Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ ආදර සම්බන්ධතාවය සාර්ථක කරන ක්‍රම 10ක්

සාර්ථක සම්බන්ධතාවයක් සඳහා එකිනෙකා සමඟ ගත කරන කාලය ඉතාමත් වැදගත් වේ.එහි ප්‍රමාණාත්මක බවට වඩා ඔබ දෙදෙනා එක්ව ගත කරන කාලයේ ගුණාත්මක බවයි ඔබේ සබඳතාව වඩාත් ශක්තිමත් කරවන්නේ. එකිනෙකා සමඟ දවස ගත වූ ආකාරය ගැන කතාබහ කරමින් විනෝදයෙන් සහා සැහැල්ලුවෙන් ගත කරන කාලය පැය ගණනක් ද නැතිනම් මිනිත්තු කිහිපයක් ද යන්න වැදගත් නැත. ඒ මොහොතේ ඔබ දෙදෙනා එකිනෙකා කෙරෙහි දක්වන ආදරය සහා සෙනෙහස තුලින් ඇතිවන මානසික තෘප්තිය සහා සුරක්ෂිත හැඟීමට වඩා වැදගත් වන වෙනත් කිසිවක් නොමැති තරම්ය.මනෝවිද්‍යාඥයින් සහ මනෝචිකිත්සකවරුන් උපදෙස් ලබාදෙන පරිදි ඔබේ පෙම්වතා/පෙම්වතිය සමඟ ඔබේ ඇති සම්බන්ධතාවය තවදුරත් ශක්තිමත් කරවන මේ පුරුදු ඔබත් ඔබේ ජීවිතයට හුරුකරගන්න! එවිට ඔබට ප්‍රීතිමත් සාර්ථක සබඳතාවක් ගොඩනගා ගත හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

1.නිදහස් සහ විවෘත ලෙස සංවාදයක් ඇති කරගන්න

  • සබඳතාවයක වැදගත්ම දේ වන්නේ දෙදෙනා අතර යහපත් සන්නිවේදනයක් පැවතීමයි. එමඟින් එකිනෙකාගේ ආශාවන්, බලාපොරොත්තු, විශ්වාස, මත, ගැටලු පිළිබඳ තේරුම් ගත හැකියි වගේම එකිනෙකාගේ නොගැලපෙන අදහස් උදහස් මොනවාද යන්න අවබෝධ කරගත හැකියි. සංවාදයක් ඇතිකරගැනීම යනු නිකම්ම කතාකිරීම පමණක් නොවේ. එකිනෙකාට සවන්දීම ද ඉතා වැදගත්ය. එම නිසා ඔබේ අවධානය දුරකථනය වෙත යොමුකරමින් ඇහුම්කන් දීගෙන සිටිනවා වගේ පෙන්වීම සාර්ථක නැත.

2.දෙදෙනාම කැමති දේවල් හි නිරතවෙන්න

  • දෙදෙනාම වඩාත් කැමති පොදු දෙයක නිරතවීමෙන් දෙදෙනාගේ සමීප බව තවත් වර්ධනය වන බවත් ආතතිය දුරු වී ප්‍රිතිමත් බව වැඩිවන බවත් විශේෂඥයින් පෙන්වාදේ.

3.එකිනෙකා ගැන සොයාබලන්න

  • පණිවුඩ හුවමාරු කරගනිමින් ඔබ අනෙකා ගැන සිතන බව දැනවීම සමීප බව තවත් වැඩිකරවයි. මෙහිදි ප්‍රතිචාර දක්වීමද ඉතා වැදගත්ය. ඉන් ඔබ දෙදෙනා එකිනෙකා ගැන සිතන බව සහ ඔවුන්ගේ කෙටි පණිවිඩයක් වුවද ඔබට ඉතා වැදගත් ය යන්න දනවයි.

4.කුඩා දේවල් කෙරෙහි පවා අවධානය යොමුකරන්න

  • ඔබේ සහකරු/සහකාරිය වචනයෙන් නොකියන අවශ්‍යතා බොහෝ විට ඔවුන්ගේ හැසිරීමෙන් සහ කතාබහෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට ඔවුන් ඒවා වචන්යෙන් සෘජුව ප්‍රකාශ නොකරමින් අනෙකාට හැඟවීමට උත්සාහ කරනවා විය හැකියි. ඒවා නොතේරුණු ලෙස සිටීම තමන්ව ගණන් නොගත්තා සේ හැඟිමක් අනෙකා තුල ඇතිවිය හැක. එකිනෙකා සමඟ කතාබහ කරන විට , කටයුතු කරන විට එවැනි දේවල් කෙරෙහි අවධානය යොමුකිරීම ඔබ අතර සම්බන්ධතාවය ශක්තිමත් කරවනු ඇත.

5.ගෙදර දිර වැඩකටයුතු එකමුතුව සිදුකරන්න.

  • වර්තමානයේ ගෙදර දොරේ වැඩකටයුතු වලදී බොහෝ විට සැමියා බිරිඳට උදවු කරන ප්‍රවණතාවය වැඩියි. මෙය ඉතා හොඳ තත්වයකි. නිවසේ වගකිම් සහ යුතුකම් අන්‍යෝන්‍ය වශයෙන් බෙදාහදාගෙන ඉ‍ටුකිරීම දෙදෙනාටම පහසුවකි.

6.එකිනෙකාට ප්‍රශංසා කරන්න

  • එකිනෙකා වෙත කෘතඥතාව පළකිරීම සහ කැපකිරීම් අගය කිරීම වැනි දේ සබඳතාවක පැවත්මට ඉතා වැදගත්ය. ඔබේ සහකරු/සහකාරිය ඔබට කොතරම් වැදගත් ද යන්න වචනයෙන් ප්‍රකාශ කරන්න. ඔවුන්ගේ ජයග්‍රහණ සහ සාර්ථකත්වය අගය කරන්න.

7.සිනාසෙන්න

  • දෙදෙනා සමඟ එක්වී සතු‍ටු සාමිචියේ යෙදෙන අතරේදි එකිනෙකාව සිනහගැස්විය හැකි දේ පවසන්න. සිනාසීම ඔබේ ආතතිය දුරුකරවමින් මනසට සැහැල්ලුවක් ලබාදෙන බව අධ්‍යයන වලින් පවා පෙන්වාදේ.

8.අනෙකාව අගයන්න

  • මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට ඔබේ සහකරු/සහකාරිය හට ධනාත්මක හැඟීම් ප්‍රකාශ කරන්න. එය ඔහු/ඇය වෙනුවෙන් ඔබේ ඇති ආදරය , සෙනෙහස හෝ අවධානය ගැන විය හැකියි. මෙමඟින් එකිනෙකා ගැන ඇති ආකර්ෂණය වැඩිවන බවත් දවස අවසානයේ තෘප්තිමත් බවක් දැනිමටත් හේතුවක් වන බව ඔවුන්ගේ අදහසයි. ඔබ දෙදෙනාගේම මනෝභාවයන් යහපත් වීමටත් එය බලපානු ලබයි. ඔබේ කෘතඥපූර්වක බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය හැකි නම් එය වඩාත් සාර්ථකය.

9.ගැටලු ඒ මොහොතේම විසඳාගන්න

  • ආදර හෝ විවාහ සබඳතාවයකදි ගැ‍ටුම්, වාද විවාද මතුවිය හැක.නමුත් අනවශ්‍ය ලෙස ගැ‍ටුම් හා වචන හරඹ ඇති වන ආකාරයේ මාතෘකා ගැන කතා කිරීම සුදුසු නැත. ගැ‍ටුමක ඇතිවන සෑම අවස්ථාවකම එදිනම එයට විසඳුමක් දෙදෙනාම එක්වී සොයාගැනීමට උත්සාහ කරන්න. දින ගණනක් එකම මතගැ‍ටුමක් නිසා නෝක්කාඩු වී සිටීම ඔබ දෙදෙනාවම අනවශ්‍ය ආතතියකට පත්කරයි.එබැවින් සමතකයට පත්වීමට උත්සාහ කරන්න.

10.පිළිගැනිම් සහ සමුදීම්

  • සහකාරිය/සහකරු නිවසින් පිටට යන විට සමුදීම වගේම නැවත පැමිණෙන විට සතුටින් පිළිගැනීම දෙදෙනා අතර සමීප බව සහ සබඳතාව ශක්තිමත් කරවන්න පුරුද්දකි. එමඟින් එකිනෙකා කෙරෙහි ඇති ආදරය සහ ලෙන්ගතු බව හැඟවේ.