Hela Rahas

Hela Rahas Official Web Portal

චොකලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන 7ක්

  • චොකලට් කියන්නේ ලෝකයේ බහුතරයක් දෙනා ප්‍රියකරන රසකැවිලි විශේෂයක්. අතීතයේදි චොකලට් විවිධ රෝග පීඩා සඳහා ප්‍රතිකාර කිරීමට පවා භාවිතා වී තිබෙනවාලු. චොකලට් වල පෝෂණ ගුණය නිසාම ඒවා අනුභවයට ගැනීමෙන් සිරුරට ඉතා හොඳ ප්‍රයෝජන ලැබෙන බවයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම උදෑසන ආහාර වේලට චොකලට් එකතු කරගැනීම මේ රසවත් ආහාරය රසවිඳින්නට වගේම සිරුරට ඉන් ලැබේ ප්‍රතිලාභ අත්කරගැනීමට ඔබට හැකිවන අපූරු අලුත් අදහසක් වනු ඇති.
  • ඔබ චොකලට් වලට ප්‍රියකරන කෙනෙකු නම්, එසේ චොකලට් වලින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියා දැනගන්නට කුතුහලයෙන් පසුවෙනවා ඇති දවසේ උදෑසන ආහාර වේලට චොකලට් ද එක්කරගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් තමයි පහළින් දැක්වෙන්නේ.

1.මොලයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවයි

  • අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ සතියකට එක්වරක් හෝ ඩාක් චොකලට් අනුභව කරන පුද්ගලයින් මානසික සහ මතක ශක්තිය ආශ්‍රිත පරීක්ෂණ වලදී ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.කොකෝවා වල ඇති ෆ්ලැවනෝල් මඟින් මොලය වෙත ඇති රුධිර සැපයුම ඉහළ දමන අතර මොලයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ඒවා ඒකරාශී වීම සිදුවේ (ඒවා ඉගෙනුම් ක්‍රියාවලිය හා මතකට සම්බන්ධව වගකියනු ලබයි).විභාග කාල වලදී ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වය ප්‍රබෝධමත් කරගත හැකි උපක්‍රමයක් ලෙස ඔබේ උදැසන ආහාර වේලට මෙසේ චොකලට් එකතු කරගැනීම හොඳ අදහසක් වේවි.

2.ආහාර වලට ඇති ගිජුකම සන්සිඳුවයි

  • බර අඩු කරගැනීම සම්බන්ධයෙන් චොකලට් අනුභවය එතරම් පැහැදිලි දායකත්වයක් නොපෙන්වුවද උදෑසන චොකලට් ආහාරයට ගැනීම මඟින් ඔබේ ඇතැම් ආහාර ගැනීමේ අහිතකර පුරුදු අඩුකරගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. විශේෂයෙන්ම, ඒ හරහා ආහාර වලට ඇති ඔබේ ගිජු බව අඩු කරවනු ලබයි. ඉන් දවස පුරාවට ඔබ ලබාගන්නා අතිරේක ආහාර වේල් ප්‍රමාණය සිමාවේ. චොකලට් ඔබේ ආහාර රුචිය පාලනය කරමින් අධිකව ආහාර ගැනීමේ අවදානම අඩු කරවයි.

3.මනෝභාවයන් යහපත් කරවයි

  • උදෑසන අවදි වි යම් වෙලාවක් ගත වන තුරුම අපේ සිරුරට දැඩි අලසබවක්, ක්‍රියාශිලි නැතිබවක් දැනීම සාමාන්‍යයයි. චොකලට් වලට හැකියි ඔබේ මනෝභාවය යහපත් කරමින් ඔබේ දවස තෘප්තිමත් ආකාරයකින් ආරම්භ කිරීමට ඔබට සහය වීමට. විශේෂයෙන්ම චොකලට් මඟින් යහපත් මනෝභාවයන් වැඩිදියුණු කරමින් ධනාත්මක සිතිවිලි වැඩිකරවයි. එසේ සිදුවන්නේ සිරුරේ ප්‍රීතිමත් තෘප්තිකර ස්වභාවය දැනවීම කෙරෙහි ක්‍රියාත්මක වන එන්ඩොර්‍ෆින්, සෙරටොනින් හා ඩොපමයින් වැනි හෝර්මෝන නිෂ්පාදනය වීම චොකලට් මඟින් උත්තේජනය කිරීම හා අන්තර්ක්‍රියා කිරීම නිසාය. චොකලට් වල ප්‍රති-විෂාද ගුණ පවතින බව ද පැවසේ.

4.සෞඛ්‍යයට ඉතා හිතකර ප්‍රතිලාභ ලබාදේ

  • දිනකට චොකලට ආහාරයට ගන්නා පුද්ගලයින් තුල හෘද රෝග හා ආඝාතය වැනි රෝග මතුවීමට ඇති අවදානම අඩු බව ඇතැම් අධ්‍යයන පෙන්වාදේ.ඩාක් චොකලට් අනුභවය හදවතට ඉතා ගුණදායකය. ඒවායේ ඇති ෆ්ලැවනොයිඩ මඟින් නිෂ්පාදනය වෙන නිට්‍රික් ඔක්සයිඩ මඟින් රුධිර පීඩනය අඩුකරමින් රුධිර වාහිනි ලිහිල් කිරීම සිදුකරනු ලබයි.cacao අඩංගු ඩාක් චොකලට් සෞඛ්‍යයට හිතකර ප්‍රමාණයකින් අනුභව කිරීම සිරුරේ ග්ලූකෝස් පරිවෘත්තිය ක්‍රියාවලිය සිදුවන ආකාරය වැඩිදියුණු කිරීම, දියවැඩියාව පැරදවීම ආදී හිතකර ප්‍රතිලාභ ඇතිකරයි.ධමනි විශාල වශයෙන් අවහිර වීමට ලක්කෙරෙන සිරුරේ අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරවමින් හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට ඩාක් චොකලට් වලට හැකිය.

5.ක්‍රියාශීලි වීම සඳහා සහය ලබාදේ

  • කෝපි, හා තේ වල මෙන්ම කොකෝවා වල ද කැෆේන් අඩංගුය, ඩාක් චොකලට් වල වැඩිවශයෙන් කැෆේන් අඩංගුය. සුදු චොකලට් වල කැෆේන් අඩංගු නොවේ. වෙනත් කැෆේන් අඩංගු ආහාර මෙන් චොකලට් ද ඔබව සාවධාන කරමින් අවදිව තැබිම සිදුකරවයි.චොකල්ට් වල ඇති තියෝබ්‍රෝමයින් නම් රසායනික සංඝටක චොකලට වල තිත්ත රසයට හේතු වුවද ඉන් ඔබේ සිරුරේ ශක්ති මට්ටම වඩවනු ලබයි. ඒ නිසාම උදැසන කාලයේදි චොකලට් ආහාරයට ගැනීම දවසේ ජවසම්පන්න ආරම්භයකට ඉතා වැදගත් වනු ඇත.

6.පෝෂ්‍යදායී ආහාරයක් ලෙසින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා සහය ලබාදෙයි.

  • ඩාක් චොකලට් වල 70% ක් පමණ අන්තර්ගත වන්නේ ප්‍රති-ඔක්සිකාරක ගුණයන්ය. ඒවා ග්‍රීන් ටී වල අඩංගු ප්‍රමාණයටත් වඩා වැඩිය.-කැල්සියම්, තඹ, පොටෑසියම් හා මැග්නිසියම් වැනි සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක චොකලට් වල අඩංගුය. ෆ්ලැවනොල් මඟින් එදිනෙදා ජීවිතයේ පුද්ගලයින් නිරාවරණය වන විෂ හා දූෂිත වායුවල් මත් පැන්, දුම්වැටි ආදිය හේතුවෙන් වන අහිතකර ඔක්සිකාරක බලපෑම් මඟින් සෛලවලට හානි සිදුවීමට එරෙහිව සටන්කරයි.

7.උදැසන කාලයේ ව්‍යායාම වල නිරතවන ඔබට හොඳ ජවයක් -ප්‍රබෝධයක් ලබාදේ.

  • චොකලට් කිරි යනු ව්‍යායාම වල නිරත වන පුද්ගලයින්ට සඳහා උචිත පානයකි. චොකලට් කැබලි ආහාරයට ගැනිමෙන් ද එම ප්‍රතිලාභ අත්කරාගත හැකියි. ඩාක් චොකලට් මඟින් නයිට්‍රික් ඔක්සයිඩ මට්ටම් ඉහළ දමමින් මාංශ පේශීන් වඩාත් හොන්දින් අලුත්වැඩියාවීමට හා වර්ධනය වීමට සලසවයි. ව්‍යායාම වල නිරතවිමට පෙර හෝ පසු ලබාගන්නා ආහාර වේලකට චොකලට් එක්කරගැනීම ඔබේ සිරුරට හොඳ ප්‍රයෝජනය ලබාදෙනු ඇත.

උදැසන ආහාර වේලට චොකලට් එකතු කරගත හැකි ආකාර

  • ස්මූති හා ප්‍රෝටීන් ෂේක් පානය
  • හොට් චොකලට් පානය
  • චොකලට් චිප්ස්, ස්ප්‍රෙඩ් හෝ චොකලට් මුසු කල පේස්ට්‍රි වර්ග
  • චොකලට් කැබලි


චොකලට් ග්‍රැනෝලා සහ ඕට්ස් මිශ්‍ර උදෑසන ආහාරයක් ගැනීම.