Hela Rahas

Hela Rahas Official Web Portal

දිය පට්ටා ඉක්මනින්ම සුවපත් කරගත හැකි ක්‍රම 11 ක්

ලස්සන පාවහන් විලාසිතා පැලඳීමට ඇතැම් අයට නොහැකි වි තිබෙන්නේ පාදය අවලස්සන කරමින් මතු වී ඇති සමේ ගොරෝසු බව සහ වේදනාකාරි දියපට්ට නිසාය. මේවා ඉතාමත් පහසුවෙන් සුවකල හැකි තත්වයන් දෙකකි. ස්වයං ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාසිටීමට හැකි නම් එය වඩාත් නිර්දේෂිත පියවරකි. ඔබේ පාද වල මෙවැනි පීඩා ඇති වෙලා තිබෙනවා නම් ඒවා සමනය කරගැනීමට මේ ප්‍රතිඵලදායි ක්‍රම කිහිපය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.

  • දිය පට්ටා වලට ප්‍රතිකාර කරන අයුරු දියපට්ටය ප්‍රමාණයෙන් කුඩා නම් එය සුව කල හැකි හොඳම ක්‍රමය එය ඇල්ලීමෙන් වැළකීසිටීමයි. එසේ වන තුරු ඔබේ සුපුරුදු පාවහන් යුගල වෙනස් කර වෙනත් එකක් භාවිතා කරන්න. තුවාලයේ සම වටා මධ්‍යසාර හෝ පෙරොක්සයිස් ස්වල්පයක් ගල්වා සම මත තිබෙන්නට හරින්න. දිනක් හෝ දෙදිනක් ගත වන විට එය ඉබේම අතුරුදහන් වී යාවි.
  • ප්‍රමාණයෙන් විශාල දියපට්ටයකට ප්‍රතිකාර කිරීම සඳහා එහි පාදම කොටසින් සිදුරු කර සැරව මිරිකා ඉවත්කරන්න. සම කැපීම සිදුනොකරන්න. එයට ඇන්ටිසෙප්ටික් දියර ස්වල්පයක් ගල්වා වාතාශ්‍රය ගමන් කල හැකි බැන්ඩේජ් පටියකින් (අවශ්‍ය නම්) ආවරණය කරගන්න.සරල ක්‍රම කිහිපයක්:
  • දියපට්ටය මෙම දුබල මැංගනීස් ද්‍රාවණයකින් කෙටි වෙලාවක් සෝදාගන්න. ඉන් පසු සම මත ඒවා වියළෙන්නට හරින්න. මෙය අවශ්‍ය නම් නැවත වරක් සිදුකරන්න.
  • ලුණු තේ හැඳි 1 ක් උණු ජලය ලීටරයක් සමඟ මිශ්‍ර කරගන්න (මේ සඳහා ඕනම ලුණු වර්ගයක් භාවිතා කල හැකිය.). එම ජලයෙන් ඔබේ පාද සේදීම හෝ බේසමකට ජලය දමා පාද හොඳින් පෙ‍ඟෙන්නට හරින්න.
  • කැමොමයිල් සහ කැන්ඩියුලා ඔසු වල ප්‍රති-බැක්ටීරිය ගුණ ඇත.ඒවා මිශ්‍ර උණුසුම් ජලයේ පාද පොඟවාගෙන සිටීම හෝ වාෂ්ප ඇල්ලීමෙන් ඊට ප්‍රතිකාර කල හැක.
  • බිත්තර වල හානි වූ සම නැවත වර්ධනය කිරීමේ ගුණ පවතින බව තහවුරු වී ඇති කරුණකි. කඩන ලද බිත්තරයක ක‍ටුවලින් එහි ඇති සුදු පටලය ඉවත්කරගන්න.ඒවා දියපට්ටය මත ගල්වා ප්ලාස්ටරයක් යොදන්න. තුවාලය දිනකින් සුවවේ.

ගොරෝසු වී ඇති සමට ප්‍රතිකාර කරන අයුරු-ගොරෝසු වී ගොස් ඇති සම මෘදු කරගැනීම සඳහා භාවිතා කල හැකි ප්‍රතිකාර ක්‍රම ‍රැසක් පවතියි. මෙම සත්කාර වලින් පසු ඔබේ පාද වලට හොඳ තෙතමනයක් ලබාදීමට මොයිෂ්චරයිසිං ක්‍රිම් ස්වල්පයක් ආලේප කරගන්න.
විනාකිරි සහ ජලය 1 :3 අනුපාතයෙන් ගෙන හොඳින් මිශ්‍ර කර, රාත්‍රී නින්දට යාමට පෙර පාද වල ගොරෝසු සම මත ගල්වා වෙළුම් පටියක් යොදන්න. පසුදා උදෑසන ඒවා පහසුවෙන් ගැලවී යනු ඇත.

  • වාෂ්ප ඇල්ලු දෙපා වල පල්පයක් සේ සකසාගත් ලෙමන් පොතු ආලේප කරන්න. රාත්‍රී නින්දට පෙර මෙය සිදුකරන්නේ නම් දින 3-4 කට පසු ලුණු එක්කල උණුසුම් ජලයේ ඔබේ දෙපා පොඟවන්න. ඉන්පසුව, ගොරෝසු සම පමිස් ගලක් හෝ බුරුසුවක් ආධාරයෙන් ඉවත්කරගන්න.
  • කෝමාරිකා කැබැල්ලක් ගෙන දෙකට කපා ගොරෝසු සම මත ආලේප කර වාතය නොවැදෙන සේ පටියකින් වෙළුම් යොදන්න. පැය 12-24 ගත වන තුරු ගොරෝසු සම මෘදු වීමට පටන්ගනියි. ඉන්පසුව ඔබට පහසුවෙන් ඔබේ දෙපා වල රළු සම ඉවත්කරගත හැකියි.
  • රාත්‍රි නින්දට පෙර එළවළු තෙල් ස්වල්පයක් පිරිසිදු කරගත් ඔබේ දෙපා මත ආලේප කරගන්න. ගොරෝසු සම මෘදු වී අඩු වී නොපෙනී යන තුරුම මේ ප්‍රතිකාරය යලි යලිත් සිදුකරන්න. මෙය වේගවත්ම ක්‍රමය නොවුණත් එය වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයකි.
  • බේකිං සෝඩා මඟින් මැරුණු සෛල ඉවත්කරමින් සමේ නව සෛල ප්‍රතිවර්ධනය වීම වේගවත් කරවයි. බේකිං සෝඩා මේස හැඳි 2 ක් උණුසුම් ජලය පිරවූ බේසමකට එක්කරන්න. එහි ඔබේ දෙපා මිනිත්තු 15 ක් පමණ පොඟවාගෙන සිටින්න. පසුව පමිස් ගලකින් සම පිරිසිදු කරගන්න.