Hela Rahas

Hela Rahas Official Web Portal

ගර්භණී සමයේ ආහාරයට නුසුදුසු දේවල් 6 ක්

ගර්භණි සමයේදි මවක් තමන්ගේ සෞඛ්‍යය ගැන වගේම කුස තුල සිටින නූපන් දරුවා ගේ සෞඛ්‍යය ගැනත් නිබඳව සිතිය යුතුයි. ඒ නිසාම සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් ගත කරන අතරේ නීරෝගි සමබල ආහාර වේලක් ලබගනිමින් සිරුරට පෝෂණය ලබාගැනීම ඉතා වැදගත් වේ. නමුත් පෙර දා මෙන් ආහාරයට ගත් සෑම ආහාර වර්ගයක්ම ගර්භණි සමයේදි එලෙස පරිභෝජනය කිරීම සුදුසු වන්නේ නම් නැහැ. ගර්භණි මාස 9 තුල මවක් විසින් ආහාරයට නොගත යුතු ආහාර පාන වර්ග කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ

1.ඇතැම් මාලු වර්ග

  • ගර්භණී සමයේදි දෙයාකාරයක මාලු විශේෂ ඔබ විසින් පරිභෝජනයෙන් ඈත් කල යුතුයි.අධික ලෙස රසදිය අඩංගු මාලු- තලපත්, මෝර මාලු,ටූනා, කින්ග් මැකරල් වල ඒවා බහුලය. කුඩා දරුවන්ගේ මොලයේ ගැටලු හා ශරිර වර්ධනය ගැටලු සම්බන්ධයෙන් රසදිය වල බලපෑමක් ඇතිබව පැවසේ.කාපියා මාලු වල රසදිය අඩංගු වන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයකිනි. එබැවින් සතියකට එක් වේලක් සඳහා ඒවා පරිභෝජනය කිරීම ගැටලුවක් නොවනු ඇත.
  • ප්‍රාදේශිය ගංගා, ඇළ දොළ හා පොකුණු වලින් අල්ලාගන්නා මාලු වර්ග පරිභෝජනයට නොගන්න. ඒවා බොහෝමයක් කර්මානශාල අපද්‍රව්‍ය හා වෙනත් සාධක බලපැමින් දූෂණයට ලක්වී තිබිය හැකිය. මෙම මාලු වල පොලික්ලෝරිනේටඩ් බයිෆෙනිල් ඉහල මට්ටමින් අඩංගු ය.

2.මෘදු චීස් වර්ග

  • මෘදු චීස් මේවා කොතරම් රසවත් වුවත් ඒවායේ E.coli හ listeria වැනි බැක්ටිරියා සිටිය හැකි අතර එම බලපෑමින් විවිධ සෞඛ්‍යය ගැටලු හා ගර්භණීභාවය කෙරෙහි පීඩාකාරි බලපෑම් ඇතිවිය හැකිය. පාස්චරිකරණය නොකළ කිරි වලින් සෑදු චිස් අනුභවයට නොගන්න (උදා: cambert, feta, panela වැනි චීස් වර්ග).
  • ඒවා වෙනුවට ඝන චීස් ආහාරයට ගන්න(උදා:swiss, cheddar වැනි). නැතිනම් 100% ක්ම පාස්චරීකරණය කල කිරි වලින් සෑදූ මෘදු චීස් වර්ග ආහාරයට ගැනීම ද ගැටලුවක් නැත.

3.මුහුදු ආහාර

  • ෆැරහයිට් අංශක 165 ක උෂ්ණත්වයකින් පිස නොමැතිනම් මෙම ලුණු අධික මුහුදු ආහාර ශීතකරණයේ තබා ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිත නැත. ඒවායේ listeria monocytogenes නම් බැක්ටීරියා අඩංගු වන අතර listeriosis නම් ඔබටත් ඔබේ දරුවාටත් අනතුරුදායක විය හැකි සෞඛ්‍යය පීඩාව ඇතිකරවිය හැක.

4.අධික කැෆේන් පරිභෝජනය

  • අධික ලෙස කැෆේන් අඩංගු ආහාර පාන පරිභෝජනය කුඩා දරුවන්ගේ උපත් බර අඩු වීමට හේතුසාධක විමට , නොමේරු දරු උපත් ඇතිවීමට,හා ගබ්සාවීම වැනි තත්වයන් ඇතිවිමට සම්බන්ධතා දක්වන බව පෙන්වාදේ, එබැවින් කැෆේන් භාවිතය පලානයට ලක්කිරීම ඉතා වැදගත්ය. කෝපි හෝ තේ එක් කෝප්පයක් පානය කිරීම ගැටලුවක් නොමැත. දෛනික කැෆේන් පරිභෝජනය් මිලිග්‍රෑම් 200 ට වඩා අඩුවෙන් පවත්වාගන්න. ග්‍රීන් ටී, සෝඩා ආදි පාන වර්ග වලද කැෆේන් අඩංගුය. එබැවින් සැලකිලිමත් වන්න. කැෆේන් අඩංගු නොවන පාන වර්ග (decaffeinated drinks) ‍තෝරගන්න. ජලය හොඳින් පානය කරන්න. පලතුරු යුශ පානය කිරීම ද ආරක්ෂිතය.

5.පෙර පිසින ලද මස් වර්ග (ඩෙලි මීට්)

  • පෙර සැකසූ එනම් කලින්ම පිසින ලද මස් නිෂ්පාදන පරිභෝජනයෙන් වැළකී සිටිම ඉතාමත් උචිතය. ඊට හේතුව නම් ඒවායේ සෞඛ්‍යය ගැටලු මතුකරවීමට සමත් listeria වැනි හානිකර බැක්ටීරීයා වර්ධනය වී තිබිය හැකි විමය. හොට් ඩෝග්, සැන්ඩ්විච් මස් පෙති, මස් පෙති,’ලන්ච් මීට්’ හා ‘කෝල්ඩ් කට්ස්’ ආදි මස් නිෂ්පාදන භාවිතයෙන් වළකින්න. ඒවා ආහාරයට ගැනීම ඔබ වඩාත් ප්‍රිය කරනවා නම් ෆැරශයිට් අංශක 165 ක උෂ්ණත්වයකින් ඒවා හොඳින් පිස ආහාරයට ගන්න.

6.මත්පැන්

  • මත් පැන් පානය කිරීමෙන් ඒවා වැදෑමහ හරහා ඔබේ කුසේ වැඩෙන දරුවා වෙත ගමන් කල හැකිය. වැඩිහිටි සිරුරුවල මධ්‍යසාර ඛණ්ඩනය කල හැකි විශේෂිත මුහුන් පිහිටා ඇතත් කලලයේ ඒවා ඉතා සුලු ප්‍රමාණයක් හෝ ඒවා සම්පූර්ණයෙන්ම පිහිටානොමැති ස්වභාවයක් ගත හැකිය. මධ්‍යසාර සෛල වල වර්ධනය කෙරෙහි බලපෑම් ඇතිකරවන අතර පෝෂක හා ඔක්සිජන් වලටදරුවාගේ සිරුරේ අදාළ ඉලක්ක ස්ථාන වෙතට ගමන් කිරීම මධ්‍යසාර වල අහිතකර බලපෑමින් අපහසු වී යයි.
  • ඇතැම් කාන්තාවන්ට කෙසෙල්, ලෙමන් , තක්කාලි වැනි ආහාර සම්බන්ධයෙන් පෞද්ගලිකව හටගන්නේ ශාරිරික ප්‍රතිවිරෝධතා හටගත හැකිය (food intolerances). එබැවින් ඔබ විසින් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ආහාර මොනවාද යන්න පිළිබද නිසි දැනුමක් ලබාගැනිමට ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවීමට කටයුතු කරන්න.