Hela Rahas

Hela Rahas Official Web Portal

පු‍ටුවේ නිදාගැනීම නිසා සිදුවෙන අහිතකර බලපෑම් 4ක්

සාලයේ ඇති පු‍ටුවේ වාඩිවෙලා රූපවාහිනිය නරඹමින් සිටින විට ඒ අත්දැකීම රසවත් වෙද්දි, ඔබටත් නොදැනීම ඔබ පු‍ටුව උඩ හාන්සි වෙලා එහෙමත් නැතිනම් ටික වෙලාවක් ගත වෙන විට සැප නින්දකට වැටිලා ඉන්නවා වෙන්න පුලුවන්. ඇඳේ නිදාගන්නවට වඩා සැපයි කියලයි ඒ වෙලාවට හිතුණත් ඇත්තටම මේ පුරුද්ද නම් ඔබේ සෞඛ්‍යයට හිතකර නැහැ. එහෙම කියන්න හේතු 4 ක් ගැනයි මේ කියන්න යන්නේ.

1.කවිච්චිය අපිරිසිදුයි.

  • දවස පතා ඔබේ නිවසේ ඇති පු‍ටු වල කුණු දුහුවිලි විශාල ප්‍රමාණයක් එක් ‍රැස් වෙනවා. දිනපතාම භාවිතා වෙන නිසා (නිවැසියන් මෙන්ම නිවසට පැමිණෙන අමුත්තන් පවා), සුරතලුන්ගේ ලොම් නිසා, වාඩි වී සිටිමින් ආහාර ගැනීම ඒ මතට වැ‍ටුණු ආහාර කොටස් ආදී නොයෙකුත් දේ නිසා පු‍ටු මතුපිට අපවිත්‍ර වි තිබිය හැකියි. දිනපතා නිවස පිරිසිදු කරන විට පු‍ටු මේස ඇතුලු ගෘහභාණ්ඩ මතුපිට වැකියුම් කිරීම සිදුකල හැකි වුණත් සම්පූර්ණයෙන්ම විෂබීජ ඉවත් කිරීම අපහසුය. රෝග කාරක, බැක්ටීරියා සහ පුස් ස්පෝර ආදිය නිසා සමේ ආසාත්මිකතා ගැටලු මතුකරවිය හැකිය.

2.වැරදි නිදන ඉරියව්ව

  • කවිච්චියක වැතිරී නිදාසිටින විට පුද්ගලයාගේ කශේරුව එක පෙළට නොව ඇලයට පිහිටයි. සාලයේ ඇති පු‍ටුව කොතරම් නවීන නිර්මාණයක් වුවත් පු‍ටුව කියන්නේ සුවපහසු නින්දකට හොඳම ස්ථානය නම් නොවේ. කවිච්චි සඳහා භාවිතා වන ආකෘති සහ සැකසුම් ක්‍රම සෞඛ්‍යාරක්ෂිත සහ නිවැරදි ඉරියව්වකින් යුතු නින්දකට පත්වීමට නොහැකි ආකාරයේ අනුචිත ඒවාය. කොන්ද ඇල කරගෙන වැතිරී සිටීම නිසා කොන්ද ආශ්‍රිතව කැක්කුම්-වේදනා මතුවෙන්නට පටන්ගත හැකිය. කවිච්චියක වැතිරී නිදාගන්නවාට වඩා බිම වැතිරී නිදාගැනීම ඊට වඩා සුදුසුය. වැරදි නිදන ඉරියව් භාවිතය නිසා ඔබේ ශරීරයේ ස්වභාවික ඉරියව්ව ස්වභාය පවා කාලයක් ගත වන විට විකෘති වී-වෙනස් වී යා හැකියි වගේම විවිධ කැක්කුම් සහිත ආබාධයන්ට පවා පත්විය හැකියි.

3.වික්ෂිප්ත වීම් (අවධානය වෙනස්වීම්) වලට ලක්වීමේ ඉඩකඩ වැඩිය.

  • සාමාන්‍යයෙන් නිවසක කවිච්චියක් තිබෙන්නේ සාලයේ නිසා රූපවාහිනි ආලෝකය, විදුලි ලාම්පු ආලෝකය වැනි දේවල් වලට එය නිරාවරණය වී තිබෙයි. මෙසේ ඔබේ මුහුණට එල්ල වන කුඩා රූපවාහිනි ආලෝක් ධාරාවකින් වුණත් ඔබට අපහසුතාවයක් ඇති විය හැකියි වගේම ඔබේ සිරුරට තෙහෙට්‍ටු ගතියක් ඇති වීමට පටන්ගත හැකියි. රූපවාහිනියේ ශබ්ද සහ ආලෝකය ධාරා නිසා ඔබේ විවේකයට බාධා ඇති වි ඔබ විටින් විට වික්ෂිප්තව අවදිවීම සිදුවිය හැකියි. මෙය ඔබට මුල් කාලයේදි පැහැදිලි ලෙස හඳුනාගන්නට නොහැකි වේවි. නමුත් කාලයක් යන විට මෙය ඔබේ මුලු සිරුරම තෙහෙට්‍ටුවට-විඩාවට පත්කරවනු ඇත.

4.එහි ඇති අපහසුබව

  • කවිච්චිය සාදා ඇති රෙදි අමුද්‍රව්‍ය(material) ස්වභාවය සහ එහි ඇතැම් නිර්මාණ සැකසුම් භාවිතාවන් නිසා ඒ මත නිදාගැනීම ඔබට වඩාත් අපහසුකාරි අත්දැකීමක් විය හැකිය. මෙවැනි කුඩා කුඩා දේවල් නිසා ඔබ නිදාගැනීමට කොතරම් උත්සාහ කලත් එය ඔබට පීඩාකාරී බවක් ඇතිකල හැකියි. විශේෂයෙන්ම කවිච්චිය යනු ප‍ටු සැකැස්මක් නිසා ඔබට ඒ මත ඇඳක මෙන් නිදහසේ එහාමෙහා චලනය වීමට නොහැකියි. ඒ අනුව කවිච්චියේ නිදාගෙන සිටින විට එම පුදගලයාගේ චලනය වීමේ නිදහස සීමාවට ලක්වේ. මෙසේ කවිච්චියේ හැකිළී නිදාසිටින විට ඔබේ සිරුරේ ඇති පීඩන ලක්ෂ්‍යයන් අවශ්‍ය පරිදි ලිහිල් වී සැහැල්ලුවට පත් නොවෙයි. මෙසේ සිරුර පීඩාකාරි ඉරියව්වකින් තිබියදි බොහෝ වෙලාවක් නිදාගැනීමේ ප්‍රතිවිපාකයක් ලෙස පසුදා උදෑසන ඔබ අවදිවෙන්නේ තදබල කොන්දේ හෝ බෙල්ලේ වේදනාවක්-කැක්කුමක් එක්ක බව නම් සිකුරුයි.