Hela Rahas

Hela Rahas Official Web Portal

සැල්දිරි යුෂ පානය කිරීමේ ගුණ 6ක්

සැල්දිරි වල අඩංගු ඉහළ තන්තු පෝෂක මඟින් ආමාශය තෘප්තිමත් කරවයි. මේ හේතුව නිසා ඒවා වැඩි ප්‍රමාණයක් එකවරක ආහාරයට ගැනීම ඉතා අපහසුය. නමුත්, යුෂ ලෙස පානය කිරීමේදි වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කල හැකියි. සැල්දිරි වල හිතකර විටමින්, ඛනිජ හා සිරුරට අත්‍යවශ්‍ය වෙනත් පෝෂක ‍රැසක් අන්තර්ගත ය. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන මෙම පානය ඔබේ සිරුරේ නීරෝගි බව සඳහා ඉහළ මට්ටමේ පෝෂණ ප්‍රතිලාභ අත්කරදේ.

සැල්දිරි යුෂ පානයේ අඩංගු සීනි හා කැලරි ප්‍රමාණය ඉතා අවමය.වෙනත් එළවළු හා පලතුරු යුෂ පාන වලට සාපේක්ෂව එය ඉතා අඩු මට්ටමකි. උදාහරණයක් ලෙස සැල්දිරි යුෂ එක් වීදුරුවක අඩංගු සීනි හා කැලරි අගය මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක අඩංගු සිනි හා කැලරි ප්‍රමාණයටත් වඩා ඉතා අඩු ය. නමුත් සිරුරට තන්තු පෝෂක ඉතා වැදගත් වුවත් ආහාර වේලක් ලබානොගෙන සැල්දිරි යුෂ පමණක් පානය කිරීම ද සුදුසු නැති බවත් මතක තබාගන්න.අපි දැන් බලමු සැල්දිරි යුෂ පානයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා!

1.ඇස් පෙනීම සම්බන්ධ ගැටලු ඇතිවීමෙන් වළක්වයි

  • සැල්දිරි වල විටමින් A ඉතා බහුලය. එම පදාර්ථ ඇස් වල පෙනීම සඳහා ප්‍රධාන දායකත්වයක් ඉ‍ටු කරයි. ඒවා මඟින් ඇස් වල පෘෂ්ඨය බැක්ටීරියා හා වෛරස ආසාදන වලට එරෙහිව ආරක්ෂා කරයි. වියපත් වීමත් සමඟ ඇතිවන ඇසේ සුද මතුවීම (cataract) ආදි අක්ෂි රෝග වර්ධනය වීම වැළැක්වීමට මෙම විටමින් පදාර්ථ උපකාර කරයි.

2.පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරවයි

  • සැල්දිරි වල ලුටෙඔලින් අඩංගු වේ. පර්යේෂකයින් විසින් පෙන්වාදෙන්නේ මෙම මූලද්‍රව්‍ය මඟින් සිරුරේ පිළිකා සෛල දුර්වල කරවන බවයි. එමඟින් ඒවාට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩිකරවයි. චීන වෛද්‍ය ක්‍රමවේද වලදී සැල්දිරි පිළිකා නාශක ඖෂධයක් ලෙස ඉතා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා වී ඇති බව පැවසේ.

3.ආමිලික ආහාර උදාසීන කරවයි

  • සැල්දිරි වල යකඩ, මැග්නීසියම් හා සෝඩියම් ආදි ඛනිජ පෝෂක බහුල බැවින් ඒවා මඟින් මෙම යුෂ පානයට ක්ෂාරිය ගුණ ලබාදේ. එනම් ආමිලික ආහාර වල ප්‍රබල බව උදාසීන කරවමින් සිරුරේ නීරෝගි හා හිතකර pH අගයක් පවත්වාගැනීමට සහය ලබාදේ. අධි ආම්ලික ආහාර පරිභෝජනය නිසා අස්ථි දිරායාම, වකුගඩු වල ගල් හටගැනීම සහ අක්මාව හා හෘදය ආශ්‍රිත රෝග ගැටලු මතුවීම සිදුවේ. එදිනෙදා අප පරිභෝජනය කරන බොහෝ ආහාඅ ආමිල්ක ස්වභාවයෙන් යුක්ත වන අතර සැල්දිරි යුෂ පානය මඟින් ඉහත සඳහන් ගැටලු ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් පාලනය කරගැනීමට හැකිය.


4.තරල සමබරතාව නියාමනය කරයි

  • සැල්දිරි වල අඩංගු ඉහළ පොටෑසියම් ගුණ අඩංගුය. මෙම පෝෂක සිරුරේ බොහෝ ක්‍රියාවලින් සඳහා වැදගත් කාර්යභාරයක් ඉ‍ටුකරනු ලබයි. සිරුරේ මනා ක්‍රියාකාරීත්වය සඳහා වඩාත්ම වැදගත් වන ඛනිජ වර්ගය වන්නේ පොටෑසියම් බව විද්‍යාඥයින් පවසති. සිරුරේ 60% ක් පමණ ඇත්තේ ජලය වන අතර ඉන් 40% ක් පමණ ඇත්තේ සෛල අභ්‍යන්තරයේය. ඉතිරි ප්‍රමාණය සෛල වලට පිටතින්, කණ්ටකීය තරල තුල, රුධිරයේ හා සෛල අතරමැදය. සෛල අභ්‍යන්තරයේ හා බාහිරව ඇති මෙම ජලය මට්ටම ඉලෙක්ට්‍රොලයිට නැතකොත් විද්‍යුත් විච්ඡේද්‍ය සාන්ද්‍රණය මඟින් බලපෑමට ලක්වේ. පොටෑසියම් ජලයේ දියවන අතර අප පද්ධතිය තුල ධනාත්මකව ආරෝපණය වූ විද්‍යුත් විච්ඡේද්‍යයක් ලෙස ක්‍රියාකරමින් සෛල අභයන්තරයේ ඇති තරල මට්ටම නියාමනය කරයි.

5.දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝග තත්වය ඇතිවීම වළක්වයි

  • වර්තමාන ලෝකයේ අභියෝගයක් ලෙස හඳුනාගැනෙන මෙම රෝග තත්වය පිලිබඳව සඳහන් වන තක්සේරු කිරීම් වල සඳහන් වන්නේ 2030 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 400 කට වඩා මෙම රෝගයෙන් පෙළෙනු ඇති බවයි. සැල්දිරි යනු එවැනි තත්වයක් සිරුරේ හටගැනීම වළක්වාගත හැකි හොඳම ස්වභාවික ක්‍රමයකි. ඒවායේ විටමින් K පදාර්ථ බහුලව අඩංගුය. අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ මෙම පෝෂක මඟින් ඉන්සියුලින් වලට අපේ ඇති සංවේදීතාව වැඩිකරවන බවයි.

6.රතු හා සුදු රුධිර සෛල වලට අත්‍යාවශය මූලද්‍රව්‍යයක් වන ෆෝලේට් අඩංගුය

  • ෆෝලේට් යනු B විටමින් කාණ්ඩය යටතේ එන,ඇට මිදුලු වල ඇති රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලට අතවශ්‍ය මූලපදාර්ථයකි. කාබෝහයිඩ්‍රේට් ශක්තිය බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ද, ප්‍රෝටීන් ඛණ්ඩනය කිරීම හා DNA නිෂ්පාදනය කිරීමේදී වැදගත් කාර්යක් ඉ‍ටු කරනු ලබයි. එක් සැල්දිරි යුෂ කෝප්පයක අඩංගු ෆෝලේට් ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 145 ක් වන අතර, එය පුද්ගලයෙකුගේ දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 36% ක්, හා ගැබිණි හා මවුකිරි ලබාදෙන කාන්තාවන්ගේ දෛනික අවශ්‍යතාවයෙන් 29% ක් වන ප්‍රමාණයකි.
  • සැල්දිරි ඔබේ නිවසේම වගාකිරීමට මිලදී ගත් සැල්දිරි පඳුරක යට කොටස් කපා ඉවත් කරගන්න. ඒවා ජලයේ දමා දින කිහිපයක් තබන්න. කුඩා රිකිළි මතුවී ඇති බව නිරීක්ෂණය කල හැකි වූ පසු පාත්තියක සි‍ටුවන්න. ජලය හා පොහොර යොදමින් හොඳින් වර්ධනය වීමට ඉඩසලස්වන්න.