Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවන් සිටින දෙමවුපියන් සිදු කරන වැරදි 10 ක්

දෙමවුපියන් තම දරුවන්ට බොහෝ ආදරය කරති. නමුත්, ඔවුන් අතින් ද ඇතැම් විට වැරදි සිදු විය හැකියි. ඔබේ අත්වැරදීම් නිසා ඔබේ දරුවාගේ ජීවිතයටත් බලපෑම් ඇති විය හැකියි. තරුණ දෙමවුපියන් විසින් බහුලව සිදුකරනු ලබන මේ පොදු වැරදි නැතිනම් මොනවාදැයි දැනගමු!

1.අතින් ස්පර්ශ කර දරුවාගේ උෂ්ණත්වය මැනීම.

  • දරුවාගේ ශරීරය මදක් උණුසුම් වීමට ඇති ඉඩ වැඩියි. ඔවුන්ගේ සාමාන්‍යය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 97- 100 ත් අතර දෝලනය වෙයි. එම උෂ්ණත්වය ඉක්මවා තිබෙයි නම් දරුවාට උණ හටගෙන තිබෙන බව නිගමනය කලහැකියි. මේ සියුම් උෂ්ණත්ව වෙනස්වීම් ඔබට අතින් ස්පර්ෂ කර දැනගැනීමට නොහැකියි. එබැවින් උෂ්ණත්වමානයක් (Thermometer) බාවිතා කිරීම උචිතයි. විශේෂයෙන්ම ඔබෙ දරුවා මාස 3 කට වඩා අඩුයි නම් ඔබ මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.

2.Diapers ගොඩගසා ගැනීම

  • දරුවා නිතරම මලමූත්‍රා පිටකරන නිසා ඩයපර්ස් ඔබේ නිවසේ වැඩිපුර ගෙනත් තබාගැනීමට ඔබ පෙලඹෙනවා ඇති. නමුත්, ඔබේ දරුවා දවසින් දවස ලොකු වෙන නිසා ගොඩගසා ගත් ඩයපර්ස්, දරුවාගේ ප්‍රමාණයට වඩා එන්න එන්නම කුඩා විය හැකියි (දරුවෙක් මසකට ප්‍රමාණයෙන් අඟල් 1/2 ක් -1 ක් පමණ වර්ධනය වන අතර සතියකට ග්‍රෑම් 140-200 ත් අතර ප්‍රමාණයකින් බරින් වැඩි වේ). එමනිසා නැවතත් අලුතින් ඒවා මිලදී ගන්න ට ඔබට සිදුවේවී. ඉතින් ඒවා එකවර ගොඩ ගසා ගැනීම මුදල් නාස්ති කිරීමක් නේද?

3.ඔවුන්ව අස්වසන දේ (pacifiers) ඉවත් කරන්න උත්සහ නොකරන්න.

  • දරුවා ඇඟිල ඉරීම වැනි පුරුදු නිසා ඔවුන් එයට දිගටම ඇබ්බැහි වේයැයි සිතමින් ඔබ කලින්ම ඉන් දරුවා මුදවන්න උත්සහ කරනවා ඇති, විශේෂයෙන්ම ආසාදන හෝ දන්ත ගැටලු ඇති විය හැකියි යන බියෙන්. The American Academy of Pediatrics නම් ආයතනය විසින් හෙලිකරන පරිදි දරුවා අස්වසන දේවලින් ඔවුන්ව ඉවත් කිරීමට සුදුසුම කාලය වන්නේ මාස 6 පිරුණු පසුව බවයි.

4.දරුවන්ට වැරදි පහදා නොදීම.

  • මුල් කාලයේ පටන්ම, ඔබේ දරුවාට විනය පිලිබඳව වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල වගකීම දරන්නට උගන්වන්න. ඒ හැර ඔබෙ දරුවාගේ වැරදි ගණන් නොගෙන සිටීමෙන් දරුවා ඒවා වැරදි යයි වටහානොගෙන අනාගතයේදිත් නැවත නැවත එම වරද සිදු කිරීමට පෙලඹෙනු ඇත.

5.දරුවා පරක්කු කරගැනීමට” සිතා තාක්ෂණික මෙවලම් ඔවුන් අතට ලබා දීම.

බොහෝ දෙමවුපියන් අද වන විට රූපවාහිනිය සහා දුරකතනය බාවිතා කරමින් දරුවන් නළවා ගැනීමට උත්සාහ කරති.පර්යේෂණයකට අනුව, මෙම උපාංග මඟින් නිකුත් කරන විකිරණ මඟින් ඔබේ දරුවාගේ මොලයට හානි සිදු කරන බව සොයා ගෙන තිබේ.

6.උණ ගතියක් ඇති විට බිලිඳාගේ දෙපා ආවරණය කිරීම.

  • දරුවාගේ උෂ්ණත්වය අධික විට දහදිය දැමිමට ඉඩ හැරිය යුතුයි යන්න මිථ්‍යාවකි. එමඟින් සිදුවන්නේ ඔවුන්ව තවත් උණුසුම් වීම පමණයි. බ්ලැන්කට් බාවිතයෙන් හෝ වැඩියෙන් ඇඳුම් අන්දවා දරුවාව ආවරණය කිරීමට වඩා සැහැල්ලු ඇඳුම් ඇන්දවීම උචිතවේ. විදුලි පංකාවක් බාවිතයෙන් කාමරය සිසිල්ව තබාගැනීමටත් උත්සාහ කරන්න.

7.තෙත් කරගන්න සැණින්ම ඇඳුම් මාරු කිරීම

  • කුඩා දරුවන් වරකදී විටින් විට මලමූත්‍රා පහ කරන නිසා ඉක්මණින් ඩයපර් එක මාරු කරන්න කලබල වෙන්න එපා. එමඟින් මලමූත්‍රා ඉහිරී යන්නටත් ඉඩ තියෙනවා. එහි ඇති උරාගැනීමේ ගතිය නිසා බොහෝ වේලවක් එකම ඩයපර් එකක් බාවිතා කලහැකියි. ඩයපර් මඟින් දරුවාගේ තට්ටම් පෙදෙස වියළිව තබාගනිමින් බිබිලි ඇති වීමද වලකනවා. තෙත් කරගත් ඇඳුම් මිනිත්තු කිහිපයකට පසුව ඉවත් කරගැනීම උචිත වේ.

8.බලෙන්ම හැන්දෙන් කැවීම.

  • වෛද්‍යවරුන් පවසන පරිදි, මවුවරු අවුරුද්දට වැඩි ළදරුවන්ට හැන්දෙන් කැවීමට උත්සාහ කිරීම ඔවුන්ගේ සෞඛ්‍යයට හා සමස්ත වර්ධනයට අගුණ බවයි. දරුවන්ටම හැ‍ඳෙන් ආහාර ගැනීමට ඉඩ දෙන ලෙස මවුවරුන්ට උපදෙස් ලබාදෙයි. මවුවරු විසින් හැන්දෙන් ආහාර කැවීමෙන් දරුවා වැඩුණු පසු ආහාරවලට බොහෝ ගිජු වීම හා ස්ථූල වීමට ඉඩ ඇත.

9.ඔවුන් වෙනුවෙන් අනවශ්‍ය ලෙස බොහෝ මුදල් වියදම් කිරීම.

  • දරුවන් ඉක්මනින් වර්ධනය වන නිසා ඔවුන් සඳහා මිලට ගත් ඇඳුම් ප්‍රමාණයෙන් ප්‍රමාණවත් නොවෙයි. ඉතින්, ඔබ කොතරම් වැඩියෙන් ඇඳුමකට මුදල් වියදම් කරලා තිබ්බත් ප්‍රමාණය මදි කමින් එය බාවිතයෙන් ඉවත් කිරීමට ඔබට සිදු වෙනවා.

10.දරුවාට පහර දීම හෝ තර්ජනය කිරීම

දරුවන්ගේ වැරදි වලට පහරදීම හෝ උස් හඬින් බැන වැදීම විසඳුමක් නොවේ. ඉන් සිදුවන්නේ තවත් ගැටලු ඇති වීම පමණි. ඒකාධිපති ආකාරයකට හෝ ඉතා සැරපරුෂ විදියට දරුවාට තරව‍ටු කරමින් ඔවුන් ලවා දේවල් සිදු කරවා ගැනීම සුදුසු නැත. ඒ වෙනුවට ඔවුන් සමඟ මිත්‍රශීලීව ,ඔවුන්ට විනය උගන්වමින් සිදුකලයුතු දේවල් විධාන කිරීමට ඔබට හැකියි.
ඔබත් මේ වැරදි ජීවිතයට එකපාරක් හරි කරලා තියෙනවා නේද?