Hela Rahas

Hela Rahas Official Web Portal

ඉතිහාසඥයින් මවිත කල සොයාගැනීම් 13 ක්

පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වල බොහෝ විට ඇත්තේ අනුමානයන්ය. ඊට හේතුව නම් ඒවායේ සැබෑ කරුණු ඉතිහාසයත් සමඟ වැලලී ගොස් ඇති බැවිනි. ඉතිහාසඥයින් පවා මවිතයට පත් කිරීමට සමත් වූ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ අනපේක්ෂිත නවතම සොයාගැනීම් කිහිපයක් ගැනයි මේ.

1.මිනෝඅන් මාලිගයේ මධ්‍යම උණුසුම් කිරීමේ තාක්ෂණය (ක්‍රි.පූ. 2700-1400)

  • මෙය හමුවි ඇත්තේ ක්නොසොස් හි පිහිටි මාලිගා සුන්බුන් අතරිනි. ඉපැරණි මිනෝආන් ශිෂ්ටාචාරයට අයත් මෙම මාලියග උණුසුම් කිරීම සඳහ විශේෂිත වූ අර්ධ කවාකාර වහලක් සහිත සිලින්ඩරාකාර ආකෘති භාවිතා වී ඇත. ඒවා පොලොව යටින් තැන්පත් කර ඇති අතර ගිනි දල්වමින් සමස්ත මාලිගය උණුසුම් කිරීම සිදුකර ඇත.

2.අලෙවි යන්ත්‍ර (ක්‍රි.පූ. 100)

  • මෙම යන්ත්‍රය ඉපැරණි සිද්ධස්ථාන වල ශුද්ධ වූ ජලය අලෙවි කිරීමට භාවිතා කරන ලද්දකි. කාසියක් දමා ලීවරය ඇද්ද විට ඉන් ශුද්ධ වූ ජලය පහළට ගලා ඒ.

3.වෙනීසියේ වැම්පයර් (16 වන සියවසට අයත් අවශේෂ)

  • ලැගුආනා ඩි වෙනිසියා නම් ප්‍රදේශයෙන් 2007 වසරේදි අසාමාන්‍ය යමක් හමුවිය. සුසාන භූමි පර්ශ්‍රයක සිදුකල කැණීම් වලදී කටේ ගඩොල් කැටයක් සහිත හිස්කබලක් හමු වී ඇත. ඓතිහාසික ලිඛිත මූලාශ්‍ර වල සඳහන් වන ආකාරයට අතීතයේ වැම්පයරවරුන් මිහිදන් කර ඇත්තේ මේ ආකාරයටය. පර්යේෂකයින් පවසන්නේ මෙය වයස අවුරුදු 60-70 ක් පමණ වන කාන්තාවකට අයත් හිස්කබලක් බවයි. වයස හැර වෙනත් කිසිඳු වැදගත් යමක් එහි හමුවී නැත. නමුත් ඇය වැම්පයර් කෙනෙකු යැයි මිනිසුන් සිතන්නේ ඇයි ද යන්නට පිළිතුරක් තවමත් නොමැත.

4.වයිකිංවරුන්ගේ ඉපැරණි ජනාවාසයක් (11 වන සියවසේ අග බාගයට අයත්)

  • L’Anse aux meadows යනු ඉපැරණි වයිකිංවරුන්ගේ ජනාවාසයකි. මෙය කොලොම්බස් විසින් උතුරු ඇමෙරිකාව සොයාගත් කාලයට වඩා වසර 500 කට පමණ පෙර ඉදිකරන ලද්දකි. වසර ගණනක් සිදුකල කැණීම් සහ ගවේෂණ වලින් මෙම ස්ථානයේ නෝර්වේජියානු මූලාරම්භයන් පවතින බව අනාවරණය විය.වයිකිංවරු උතුරු ඇමෙරිකාවේ සිදුකලේ කුමක් ද? ඔවුන් එම ප්‍රදේශයට ගමන් කලේ කෙසේද යන්න අදටත් විශේෂඥයින් හට ගැටලුවකි.

5.ඉපැරණි ග්‍රීසියේ ස්වයංක්‍රීය දොර‍ටු (ක්‍රි. ව. 1 වන සියවසේ දෙවන බාගයට අයත්)

  • හීරෝ ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා නම් පුද්ගලයා විසින් මෙම ස්වයංක්‍රීය දොර‍ටු නිර්මාණය කර ඇත. ඉපැරණි සිද්ධස්ථාන වල මේවා ස්ථාපිත කර තිබේ. අල්තාරය අභ්‍යන්තරයේ උණුසුම් වායු ධාරා වලින් එහි යාන්ත්‍රණය ක්‍රියාත්මක වී ඇත.

6.Mr.Pynchon and the settling of Springfield- 1937 ආන්දෝලනාත්මක බිතුසිතුවම

  • උම්බර්ටෝ රොමානෝ විසින් කල මෙම බිතුසිතුවමේ නවීන කාලයට අයත් ස්මාර්ට් දුරකථනයක් වැනි යමක් දක්නට ලැබේ. එහි ඉදිරියේම සිටින රතු ඉන්දියානු පුද්ගලයාගේ අතේ ඇති යම් වස්තුව මෙසේ ආන්දෝලනයට තුඬු දී ඇත. කෙසේවෙතත්, මේ සම්බන්ධ විවිධ න්‍යායන් ගොඩ නැගී ඇත.

7.ඉපැරණි ග්‍රීසියෙන් හමුවන පළමු සිරස් වතුර මල (2 වන සියවස ආරම්භක යුගය)

  • පෙර්ගැමෝන් පුරාවිද්‍යා ස්ථානයේ තිබි මෙම පළමු වතුර මල් සොයාගෙන ඇත. එය ඉපැරණි ග්‍රීක නගරයක් වුවද වර්තමානයේ එය තුර්කියේ ඇති නගරයකි. එම නිර්මාණය ඉතා සංකීර්ණ එකක් වන අතර මට්ටම් 7 කින් සමන්විතය.

8.ලියනාඩෝ ඩා වින්සිගේ රොබෝ පිළිමය (14 වන සියවස)

  • මෙය හමු වී ඇත්තේ 1950 දීය. යුධ කටයුතු උදෙසා නිර්මාණය කල රෝබෝ ආකෘතියක් බව පැවසේ. නමුත් මෙය ඔහු විසින්ම නිර්මාණය කලේද යන්න පිලිබඳ විවිධ තර්ක පවතියි. මෙම රොබෝ පිළිමය බොහෝ යථාර්තවාදී ස්වභාවයක් ගන්නා අතර සරල මිනිස් චලනයක් අනුකරණය කිරීමේ හැකියාව ඇති බව සඳහන් වේ.

9.ඉපැරණි රසායනික අවියක් (ක්‍රි.ව. 256)

  • 20 වන සියවසේදි සිරියානු නගරයක් වන ඩියුරා යුරෝපෝස් ප්‍රදේශයේ උමඟකින් රෝමානු මුලාදැනින් 19 දෙනෙකු සහ එක් පර්සියානු යුධ බටයෙකු හමු වී ඇත. විද්‍යාඥයින් පළමු වරට අනුමාන කර ඇත්තේ මොවුන් සියලු දෙනා උමඟ කඩා වැටීම නිසා මියයන්නට ඇති බවයි. නමුත් පසුව සිදුකල පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ සොල්දාදුවන් මියගොස් ඇත්තේ උමඟ තුල ඇති වූ සල්ෆර් ඩයොක්සයිඩ් වළාවක් නිසා බවයි. රසායනික යුද්ධයක් පිළිබඳ පළමු වරට අනාවරණය වු සාක්ෂිය මෙම සිදුවීම වේ.

10.නැස්කා රේඛා (ක්‍රි.ව. 2 වන සියවසට පෙර යුගය)

  • පේරු රාජ්‍යයේ නැස්කා සානුවේ තිබී හමු වී ඇත. එම රේඛා රටා වලින් පින්තූර 30 ක් හඳුනාගෙන ඇත. වඳුරෙකු, කුරුල්ලෙකු, මකුළුවෙකු ත්‍රිකෝණ 700 ක් පමණ සහ දඟර හැඩ ඒ අතර වේ. කාලගුණය වියළි නිසා මේවා පැහැදිලිව දක්නට ලැබේ. මේවා ඇඳ ඇත්තේ කවුරුන්ද ? එසේ සිතුවම් කලේ ඇයි? ආදි ගැටලුවලට අදටත් නිශ්චිත පිලිතුරු නොමැත.

11.19 වන සියවසේ අගබාගයේදී ඊස්ටර් දූපතෙන් හමුවූ කියවා තේරුම්ගත නොහැකි ලේඛනයක්

  • ඊස්ටර් දූපතේ හිස සහිත පිළිම ලෝක ප්‍රසිද්ධය. කියවා තේරුම් ගැනීමට තවමත් අපහසු වී ඇති සංකේත කැයටම් කරන ලද ඵලක 24 ක් එහි තිබී හමුවී ඇත. මෙම සංකේත ‘රොන්ගොරොන්ගෝ’ යනුවෙන් හඳුන්වයි.

12.1880 ගණන් වලදී හමුවූ අං සහිත මිනිස් හිස්කබලක්

  • මෙම හිස්කබල හමුවි ඇත්තේ පෙනිසිවේනියාවෙනි. ව්‍යුහ විද්‍යාවට අනුව එය ඉතා සාමාන්‍ය හිස්කබලක් බවත් එකම වෙනස එහි ඇති අඟ කොටස පමණක් බවත් පැවසේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ පර්යේෂණ ආරම්භ කිරීමට පෙර මෙම හිස්කබල අස්ථාන ගත වී ඇති බව පැවසේ.

13.ශුද්ධ වූ මිනීවස්ත්‍රය (Shroud of Turin)

  • මෙම මිනී වස්ත්‍රයේ ජේසුස් ස්වාමීගේ ඡායාව ඇති බව සඳහන් වේ. පුරාවෘත්ත වලටා අනුව ජේසුතුමා කුරුසියේ ඇණ ගසා මරා දැමූ පසු උන්වහන්සේගේ සිරුර ඔතා ඇත්තේ මෙම වස්ත්‍රයෙන් බවයි. සමීපව බැලූ අයෙකුට එහි මුහුණක, ශරීරයක සහ රුධිර පැල්ලම් ලක්ෂණ ඇති බව පෙනී යනු ඇත. කෙසේවෙතත් විද්‍යාඥයින් මෙම මතයට තවමත් එකඟත්වය පළකර නොමැත.