Hela Rahas

Hela Rahas Official Web Portal

මිරිස් කුඩු යෙදූ මේස් කුට්ටමක් පැලඳ සිටීමෙන් දෙපා වලට සිදුවෙනදේ මෙන්න

  • අපගේ දෙපා ස්නායු අන්තයන් 72000 කින් පමණ සිරුරේ වෙනත් කොටස් වෙත සමීපව සම්බන්ධ වී පවතින බව විශේෂඥයින්ගේ නිගමනයයි.කෙසේවෙතත්, අප වයස්ගත වන විට සිරුරේ අනෙත් කොටස් මෙන්ම දෙපා වල ක්‍රමවත් ක්‍රියාකාරීත්වයද දුර්වල වීමට පටන්ගත හැකිය, විශේෂයෙන්ම පාද වල රුධිර සංසරණ ක්‍රියාකාරීත්වය පෙර මෙන් නොවිය හැකියි.
  • එම නිසා ඔබේ පාදවල සුවපහසු බව ඇතිකරගැනීමට ඔබට යම් සහයක් අවශ්‍ය වේ. ඔබේ පාද මෙන්ම මුලු සිරුරම උණුසුම්ව තබාගැනීමට සරල ක්‍රමයක් ලෙස මේ ක්‍රමය ඔබට උත්සාහ කල හැකියි. ඔබ සිටින්නේ වඩාත් සීතල ප්‍රදේශයක නම් මෙය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

1.පාද වල උණුසුම් බව ‍රැකගැනීමට මිරිස් යෙදු මේස් කුට්ටමක් පැලඳීම

  • සෑම මිරිස් ප්‍රභේදයකම ‘කැප්සයිසින්’ නම් විශේෂ සංඝටකයක් අන්තර්ගතවේ.මෙම සංඝටක මඟින් සිරුරේ රුධිර සංසරණය ඉහළ නැංවීම සිදුකෙරේ. මේවා සම මත ගැටීමෙන් රුධිර නාලිකා විසාරණය වී වැඩි රුධිර සැපයුමක් ඇතිකරමින් එම ප්‍රදේශයට හොඳ උණුසුම් බවක් ලබාදෙයි.
  • අතිශය සීතල දිනවලදී මෙම ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්ය.පාද උණුසුම් කරගැනීමෙන් ගුණාත්මක බවින් ඉහළ හොඳ නින්දක් සිරුරට ලැබෙන බව මෙම ක්‍රමය ඔස්සේ පෙන්වාදී ඇත.සීතල අධික කාලවලදි ඔබ පීඩා විඳින නින්ද ආශ්‍රිත ගැටලු යලි ඇති නොවීමට මේ ක්‍රමය උපකාර කරගත හැකිය.

2.මෙය සිදුකල හැකි සරලම ක්‍රමය

  • සම මත මිරිස් කුඩු ස්වල්පයක් ආලේප කිරීම හෝ මේස් කුට්ටමකට ඉන් ස්වල්පයක් දමා එය පලඳින්න.
  • පතුල් වල හා ඇඟිලි වල සුලු වශයෙන් තවරාගන්න. අධික ලෙස සම මත ආලේප කරනොගැනීමට සැලකිලිමත් වන්න. නැතිනම් සමේ දැවිල්ල ගතියක් ඇතිවිය හැකිය.