Hela Rahas

Hela Rahas Official Web Portal

ජලය පානය කිරීමෙන් වැළකී සිටිය යුතු අවස්ථා 9 ක්

ජලය කියන්නේ සිරුරට ඉතාම අවශ්‍ය දෙයක් බව ඔබ දන්නවා. නමුත් , ජලය වුවත් ප්‍රමාණිකව පරිභෝජනය කිරීම ඉතාමත් වැදගත්. අතුරු ආබාධ ඇතිකරවිය හැකි අධික දියර පරිභෝජනය සීමා කිරීමට ඔබ විසින් අවධානය යොමු කල යුතු දෙයකි. ඒ වගේම සෑම තැනකම ඇති ජල මූලාශ්‍ර පරිභෝජනයට සුදුසු ජලය නොවේ. විශේෂයෙන්ම හානිකර ද්‍රව්‍ය අඩංගු විම, විෂබීජ වැනි හානිකර ද්‍රව්‍ය අඩංගු වීම නිසා ඔබේ සෞඛ්‍යය අවදානමට ලක්වීමේ ඉඩකඩ වැඩිය. ඒ නිසාම ඔබ විසින් වැඩි සැලකිල්ලකින් යුතුව ජලය පානය නොකල යුතු අවස්ථා කිහිපයක් ගැන කියන්නට අප සිතුවා.

1.රාත්‍රී නින්දට යන විට ඇඳට ගොඩ වීමට පෙර

  • ඊට හේතු දෙක ඇත. රාත්‍රි නින්දට පෙර බොහෝ ජලය පානය කිරීම නිසා ඔබේ නින්දට බාධා ඇතිවිය හැකිය. විශේෂයෙන්ම රෑ මැද මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඇතිවීම නිසා ඔබව හදිසියේ අවදිවිය හැකි අතර ඉන් පසුව නැවත නින්දයාම තරමක් අපහසු දෙයකි වේ.දෙවැන්න නම් දහවල් කාලයේදි මෙන් නොව රාත්‍රියේදි අපේ වකුගඩු ක්‍රියාකාරීත්වය මන්දගාමී වීමය. මේ හේතුව නිසයි පසුදා උදෑසන ඔබේ මුහුණේ හා ගාත් වල ඉදිමුම් ස්වභාවයක් නිරීක්ෂණය කල හැක්කේ. රත්‍රියේ ජලය පානය කිරිම මෙම ලක්ෂණ තවත් වැඩිකරවයි.

2.තිව්‍රතාවයෙන් වැඩි ව්‍යායාම වල නිරතවෙමින් සිටින අතරේදී

  • විද්‍යාඥයින් පවසන්නේ අධි තීව්‍ර ව්‍යායාම අතරේදී අධිකව ජලය පානය කිරීම අතුටෘ ආබාධ ඇතුකරවිය හැකි බවයි. තිව්‍ර ව්‍යාම වලදි පුද්ගලයාගේ සිරුර අධිකව උණුසුම් වේ. නමුත් අධිකව ජලය පානය කිරීම නිසා නිසා සිරුරේ විද්‍යුත් විච්ඡේද්‍ය හායනයකට ලක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට හිසරදය, ඔක්කාරය, ඉස කරකැවිල්ල වැනි තත්වයන් මතුවිය හැක. හෘද රෝග සහිත පුද්ගලයින්ට අධිකව දියර ගැනීම අනතුරුදායක විය හැක්කේ එහි බලපෑමින් හෘදය වෙහෙසට පත්වීම (strain) වැඩිවන නිසාය. මේ හේතුව නිසාම වෛද්‍යවරුන් නිර්දේෂ කරන්නේ ව්‍යායාම වල නිරත වූ පසු ජලය පානය කරන ලෙසයි.

3.මූත්‍රා අවර්ණ ස්වභාවයක් ගනියි නම්

  • සම්පූර්ණයෙන්ම මූත්‍රා සුපැහැදිලි ස්වභාවයක් ගැනීම අධි-සජලතාවයේ ලක්ෂණයකි. මූත්‍රා වල අවර්ණ විම මඟින් හඳුනාගත හැක්කේ ඔබ පිපාසයක් නොදැනුන ද දවස පුරා අධිකව ජලය පානය කර ඇති බවයි. අධිකව ජලය පානය කිරීම නිසා සිරුරේ ලවණ (සෝඩියම්) මට්ටම පහත බසියි. ඒ හේතුවෙන් හෘදයාබාධ වැනි ඇතැම් බරපතල සෞඛ්‍ය ගැටලු මතුවීමට පවා ඉඩ ඇත.

4.සැර අධික ආහාර අනුභවයෙන් පසු

  • මිරිස් ආහාරයට ගැනීමෙන් පසු දැවිල්ල හටගන්නේ එහි අඩංගු කැප්සයිසින් නම් සංඝටක නිසාය. ඒවා ධ්‍රැවීය නොවන අණු බැවින් ඒවා දියවන්නේ ධ්‍රැවීය නොවන අමුද්‍රව්‍ය වලදීය. උදා: ජලය වෙනුවට කිරි පානය කිරීම වඩාත් උචිතය. ජලයේ අඩංගු වන්නේ ධ්‍රැවීය අණු බැවින් ජලාය් මඟින් මුඛය පුරා හා ගල නාළය පුරා කැප්සයිසින් ව්‍යාප්ත වීම සිදුවේ.

5.ආහාර ගනිමින් සිටින අතරේදි අධිකව ජලය පානය කිරීම නොකල යුතුයි

  • ආහාර ගන්නා අතරේ ජලය පානය කිරිමෙන් බඩේ අජීර්ණයන් ඇතිවිය හැක. ආහාර ජීර්ණය විමට අවශ්‍ය ඇතැම් එන්සයිම අඩංගු වන්නේ ඛේට වලය. නමුත් ආහාර ගන්නා අතරේ ජලය පානය කිරීමෙන් ඛේට නිෂ්පාදනය වීම අඩු වී යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීර්ණය නොවූ ආහාර සිරුරේ ඉතිරි වී ඇතැම් විට විෂ බවට පරිවර්තනය විය හැක. සීතල ජලය හා මධ්‍යසාර අඩංගු පාන වර්ග පානය කිරිම මේ තත්වය තවත් බරපතල කරවිය හැකි බව මතකතබාගන්න.

6.ගෙවත්තේ හෝස් පයිප්ප වලින් එන ජලය

  • හෝස් පයිප්ප ගෙවතු වගා සඳහා ජලය ඉසිමට භාවිතා වුවත් ඒවායින් පානය කිරීමට ජලය ලබාගැනීම එතරම් සෞඛ්‍යාරක්ශිත නැත. ඊට හේතුව නම් මෙම පයිප්ප සකසා ඇති ද්‍රව්‍ය වල හානිකර මූල ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකි වීමයි. උදාහරණයක් ලෙස, ඔර්ගනෝටින් (organotin) අන්තරාසර්ග පද්ධතියට බලපෑම් ඇතිකරවිය හැකිය, ඇන්ටිමොනි (antimone) වල බලපෑමින් අක්වාම, වකුගඩු සහ වෙනත් අවයව වලට හානි ඇතිවිය හැක, තැලේට්ස් (phthalates) වල බලපෑම නිසා බුද්ධි මට්ටම අඩුවීම සහ චර්යා වෙනස්කම් ඇතිවීම වැනි ගැටලු මතුකරවිය හැකිය.

7.කෘතිම රසකාරක යෙදු පානිය ජල බෝතල්

  • බර අඩුකරගැනීමට සිතා සිටින අයට මෙවැනි නිෂ්පාදන කිසිසේත්ම සුදුසු නැත. කෘතිම රසකාරක හා වර්ණකාරක නිසා ආහාර රුචිය උත්තේජනය වීම සිදුවන අතර ඒ හේතුවෙන් සිරුරේ බර වැඩිවිමේ අවදානමක් ඇති විය හැක. ලෙමන් , දෙහි ආදි පලතුරු රස මිශ්‍ර ජල බෝතල් වල මේවා අඩංගුය.

8.මුහුදු වතුර

  • මුහුදු වතුර අතිශයින්ම අපිරිසිදුය. එහි රෝග කාරක මිනිස් වෛරස පවා තිබිය හැක. ඔබ මුහුදු ජලයේ පිහිනමින් හෝ දිය ක්‍රීඩා කර්මින් සිටින විට දි ඔබේ මුවට ජලය ඇතුල් වූ යේ නම් වහාම කෙළ ගසා කට පිරිසිදු කරගත යුතුය. අනෙක් කාරණාව නම් මුහුදු ජලයේ අධිකව ලුණු අඩංගු වන නිසා ඔබේ සිරුර විජලනය වී යා හැකිය.