Hela Rahas

Hela Rahas Official Web Portal

එකට මිශ්‍ර නොකල යුතු පිරිසිදු කාරක 7 ක්

  • ගේ දොර පිරිසිදු කිරීම් කටයුතු වලදී අවශ්‍යතාව අනුව විවිධ පිරිසිදුකාරක භාවිතාවීම සිදුවෙනවා. ඉතින්, ඒ නිසාම වඩාත් හොඳින් පිරිසිදු කරගැනීමේ කාර්යය සිදුකරගැනීමට ඇතැම් අවස්ථා වල දී එවැනි පිරිසිදුකාරක මිශ්‍ර කර භාවිතා කිරීම ඇතැම් ගෘහණියන් උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීමට පෙළඹෙනවා. නමුත් මෙය කොතරම් දුරට ආරක්ෂිත ද යන්න ගැටලුවකි. ඊට හේතුව තමයි ඇතැම් පිරිසිදු කිරීම් ද්‍රව්‍ය සුසංයෝග කරමින් භාවිතා කිරීමට උත්සාහ කිරීමේදි අනපේක්ෂිත ආකාරයෑ රසායනික ප්‍රතික්‍රියා පවා ඇතිවිය හැකි අතර එවැනි භාවිතාවන් ඔබේ සෞඛ්‍යයට හානිකර බලපෑම් ඇතිකරවීමට හේතුසාධක විය හැක.
  • පිරිසිදු කිරීම් කටයුතු වගේම ඔබේ සෞඛ්‍යාරක්ශාවත් ඉතාමත් වැදගත්ය. ඒ නිසාම ගේ දොර පිරිසිදු කිරීම් කටයුතු වලඩී නිසි දැනුමකින් එවැනි නිෂ්පාදන හා පිරිසිදුකාරක අමුද්‍රව්‍ය භාවිතයට ගැනීමට සැලකිලිමත් වන්න! අද දවසේ අපි ඔබට කියාදෙන්නේ ඔබැත් ඔබේ නිවැසේයන්ගේත් සෞඛ්‍ය අවදානමට ලක්කිරීමට තරම් අවදානමක් ඇතිකරවිය හැකි ඔබ විසින් කිසිදා මිශ්‍ර නොකළ යුතු පිරිසිදුකිරීම් ද්‍රව්‍ය කිහිපයක් පිලිබඳවය

1.බ්ලීච් + මධ්‍යසාර

  • මෙම සුසයෝගයෙන් ක්ලෝරෝෆෝම් සහ මියුරියැටික් (හයිඩ්‍රොක්ලෝරික්) අම්ල නිපදවේ. ඒවා මඟින් ඔබේ ස්නායු පද්ධතියට, පෙනහළු වලට, වකුගඩු වලට, අක්මාවට, ඇස් වලට හ අසමාට් හානි ඇතිවිය හැකිය. ක්ලෝරෝෆෝම් ඉහළ මට්ටමක් ගැනීමෙන් ඉස කරකැවිල්ල ගතිය, ඔක්කාරය, සිහි විසඥවීම විතරක් නොව මරණය පවා සිදුවිය හැකි තරම් බරපතාල් විය හැක.

2.බ්ලීච්+ ඇමෝනියා

  • මෙම සුසංයෝගය ඔබේ සෞඛ්‍යයට ඉතාමත් හානිකර විය හැකිය. ඉන් මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට හානීඇතිකරන විෂ වායු (ගෑස්) නිපදවේ. එමෙන්ම, ඉහළ සාන්ද්‍රණයක් සහිත ඇමෝනියා සහ ක්ලෝරමයින් (උග්‍ර විෂ වායුවකි) සුසංයෝග වීමෙන් ඉතා භයානක පුපුරණ ද්‍රව්‍ය නිපදවේ.

3.බ්ලීච් + විනාකිරි

  • උදාසීන අම්ලයක් (weak acid) බ්ලීච් වලට එකිරීමෙන් බරපතල රාසායනික අක්ෂි පිලිස්සුම් තත්වයන් සහ පෙනහළු වලට හානි ඇතිකරවන ආකාරයේ විෂ වායු නිපදවේ.

4.බ්ලීච් + වෙනත් පිරිසිදුකිරීමේ දියර හෝ නිෂ්පාදන වර්ග

  • විදුරු මතුපිට පිරිසිදු කිරීම සඳහා ඇති පිරිසිදුකිරීම් දියර (glass cleaners), වැසිකිළි පිරිසිදුකිරීම් ද්‍රව්‍ය (toilet cleaners) සහ පිඟන් භාජන සේදීම සඳහා ඇති ඩිටර්ජන්ට් වර්ග (dish wash detergents) ආදි පිරිසිදුකාරක කිසිවිටක බ්ලීචිං සමඟ මිශ්‍ර නොකළ යුතුය. එම සුසයෝගයෙන් ක්ලෝරයින් ගෑස් නිපදවේ. එවැනි වායුවකට සුලු වශයෙන් නිරාවරණය වීමක් සිදුවීමෙන් බරපතල ශ්වසන හා අක්ෂි ගැටලු-පීඩා හටගැනීමට හේතුසාධක විය හැක.

5.බේකිං සෝඩා+ විනාකිරි

  • විනාකිරි ආම්ලික වන අතර බේකිං සෝඩා යනු දුබල භෂ්මයකි. ඒවා මිශ්‍ර වූ විට එකිනෙක උදාසීනවීමට ප්‍රතික්‍රියා කරන අතර වැඩිපුර ජලය නිපදවීම නිසා ද්‍රාවණය ඵලරහිත වේ.මෙම ද්‍රව්‍ය වැසූ බඳුනක් තුල මිශ්‍ර වූයේ නම් වඩාත් භයානක ප්‍රතිඵලයක් ලෙස පිපුරුම් පවා ඇතිවිය හැකිය.

6.විනාකිරි+ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

  • බඳුනකට දෙමා මේවා සුසංයෝග කල විට ඉන් පෙරසිටික් අම්ල නිපදවවන අතර අධි සාන්ද්‍රණයක් පවතින විට එහි බලපෑමින් සම, ඇස්, උගුර, නාසය හා පෙනහළු ආශ්‍රිත අපහසුතා සහ බරපතල හානිවීම් පවා ඇතිවිය හැකිය.

7.වෙනත් වර්ග වල පිරිසිදුකිරීමේ දියර එකට මිශ්‍ර කිරීම

  • සෑම පිරිසිදු කිරීම් දියරයකම ඇත්තේ වෙනස්ම වට්ටෝරුවන්ය.ඒවායේ රසායනික සූත්‍ර වෙනස්ය. එබැවින් ඒවා එකිනෙක මිශ්‍ර කිරීමෙන් අනපේක්ෂිත සහ භයානක ආහාරයේ රසායනික ප්‍රතික්‍රියාකිරීම් පවා ඇතිවිය හැක.
  • පළමුව ආරක්ෂාව ! එබැවින් පහත සඳහන් කරුණු පිළිබඳව වඩාත් සැලකිල්ලක් යොමුකරන්න.
  • පිරිසිදුකිරීම් නිෂ්පාදන ලේබල් ද සහිතව ඒවායේ මුල් ඇසුරුම් හා බඳුන්වලම තිබෙන්නට හරින්න.
  • නිවසේ බ්ලීච් හා ඇමෝනියා භාවිතාකරන ප්‍රමාණය බොහෝ දුරට සීමා කරන්න. හැකිනම් නවත්වන්න.
  • බ්ලීච් හෝ ඇමෝනියා භාවිතා කිරීමෙන් පසු හොඳින් ජලය යොදා සෝදාපිරිසිදු කරගන්න.
  • නිවසේ ඇති වෙනත් පිරිසිදුකිරීමේ නිෂ්පාදනයක් සමඟ බ්ලීච් මිශ්‍ර නොකරන්න.නිෂ්පාදන වල සඳහන් කර ඇති උපදෙස් හොඳින් පිළිපදින්න.
  • නිවසේ ඇති සෑම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යක්ම දරුවන්ට ලඟා විය නොහැකි ස්ථානයක අසුරා තබන්න.