Hela Rahas

Hela Rahas Official Web Portal

ආහාර පිසීම පහසු කරවන උපක්‍රම 13 ක්

තමන් පිසින ආහාර රසවත් යැයි කියනවාට කවුරුන්ද අකමැති වෙන්නේ. නමුත්, ආහාර වල රසය ආරක්ෂා කරගනිමින් සකස් කරගැනීම ඇත්තෙන්ම අභියෝගයක්.මුළුතැන්ගෙයි කටයුතු වලදී ගෘහනියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආහාර ගුණාත්මක රසය පවත්වා ගැනීමට නොහැකිවීම. කෝකියෙක් වගේ ආහාර රසවත් කරගන්න, නැවුම් බව පවත්වාගන්න වගේම පහසුවෙන් මුළුතැන්ගෙයි උපකරණ පිරිසිදු කරගන්න ගෘහනියන් වන ඔබට බොහෝ උපකාරි වියහැකි ආකාරයේ මුළුතැන්ගෙයි රස රහස් උපක්‍රම කිහිපයක් ගැනයි මේ.

  • සුප් එකට ලුණු වැඩි වුණු අවස්ථාවක පොතු ඉවත් කල අර්තාපල් පෙති කිහිපයක් සුප් බඳුනට දමා මිනිත්තු 2 ක් පමණ පිසගන්න.
  • හරි පදමට බීට් පිසගැනීමට නම් තැම්බුණු පසු අවසානයේ ලුණු එක්කරන්න.
  • බ්ලෙන්ඩරය පිරිසිදු කීරීමට, කප් එකට ජලය දමා එයට සේදුම් දියර ස්වල්පයක් එක්කර බ්ලැන්ඩරය ක්‍රියාකරවන්න. පසුව පිරිසිදු ජලයෙන් සෝදාගන්න.
  • ඖෂධ වර්ග කල්තබාගනිමින් පරිහරණයට ගැනීමට, ඒවා කුඩා කැබලි වලට කපා තෙල් ස්වල්පයක් සමඟ අයිස් කැට ට්‍රේ එකකට වත්කර අයිස් කැට සකසාගන්න.අවශ්‍ය විට භාවිතයට ගන්න.
  • භාජනයේ ඇති දේ උතුරා නොයෑමට, ඒ හරහා ලී හැන්දක් තබන්න.
  • දෙළුම් ගෙඩියකින් පහසුවෙන් ඇට ඉවත්කරගැනීමට, ගෙඩියේ උඩ කොටස රවුමට කපා ඉවත්කරන්න. හරහට පැළුම් දෙකක් යොදන්න. හතර පැත්තට පොත්ත අදිමින් කණපිට හරවා බඳුනට ඇට වෙන් කරගන්න.
  • ඉතිරි වූ පීසා රත් කිරිමට මයික්‍රෝවේව් උඳුන වෙනුවට පෑන් එකක් භාවිතයෙන් ලිපේ රත් කරගන්න.
  • පුඩින් වැනි ආහාර ලස්සනට කපා ගැනීමට පිහිය උණු ජලයෙන් සෝදා මදක් රත් කර භාවිතා කරන්න.
  • අන්නාසි ගෙඩියක් ඉක්මනින් ඉදවා ගැනීමට, න‍ටුව සහ මුදුන් කොටස කපා ඉවත් කර ගෙඩිය උඩු කොටස යටට හරවා තබන්න.
  • චීස් වල නැවුම් බව ‍රැකෙන සේ ඒවා පොලිතින් කවර වල නොව පාච්මන්ට් කඩදාසි වල ඔතා අසුරා තබන්න.
  • පැඟිරි පලතුරු දිගු කලක් හොඳින් කල්තබාගැනීමට, ඒවා ශීතකරණයේ නොව කාමර උෂ්ණත්වයේ ගබඩා කර තබන්න.
  • බඳුනක් වඩාත් හොඳින් පිරිසිදු කරගැනීමට, එහි අඩියට බේකිං සෝඩා මේස හැඳි 3 ක් පමණ දමා ජලය ස්වල්පයක් එක්කර ජලය නටන තුරු ලිපේ රත් කරගන්න.
  • මස් කැබලි රසවත්ව පිසගැනීමට නම් ලිපේ ඒවා පිසගත් පසු අවසානයේ ලුණු එක්කරන්න.