Hela Rahas

Hela Rahas Official Web Portal

පොල් තෙල් වලින් ඇති ප්‍රයෝජන 30 ක්

පොල් තෙල් වල මේද අම්ල (fatty acids) බහුලව අඩංගුවේ. පොල් තෙල් ආහාර වලට එක්කරගැනීම සහ බාහිර ආලේපනයක් සේ භාවිතා කරමින් ලබාගත හැකි ප්‍රයෝජන ‍රැසකි. පෝෂණීය පොල් තෙල් ගුණයෙන් අපට ලැබෙන එවැනි ප්‍රතිලාභ මොනවාද කියා බලමු.

1සෞඛ්‍යය සහා ශාරීරික සුවතාව සඳහා

  • සම මත කැපුම් හෝ සුලු තුවාල ඇතිවූ විට, ඒ මත පොල් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. පොල් තෙල් මඟින් තුවාලය වේගයෙන් සුවපත්වීමට දායක වේ.
  • දන්ත සහ මුඛ සෞඛ්‍යය සඳහා හිතකරයි. දත්වල මැලියම් බැඳීම සහ මුඛ දුර්ගන්ධය ඇති විම වළක්වයි. දිනපතා උදෑසන සහ රාත්‍රියේ දත් මැදගත් පසු පොල් තෙල් මේස හැන්දක් බැගින් ගෙන මුඛය සෝදාගන්න.
  • ප්‍රදාහයන් (ඉදිමුම්) ඇතිවීම නිසා දැනෙන පිඩාකාරි ස්වභාවය සමනය කිරීමට උපකාරි වේ. පොල් තෙල් වල ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු වීම ඊට හේතුවයි. කැස්ස තත්වයක් නම් පොල් තෙල් මිශ්‍ර ජලයෙන් උගුර සෝදාගන්න, තුවාල ,පිලිස්සුම් හෝ දෂ්ට කිරීම් නිසා හානියට පත් වූ සම මත පොල් තෙල් ආලේප කරගන්න.
  • උණ හෝ ශරීරයේ වේදනා කැක්කුම් හටගත විට, පොල් තෙල් උණ තත්වය, උගුරේ අපහසුතා හෝ උණ සෙම්ප්‍රතිශ්‍යාව හටගත් විට එම තත්වයන් අඩු කරවන වේදනානාශකයක් ලෙසද ක්‍රියාකාරී වේ .
  • පොල් තෙල් ආහාරයට ගැනීම මඟින් මද්‍යසාර පානය නිසා සිරුරට ඇතිවන වෙරිගතිය සහ වෙනත් සෘණාත්මක බලාපෑම් අවම කිරීමට උපකාරී වේ.
  • අධ්‍යයනයන් මඟින් පෙන්වා දෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව වැඩිදියුණු වීම සඳහා දිනපතා පොල් තෙල් පරිභෝජනය හේතුවන බවයි.
  • අස්ථි වල නිරෝගි බව සඳහා ඉවහල් වේ. ඔස්ටියෝපොරෝසිස් තත්වයන් වර්ධනය වීම වළක්වනු ලබයි.ආතරයිටිස් වේදනා සමනය කිරීමට පොල් තෙල් සන්ධි වල හොඳින් ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
  • මදරුවන්ගේ දෂ්ටකිරීම් වලින් ආරක්ෂාකරයි. පැඟිරි තෙල් බිංදු කිහිපයක් සමඟ පොල් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සමේ ආලේප කරන්න.

2.පොල් තෙල් භාවිතයෙන් රුව ‍රැකගත හැකි ක්‍රම

  • මොයිෂ්චරයිසින් ලෝෂන් එකක් ලෙස – වෙනත් නිෂ්පාදන වලට වඩා සමට හිතකර ලෙස සහ සමට හානියක් නොවන සේ ආරක්ෂා කරමින් සම මෘදු කර තෙතමනය ඇතිකරවයි. දිනපතා තෙල් වලින් මදක් පොඟවාගත් ස්පොන්ජ් කැබැල්ලක් පිරිසිදුකරගත් මුහුණේ ආලේප කරගන්න. සම ඇදීම වළක්වාගැනීමට ආලේප කිරීමේදී සම්බාහන රේඛා ඔස්සේ ආලේප කරගන්න.
  • සමේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය නැතිකරයි. පොල් තෙල් ආහාර වලට එක්කරාගැනීම මඟින් සමට අවශ්‍ය අ අභ්‍යන්තර පෝෂණය ලබාගත හැකියි. එමෙන්ම මුහුණේ ආලේපනයක් සේ භාවිතා කරමින් ‍රැළි වැ‍ටුණු ස්වභාවයන් සමනය කරගත හැකියි.
  • Eye cream එකක් ලෙස, රාත්‍රී නින්දට පෙර ඔබේ ඇස් වටා පොල් තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. එමඟින් ඇස් වටා අඳුරු ස්වභාවය සහ ‍රැළි වැ‍ටුණු ස්වභාවය ක්‍රමයෙන් පහව යයි.
  • ප්‍රති-චර්මදාහක ප්‍රතිකර්මයක් ලෙස (anti-dermatitis remedy)- දිනපතා භාවිතා කිරීම මඟින් සමේ ස්වභාවය වැඩිදුයුණු කර සම නීරෝගිමත් කරයි. එමඟින් චර්මදාහය (dermatitis) වැනි සම ප්‍රදාහයට ලක්වීමේ රෝග තත්ව සුවපත් කල හැකියි. රෝගී සම මත දිනකට දෙවරක් පිරිසිදු පොල් තෙල් ආලේප කල යුතු බව නිර්දේශයයි.
  • හානි වූ හිසකෙස් සඳහා ‘මාස්ක්’ සත්කාරයක් ලෙස– හිසකෙස් වල නීරෝගී බව මෙන්ම සුන්දරත්වය ප්‍රකෘතිමත් කරගැනීම සඳහා පොල් තෙල් හොඳ සත්කාරයකි. හිසකෙස් මුල් වලට හොඳින් තෙල් ආලේප වන සේ මෘදුව හිස්කබල අතුල්ලාගන්න. ඉන්පසුව, හිසකෙස් මුල සිට අග දක්වාම හොඳින් තෙල් ආලේප කරගන්න. මෙසේ පැය 1/2-1 ක් පමණ හිසකෙස් මත පොල් තෙල් තිබෙන්නට හරින්න.ඉන්පසුව, සාමාන්‍ය ෂැම්පු එකක් භාවිතා කර පොල් තෙල් ඉවත් වන සේ හොඳින් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.
  • ඉස්හොරි සඳහා ප්‍රතිකාරයක් ලෙස,පොල් තෙල් ආලේප කිරීම මඟින් හිස්කබලේ තෙතමනය ඇතිකර හිස නීරෝගි කරවන අතර ඉස්හොරි නැතිකර දමයි. පොල් තෙල් සත්කාරය හිසකෙස් මුල් වලට පවා හොඳින් ලැබෙන සේ හිසේ ආලේප කර රාත්‍රිය පුරා තිබෙන්නට හරින්න. පසුදා හිස පිරිසිදු කරගන්න.
  • තොල් වලට බාම් එකක් ලෙස (lip balm)-පොල් තෙල් මඟින් තොල් වල සමේ තෙතමනය ඇතිකර වඩාත් තරුණ පෙනුමකට පත්කරවයි. එමෙන්ම තොල් පැළුම් තුවාල සමනය කරමින් තවදුරටත් තොලේ හම ගැලවී යාම හෝ පැළීම් සිදුවීම වළක්වයි.
  • නිය පොතු වල ඝනකම වැඩිකරවයි.කැඩෙන සුලු දුර්වල සහ වියළි නියපොතු වඩාත් නීරෝගි කරගැනීමට පොල් තෙල් ස්වල්පයක් නිය පොතු මත ආලේප කරගන්න.
  • Body scrub එකක් ලෙස-පොල් තෙල් මේස හැඳි 1 ක් සමඟ වියළි කෝපි කුඩු මේස හැන්දක් මිශ්‍රකරගන්න. කෝපි කුඩු සමට රළු විය හැකි බව ඔබට හැ‍ඟෙනවා නම් ඒ වෙනුවට මුහුදු ලුණු කුඩු, සීනි හෝ පොල් කුඩු භාවිතා කල හැකියි. මිශ්‍රණය ඇ‍ඟේ ගල්වමින් මෘදුව අතුල්ලා පිරිසිදු කරගන්න.
  • සම මෘදු සුමුදු කරගැනීමට ඇඟ සෝදා පිරිසිදු කරගත් පසු වැළමිට, දණහිස් සහ නිය පොතු වටා සම මත පොල් තෙල් ආලේප කරගන්න.

3.ආහාර පිසීමේදී භාවිතා කල හැකි ආකාර

  • (ආහාර පිසීමේදී රූපලාවන්‍ය සත්කාර සඳහා ඇති පොල් තෙල් නොව, පිසීම සඳහාම ඇති පොල් තෙල් භාවිතා කරන්න.ලේබලයේ වෙනස හොඳින් බලන්න)
  • බැදුම් වර්ග වලට සහ බේකිං ඔයිල් ලෙස භාවිතා කල හැකියි.වෙනත් ශාක තෙල් වර්ග මෙන් නොව පොල් තෙල් වල සංයුතිය සහ ප්‍රයෝජනවත් සංඝටක තාපයේදී විනාශ වී නොයයි. පොල් තෙල් වලින් පිසින ආහාර වලට හොඳ නැවුම් රසයක් සහ සුවඳක් එක්වීම ද තවත් වාසියකි.
  • සීසනිං කරගැනීම සඳහා (seasoning), පොඩි කරගත් අල වර්ග, තලප සහ සුප් වර්ග සඳහා පොල්තෙල් බටර් ස්වල්පයක් එක්කරගත හැකියි. මෙම බටර් වර්ගය මඟින් ආහාර වල රසය වැඩි කලද ආහාර රුචිය අඩුකිරීම සිදුකරයි. ආහාර පාලනයේදී එය වඩාත් හිතකර වාසියකි.
  • ස්මූති පාන වර්ග සඳහා රහස් අමුද්‍රව්‍යයක් ලෙස පොල් තෙල් භාවිතා කරයි.ඕනෑම ස්මූති පානයක් සඳහා පොල් තෙල් තේ හැන්දක් එක්කරගැනීමෙන් එය ශක්තිජනක පානයක් ලෙස සකස් කරගත හැකියි. සිරුරේ හැඩය පවත්වාගැනීම ගැන උනන්දු අයට පවා හිතකර වේ.
  • මයෝනීස් සකස් කිරීමේදී, සූර්යකාන්ත තෙල් වෙනුවට පොල් තෙල් භාවිතා කරන්න. එමඟින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත දමමින් රසවත් සහ සිරුරට ගුණදායි මයෝනීස් සෝස් සකස් කරගත හැකියි.
  • බිත්තර කල් තබා ගැනීමට පොල් තෙල් ක‍ටුව මත ආලේප කරන්න.පොල් තෙල් වල ඇති ප්‍රති-බැක්ටීරිය ගුණ මඟින් බිත්තර වල ක‍ටුව ආරක්ෂා කරමින් බිත්තර කුණු නොවි කල් තබාගත හැකියි.

4.කුඩා දරුවන් සහා අනාගත මවුවරුන් සඳහා

  • පියයුරු සඳහා– මවුකිරි ලබාදීමේදි මවගේ තනපුඬුව මත පැළුම් තුවාල ඇතිවිය හැකියි. එසේ ඉරි තැළුම් ඇති වීම් සමනය කිරීමට පොල් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. පොල් තෙල් ආසාත්මිකතා මතු නොකරන බැවින් කුඩා දරුවන් හට පවා ඉතා ආරක්ෂාකාරී බව සහතික කල හැකියි.
  • සම ඇදීමට ලක් වීම නැතිනම් stretch marks නැතිකරගැනීම සඳහා ප්‍රතිකාරයක් ලෙස- ගර්භනී සමයේදි ඇතිවන stretch marks තත්වයන් සමනය කරගැනීමට දිනපතා ඒවා මත පොල් තෙල් ආලේප කරගන්න. මෙසේ සිදුකිරීමෙන් ක්‍රමයෙන් ඒවා නොපෙනී යාවි.
  • ළදරු සමට, අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ පොල් තෙල් යනු කුඩා දරුවන් සඳහා තිබෙන හොඳම ස්වභාවික සම ආරක්ෂා කරන නිෂ්පාදනය බවයි. දරුවා නෑවීමෙන් පසු තෙල් ස්වල්පයක් ගෙන සම සම්බාහනය කරමින් ගල්වන්න.
  • ඩයපර් රෑෂ් තත්වයන් ඇතිවීම වළක්වාගැනීම සඳහා, ඩයපර් මාරු කරන විට පොල් තෙල් වලින් පොඟවාගත් ටිෂු කඩදාසියක් බිලිඳාගේ සම මත පිසදැමීම සිදුකරන්න. එමඟින් සම මත බිබිලි ස්වභාවයන් හටගැනීම වළක්වාගත හැකියි.

6.එදිනෙදා ජීවිතයේ භාවිතයට

  • මුලුතැන්ගෙයි උපකරණ වලට ග්‍රීස් ලෙස භාවිතා කල හැකියි.Meat grinders සහ blender blades වැනි උපකරණ භාවිතා කිරීමෙන් පසු ඒවා මත පොල් තෙල් ස්වල්පයක් ආලේප කිරීම මඟින් ඒවා මත මල බැඳීම වළක්වාගත හැකියි වගේම ඒවායේ තියුණු බව දිගු කලක් ආරක්ෂා කරගත හැකියි.
  • ගෘහ භාණ්ඩ පොලිෂ් කරගැනීමට, රෙදි කැබැල්ලකට පොල් තෙල් ස්වල්පයක් ගෙන ගෘහ භාණ්ඩ මත පිසදාගන්න. එමෙන්ම ලී වලින් තැනූ එළවළු කපන ලෑල්ල මත ද තෙල් සහිත රෙදිකඩකින් පිසදා ගත හැකියි. එමඟින් භාණ්ඩ වියළී යාම සහ පළුදුවීම් -ඉරි තැලීම් ඇතිවීම් වළක්වාගත හැකියි.
  • ඇඳුමක හෝ බෑගයක zipper එකක් සිර වී ඇත්නම් එය විවෘත කරගැනීමට ඒ මත පොල් තෙල් ස්වල්පයක් ආලේප කර විරුත කිරීමට උත්සාහ කරන්න.
  • ගින්නක් දල්වාගැනීමට, පොල් තෙල් වල පොඟවාගත් පුළුන් කැබලි කිහිපයක් භාවිතා කල හැකියි.
  • ලෙදර් නිෂ්පාදන වල කල්පැවැත්මට, ලෙදර් වලින් සැකසූ පර්ස්, බෑග්, සපත්තු වැනි නිෂ්පාදන වල දිලිසෙන සුලු දීප්තිමත් බව ආරක්ෂා කරගැනීමට පොල් තෙල් භාවිතා කල හැකියි.