Hela Rahas

Hela Rahas Official Web Portal

සීත කාල ගුණයක් ඇති දින වල අසනීප නොවී සිටිමට ක්‍රම 7ක්

සීත කාලවලදි ලෙඩ රෝග පැතිරීම හා වැලඳීම තරමක් වැඩියි. කාලගුණය කොහොම වුණත් ඔබේ නීරෝගීබව ‍රැකගන්න බොහෝ විට අවශ්‍ය වන්නේ ඔබේ සෞඛ්‍යය කෙරෙහි ඔබේ ඇති සැලකිලිමත්භාවය කියලයි හිතෙන්නේ.
සීත කාලගුණයක් ඇති කාලයක පවා ලෙඩ රෝග වලට ගොදුරු නොවී ආරක්ෂා වීමට ඔබ විසින් ඇතැම් විට අනුගමනය කරමින් සිටිනවා විය හැකි මේ පුරුදු අත්හැරීමට හැකිතාක් උත්සාහ කරන්න.

1.පිටතට යාමට පෙර Nasal drop භාවිතා කිරීම

  • සිත පරිසරයක සිටින විටදි නාසයේ වායු මාර්ග ප‍ටු වි යයි. Nasal drops කිහිපයක් නාසට දමා එම අපහසුතාව දුරුකරගැනීමට උත්සහ කරන විට එහි ඇති ශ්ලේෂ්මල පටල වලට හානිකර ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව සටන් කරමින් සිරුර ආරක්ෂා කිරීමය හෝ අප ශ්වසනය කරන සිසිල් වායු උණුසුම් කරවීමට නොහැකි වී යයි. එබැවින් ඒවා භාවිතා කිරීමට වඩා නාසය හොඳින් සූරා හො‍ටු සෙම ඉවත්කරන්න.

2.පිටත සිටින විට කටින් හුස්ම ගැනීම

  • කට හරහා හුස්ම ගන්නා විට වාතය උණුසුම් වීමක් හෝ ඊට කිසියම් තෙතමනයක් එක්වීම සිදුනොවන අතර එසේ දිගින් දිනටම සිදුකරන විට ඇන්ජිනා තත්වය හෙවත් අධික වෙහෙස නිසා ඇතිවන පපුවේ රිදුම හටගැනීමේ අවදානම වැඩි වේ. එසේ අපහසුතා ඇතිවීම වළක්වාගැනීමට නම් සෙමින් හා ගැඹුරු ලෙසින් ඔබේ නාසය තුලින් හුස්ම ගැනීමට උත්සාහ කරන්න.

3.දැඩි සීතලක් දැනෙන විට එහිම ‍රැඳී සිටීම

  • ඔබ සීතලින් වෙවුලන විට තව දුරටත් එහි ‍රැඳි නොසිට සිරුර උණුසුම් කරගැනීමට උත්සහ කරන්න. උණුසුම් පානයක් ලබාගැනීම හෝ ගින්දර ඇති තැනක උණුසුම් වෙමින් හොඳින් හුස්ම ගන්න. ඔබට සීතල ඇති වී තිබෙන විට වේගයෙන් දිවයාමට උත්සහ නොකරන්න.

4.තද ඇඳුම් සහ සපත්තු පැලඳගෙන සිටීම

  • තද ඇඳුම් හා පාවහන් නිසා අධික සීතලෙන් ගල් ගැසීයාමට ඇති හැකියාව වැඩිය. එබැවින් වාතාශ්‍රය හොඳින් ලැබෙමින් සිරුර උණුසුම්ව පවත්වාගත හැකි ආකාරයේ සැහැල්ලු හා ලිහිල් ඇඳුම් පැලඳුම් භාවිතා කරන්න.

5.නිවසින් පිටතට යාමට මිනිත්තු 30 කට පමණ පෙර උණු යමක් පානය කිරීම

  • උණු තේ කෝප්පයක් පානය කිරීම මඟින් සිරුරේ රුධිර සංසරණය ඉහළ යාම සහ සිරුරේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය වැඩිදියුණු වීමට හොඳ සහයක් ලැබේ. නමුත් උණු යමක් පානය කල විට සිරුරේ රුධිර නාළ ප්‍රසාරණය වීමට ද පටන් ගනියි. එබැවින් එසේ උණු පානයක් ලද පසු නිවසින් පිටතට යන විට සිරුරේ තාපය ඉතා ඉක්මනින් ඉවත්වී යාමක් සිදුවේ. උණු ඒවාට වඩා මද උණුසුම් වතුර හෝ වෙනත් පානයක් ලබාගැනීම සුදුසුය.

6.අවට සීත කාලගුණයක් ඇති විට බඩගින්නේම පිටතට යාම

  • සිරුරේ තාපය නිපදවීමට නම් සිරුරට ශක්තිය අවශ්‍ය වේ. නැතිනම් සිදුවන්නේ සිරුර සීතලට ගල් ගැසීමයි. එබැවින් බඩගින්නේ නොසිට ආහාර ගන්න.

7.පිටතට යාමට පෙර වහාම ක්‍රීම් ආලේප කරගැනීම

  • සමේ ක්‍රීම් ගැල්වු පසු පළමු මිනිත්තු 30-40 කාලයේදි ඒවායේ අඩංගු ජලය වාශ්ප වී යයි. සීත කාලගුණයකදි මින් සම සීතල වීම හා සමට හානි වීමට බලපායි. එබැවින් සමේ ක්‍රීම් හෝ ලෝෂන් ගල්වා මිනිත්තු 30 ක් පමණ ගත වන තුරු පිටතට නොයාම සුදුසුය.