් ගනියි
  • අවාසි- සංවේදි හිසකබලක් ඇති අයට සුදුසු නැත, ප්‍රබල ලෙස පීඩනය යෙදීම නිසා කෙස් කලඹ ගැට ගැසී යාමට හා කෙස් ඇදී ගොස් පිටතට ගැලවී යාම සිදුවිය හැක.