Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ නිවස සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ක්‍රම 09 ක්

ඔබ නිවසේ ‍රැ‍ඳෙන නො‍රැ‍ඳෙන අවස්ථාවලදි ඔබේ නිවසේ ආරක්ෂාව අවදානමට ලක් නොවීමට මේ උපක්‍රම හා පුරුදු අනුගමනය කිරීම ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි.

1.ඔබ මේ මොහොතේ සිටින ස්ථාන ගැන අනවශ්‍ය ලෙස තොරතුරු සමාජ මාධ්‍යය වල පළ නොකරන්න

  • ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන ගමනාන්තය,නවාතැන් ගන්නා ස්ථානය හෝ මේ මොහොතේ ‍රැඳී සිටින ස්ථානය ආදී තොරතුරු සමාජ ජාලා වල පළ කිරීම මඟින් ඔබ සිදුකරන්නේ විශාල වරදක්. එවැනි තොරතුරු කල් තියා වෙනත් පුද්ගලයින් අතට පත් වීම කොතරම් අනාරක්ෂිත දැයි සිතාබලන්න. උදාහරණයක් ලෙස ඔබේ ඒ තොරතුරු සොරෙකු අතට පත් වුවහොත් ඔබ නැති අතරේ ඔබේ නිවසේ ඇති වටිනා දේවල් සොරාගෙන යාමට පවා ඉඩ තිබෙනවා. නිවාඩුව ගත කර නිවසට පැමිණි එහි ඡායාරූප තොරතුරු පළ කිරීම වඩාත් ආරක්ෂිතයි.

2.නිවසේ නොමැති අවස්ථාවල රේඩියෝව ක්‍රියාත්මක කර තබා යන්න

  • නිවසේ ඇතුලත ශබ්දයක් ඇසීම නිසා බොහෝ විට ඇතුලත කවුරුන් හෝ සිටින බව සිතමින් සොරා එතැනින් පිටව යාමට ඉඩ තිබෙනවා.

3.මෝටර් රථය මාර්ගය නිවසේ මාර්ගය මැද නතර කර තබන්න

  • දින කිහිපයක් නිවසින් ඔබට පිටත ‍රැඳී සිටීමට සිදුවෙනවා යැයි සිතන්න.ඔබේ මෝටර් රථය ගාල් කර නොමැති බව දකින්නට ඇතිවිට සොරෙකුට ඔබ නිවසේ නොමැති බව තහවුරු කරගත හැක. ඔබට හැකියි ඔබ නිවසේ නොමැති දින කිහිපයේදි ඔබේ අසල්වැසියෙකුගේ වාහනයක් ඔබේ නිවස ඉදිරිපිට නවතන මෙන් ඉල්ලීමට. එහෙමත් නැතින්ම, පවුලේ ඥාතියෙකුට එම දින කිහිපයේදි ඔබේ නිවසේ ආරක්ෂා වෙනුවෙන් ‍රැඳී සිටින ලෙස හෝ නිවස සෝදිසි කරන මෙන් ඉල්ලා සිටීමට.

4.තවදුරටත් ඔබට අවශ්‍ය නැති රහසිගත ලියකියවිලි විනාශ කරන්න

  • ඔබේ මූල්‍ය වාර්තා, ගිණුම් තොරතුරු, පෞද්ගලික තොරතුරු සහිත ලියකියවිලි මේස මත තබා නොයන්න. ඒවා තවදුරටත් ඔබට අවශ්‍ය නොමැති නම් විනාශ කර දමන්න. ඔබට ඒවා අවශ්‍ය නම් ආරක්ෂිත තැනක ඒවා සඟවා තබන්න.

5.විනිවිද පෙනෙන ජනෙල් වලට ආරක්ෂක ආවරණ යොදන්න

  • ‘සෙකියුරිටි ‍ෆිල්ම් (security film)’ ලෙස හඳුන්වන මෙම ආවරණ සිහින් විනිවිද පෙනෙන ප්ලාස්ටික් විශේෂයක් වන අතර පිටතට පෙනෙන්නේ එහි රටාවන් පමණි. මේ නිසා ජනෙල් තුලින් නිවසේ ඇතුලත සිටින්නේ කවුදැයි පිටතට නොපෙනේ. ජන්වෙල් වලට වැඩි ශක්තියක් ද ලබාදෙන නිසා බිඳීම අපහසුය.

6.ටීවී සිමියුලේටර් උපකරණයක් මිලදි ගන්න (TV simulator)

  • මෙම උපකරණය මඟින් ටීවී ආලෝකයන් වෙනස් වන ආකාරයට සමානව ව්‍යාජ ආලෝකයන් විහිදුවයි. එමඟින් ඇතුලත යම් කෙනෙකු රූපවාහිනි නරඹමින් සිටින බවක් පිටත සිටින අයෙකුට පෙන්නුම් කරයි. සෙන්සර් හා ටයිමර් වැනි නවීන ලක්ෂණ සහිත ඒවා ද වෙලඳපොලේ තිබේ. අඩු විදුලි බලයක් වැය වේ.

7.ඔබ භාවිතා කරන යතුරු වල පින්තූර සමාජ මාධ්‍යයේ පළ නොකරන්න

  • එසේ කිරීම ඔබ විසින් ඔබවම අනතුරකට පත්කරගැනීමට සමාන විය හැක. ඡායාරූපයකින් සැබෑ යතුරක් එසේ නිර්මාණය කරගැනීමට තරම් තාක්ෂණය දියුණුය.

8.අසල්වාසීන් ඇසුරු කරන්න

  • ඔබ නිවසේ නො‍රැ‍ඳෙන විට ඔබේ නිවසේ වටපිටාව ගැන විපරමින් සිටින අසල්වැසියන් සිටීම මහත් සහනයකි. එවිට ඔබට ඕනම ගමනක් හිතේ කරදරයකින් තොරව යාමට හැකියි. ඒ නිසා අසල්වැසියන් සමඟ සුහදතාව වර්ධනය කරගන්න.

9.දොර පි‍ටුපසින් පබලු පිරවූ විදුරුවක් තබන්න

  • ඇතුලු වන දොර‍ටුව අසල පබළු පිරවූ වීදුරුවක් තැබීමෙන් කවුරුන් හෝ දොර විවෘත කිරීමේදී එය පෙරළී යාවි. මේ ක්‍රමයත් ඇතුල් දෙසට විවෘත කිරීමට ඇති දොරවල් සඳහා පමණක් භාවිතා කල හැකි ක්‍රමයකි. ඇතැම් විට නිවසට ඇතුලු වූ කෙනා සූක්ෂම ලෙස ඒවා නැවත වීදුරුවට පුරවා තිබූ ස්ථානයෙන් තියන්නට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා වීදුරුවේ තිබූ පබළු ගණන ගැන යම් අදහසක් තබාගැනීම වැදගත් වේවි.