Hela Rahas

Hela Rahas Official Web Portal

මෝටර් රථයේ දොර අගුලු වැ‍ටුණු විට දොර ඇරගන්න උක්‍රම 10ක්

ඔබේ මෝටර් රථයේ යතුරු කැ‍රැල්ල අස්ථානගත වෙලා නම් හෝ යතුර වාහනය ඇතුලත තිබියදි දොරේ අගුලු වැටී ඇත්නම් මෝටර් රථයේ දොර නැවත විවෘත කරගැනීමට ඔබට විවිධ පරිශ්‍රමයන් දරන්නට සිදුවෙනවා. කලබලය නිසා කරදරයට පත්වෙලා ඉන්න වෙලාවේ ඔබේ අවශ්‍යතාව පහසුවෙන් ඉ‍ටුකරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. යතුරක් නැතිව ඔබේ වාහනයේ අගුලු වැ‍ටුණු දොර විවෘත කරගත හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.

ක්‍රමය 1- ටෙනිස් බෝලයක් භාවිතා කරන්න

  • ටෙනිස් බෝලයේ යතුරු හිලට සමාන කුඩා සිදුරක් සාදා හිල මත තබා තල්ලු කරන්න.බෝලය මඟින් එල්ලවෙන වායු බලය මඟින් මෝටර් රථයේ අගුලු ඉවත්වෙනු ඇත.

ක්‍රමය 2- සපත්තු ලේස් එක භාවිතා කරන්න

  • මේ සඳහා යම් කාලයක් ගත විය හැකි අතර භාවිතා කල හැක්කේ Pulling-up lock වර්ගයේ යාන්ත්‍රණයක් ඇති මෝටර් රථ සඳහා පමණි. නමුත් මෙය සිදුකල නොහැක්කක් නොවේ. කුඩා ලූපයක් ගැටගසා, දොර‍ටුව තුලට සපට්තු ලේස් එක සෙමින් තල්ලු කරන්න, ලොක් එක වටා ලූපය යවමින් ඉහළට අදින්න. දොර විවෘත වේ.

ක්‍රමය 3 – හැන්ගර් එකේ කොක්ක භාවිතා කරන්න

  • මෙය තිරස් වර්ගයේ අගුලු සඳහා පමණක් භාවිතා කල හැක්කකි. හැන්ගර් එකක කබිය නවා කොක්කක් සාදා දොර‍ටුව තුලට දමා අගුල වටා යවමින් එක්වරම අදින්න.
  • ක්‍රමය 4- කූරක් සහ ඉස්කුරුප්පු නියනක් භාවිතා කරන්න-මෙය ඉතා ප්‍රවේසමින් සිදුකල යුතු ක්‍රමයකි. ඊට හේතුව නම් ඉස්කුරුප්පු නියන -නිසා මෝටර් රථයේ දොර‍ටුවේ බාහිර වගේම අභ්‍යන්තර කොටස් වලටත් හානි සිදුවිය හැකි නිසාය. නියනින් දොර‍ටුවේ යම් විවරයක් සාදාගෙන කූර භාවිතා කරමි අගුල තල්ලු කරන්න.

ක්‍රමය 5- spatula එකක් භාවිතා කරන්න

  • ලීවරය භාවිතයෙන් දොර‍ටුවට කූඤ්ඤයක් දමා විවෘත කරගෙන spatula හෝ ඊට සමාන පැතලි උපකරණයක් ඇතුලට තල්ලු කර අගුල ඉහළට ඔසවන්න.

ක්‍රමය 6- හුලං පිරවිය හැකි කූඤ්ඤයක් භාවිතා කරන්න

  • ඉස්කුරුප්පු නියන භාවිතයෙන් සිදුකරන ක්‍රමයට සමාන මේ ක්‍රමයේදී ලෝහ කූර වෙනුවට හුලං හරහා දොර විවෘත වේ. මෙම උපකරණය භාවිතයෙන් මිනිත්තුවක් යන්නට මත්තෙන් අගුලු වැ‍ටුණු දොර විවෘත කරගත හැකිය. ඉන් මෝටර් රථයේ පිටත තීන්ත ආවරණයට හානියක් නොවන නිසා වාසියකි. නමුත්, මෙය තරමක් මිලෙන් අධිකයි.

ක්‍රමය 7- ප්ලාස්ටික් පටියක් භාවිතා කරන්න

  • ප්ලාස්ටික් පටිය නවා දොරේ කම්බිය හරහා යවා අගුල ඉහළට ඔසවන්න.

ක්‍රමය 8- කාර්මික සහයකයෙකුගේ සහය ලබාගන්න

ක්‍රමය 9- වෘත්තිය වශයෙන් භාවිතා වන අගුලු කැඩීමේ උපකරණ (lock picking tool) භාවිතා කරන්න

  • මෙම උපකරණ භාවිතා කරන ක්‍රමය ඔබ දන්නවානම් පහසුවෙන්ම අගුල් විවෘත කරගන්නට ඔබට හැකි වේවි.

ක්‍රමය 10- යතුරු හදන තැනැත්තෙකුගේ සහය ලබාගන්න