Hela Rahas

Hela Rahas Official Web Portal

ස්ත්‍රී පාද වලින් කියවෙන ගති ලක්ෂණ 17ක්

කෙනෙක්ගෙ වාසනාව අවාසනාව, සැප- දුක තීරණය වෙන්නෙ තමන් පෙර කරපු කුසල් අකුසල් මත බව බෞද්ධ අපි පිළිගන්න දෙයක්. නමුත් අපෙ ශරීරයේ විවිධ අංග වලින් මිනිසෙක්ගෙ වාසනාව අවාසනා ගුණය, ගති ලක්ෂණ කියවෙන ආකාර තියෙනවා.
ඉතිං ඒ වගේ ස්ත්‍රියකගේ පාදයේ අංග ලක්ෂණ වලින් කියවෙන දේවල් ගැන සඳහන් වෙනවා. මේවා විවිධ අය අතර ඇති විශ්වාසයන්. බලන්න ඔබේ පාදවලත් මේ ලක්ෂණ තියෙනවාද කියලා.

  • යම් ස්ත්‍රියකගේ පාදය සිනිඳුව, වට වූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තයි.
  • පාදය පිට මොලොක්ව පිහිටියේ නම් ඇය ද ඉතා වාසනාවන්තයි.
  • පාදයේ දෙවැනි ඇඟිල්ල මැදඟිල්ලට වඩා මඳක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබනවා.
  • පාදයේ නිය සිනිඳුව වට වූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත නම් ඇය බොහෝ සම්පත් ලබයි.
  • පාද නැමුණු ආකාරයෙන් වූයේ නම් ඇය සදාකල්හිම දිළිඳු බවින් කල් ගත කරන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුළැඟිල්ල දක්වා ක්‍රමයෙන් කෙටි වී පිහිටීම ද ඉතාමත් ශුභ ලක්ෂණයක් බව කියනවා.
  • යටි පතුල් රත් පැහැවීමත්, එහි රේඛා අතර දියමන්ති, මත්ස්‍ය රූප, කඩුව, වී ඇට, නගුල යනාදී රූප සටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හැකි බව කියනවා.
  • දිගු පාද හිමි නම් වාසනාවන්තයි
  • කෙටි පාද ඇති නම් ඒ ස්ත්‍රීන් කපටි හා වංචනිකයි. සුළඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරචාරයේ යෙදෙනවා. පය සම්පූර්ණයෙන්ම බිම නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් යහපත්.
  • යම් ස්ත්‍රියකගේ කකුල් කකුළුවකුගේ වගේ නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදු වෙන බව කියනවා.
  • පාදයෙහි පතුල මැද නැවී උඩට නෙරා පිහිටියේ නම්, පය බිම තැබූ විට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේ නම් ඇය දිවි ඇතිතෙක්ම දිළිඳු භාවයෙන් පෙළෙනවා.
  • ගමන් කරන විට එක පාදයක් ඇළකට තබමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙයාකාරයෙන්ම ගමන් කරන ස්ත්‍රිය තරුණ වියේදීම අනාචාරයට පෙලඹෙයි. ඇය මවගෙන් හෝ පියාගෙන් දායාදයක් නොලබයි. කෙතරම් ඉගෙනීම ලැබුවත් ඇය ඉන් ප්‍රතිඵලයක් ලබන්නේ නෑ. විවාහයට පත් වුනත් ජීවිතය සාර්ථක නොවේ.
  • කකුලේ දෙවැනි ඇඟිල්ල, මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරු වූයේ නම් ඒ ස්ත්‍රිය දෙමාපිය වැඩිහිටියන්ගේ නොමඳ ගෞරවයට ලක් වේ. පති භක්තියෙන් යුක්ත වේ. ස්වාමිපුරුෂයාගේ නොමඳ ආදරය ලබයි. චරිතය නොකැළැල්. කුල සිරිත් ආරක්ෂා කර ගන්නවා. සැපවත් යුග දිවියක් ගත කරයි.
  • දෙවනි ඇඟිල්ල හා මහපට ඇඟිල්ල වඩා දිග්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමග නිතර අඬදබර කරනවා.
  • රතු පැහැයෙන් යුතු ඇඟිලි පෙළ පොළෙවේ ස්පර්ශ වේ නම් ඇය විවිධ වූ සම්පත්වලට හිමිකම් කියයි. රාජ්‍ය සම්මාන පවා හිමි වේ. රජ බිසවක් සේ සම්පත්තීන් ලබයි.
  • මහපට ඇඟිල්ල දික්ව මහත් වී තද ගතියෙන් යුක්ත නම් ඇය එඩිතරයි. අහංකාරය. වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක් වේ. නමුත් සැප සම්පත්වලට උරුමකම් කියනවා.
  • යම් ස්ත්‍රියකගේ කෙණ්ඩා යුගලය මනා සේ සම්පූර්ණව පැහැපත් ඡව් වර්ණයෙන් යුක්ත වීම, ලෝම රහිතව ලේ ශිරා මතු වී නොපෙනීම, දෙදණ ඒක සමාන වීම ද යහපත් බව කියනවා. ඇයගේ පය ඇඟිලි එක පිට එක ගැසුණා සේ වේ නම් ඉතා අසුබයි. ඔවුන් සිය සැමියා නසා වෙනත් පුරුෂයන් සමග සතුටු වෙනවා. බොහෝ විට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇති බව කියනවා.
  • යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුයිද, පා ඇඟිලි අපිළිවෙළින් විසුරු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද, නියපොතු කුණුවල පිට ඇති ආකාරයෙන් ද පිහිටා ඇත්තේ නම්, ඒ ස්ත්‍රින් වාසනාවන්ත නැති බව කියනවා. තරමක් ඉගෙන ගත්තත් ඇය උගත්කම පිටතට ප්‍රදර්ශනය කරන්නේ නෑ. ඔවුන් දාසියන් වගේ ජීවිත කාලය තුළම දුක් විඳී, මොවුන් ධනවත් හෝ උගත් පවුලක ඉපදුනත් ඇය කම්කරු ස්ත්‍රියක් වැනිය, පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර ප්‍රිය කරයි. පිරිමින්ට ප්‍රිය මනාප අයුරින් සිටීමට හෝ පිළිවෙළකට ඇඳුම් පැලඳුම් වලින් සැරසී සිටීමට ප්‍රිය නොකරයි. සමාජයට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට ප්‍රියතාවක් දක්වනවා. පොඩි වේදනාවක් වුනත් විඳ දරා ගැනීමට අපහසුයි. ඔවුන්ගේ විවාහ ජීවිතය ද සාර්ථක නැති බව කියනවා.