Hela Rahas

Hela Rahas Official Web Portal

අප ජීවත්වන පෘථිවිය ගැන පුදුම හිතෙන කරුණු 10 ක්

පුරාණයේ මිනිසුන් විසින් විශ්වාස කලේ පෘථිවිය යනු තල්මසුන් තිදෙනෙකු විසින් දරා සිටින පැතලි තැටියක් බවයි. විද්‍යාව සහ තාක්ෂණවේදයේ අතිශය සීඝ්‍රගාමි දියුණුවත් සමඟ මේ සුවිසල් විශ්වයේ බොහෝමයක් අභිරහස් හෙලි කරගැනීමට වර්තමානයේ මිනිසා සමත්ව සිටින්නේය. එනමුත්, තවමත් නිරාකරණය කරගත නොහැකි වූ ගුප්ත දේ බොහෝමයක් අප ජීවත් වන මේ පෘථිවියේ පවතියි.අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ සුවිසල් පෘථිවිය පිලිබඳව කියවෙන එවන් ආකාරයේ අදහාගත නොහැකි තරමේ විශ්මයජනක කරුණු 11 ක් ගැනයි

1.ලොව උසම කන්ද එවරස්ට් නොවේ

  • හවායි හි පිහිටි මාඋනා කියා කන්ද (Mauna Kea) මුහුදු මට්ටමේ සිට මීටර 4205 ක ඉහළ උන්නතාංශයක පිහිටා ඇත. කෙසේ වෙතත් මෙම ගිනිකන්දේ විශාලතම කොටස පවතින්නේ මුහුදු මට්ටමට පහළිනි. එහි සිට මෙහි මුදුන තෙක් උස මැන්න විට එහි උස මීටර් 10203 ක් පමණ වන බව සඳහන් වේ. එවිට මෙම කන්ද ලොව උසම කන්ද යැයි සැලකෙන එවරස්ට් කන්දටත් වඩා මිටර් 1355 ක් උසෛන් වැඩිය.

2.පෘථිවි වායුගෝලයට සීමාමායිම් ඇත

  • මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 100 ක උන්නතාංශයකින් පිහිටා ඇති කාර්මාන් රේඛාව (Karman line) ජාත්‍යන්තරව පිළිගත් සීමාවකි. පෘථිවි වායුගෝලය අවසන් වන මට්ටම පිහිටා ඇත්තේ ඊටත් වඩා උසකින් වුවද, ලෝක ගුවන් ක්‍රීඩා සන්ධානය (The World Air Sport Federation) පිළිගන්නා ආකාරයට අනුව් වායොගෝලය සහ පිටත අභ්‍යවකාශය අතර වෙන්වන සීමාව ලෙස මෙය හඳුන්වා ඇත.

3.පෘථිවියේ වියළිතම ස්ථානය පිහිටා ඇත්තේ ඇන්ටාර්ක්ටිකාවේය

  • පෘථිවියේ වියළිතම ස්ථානය චිලි රාජ්‍යයේ පිහිටා ඇති ඇටකාමා කාන්තාරය බව සඳහන් වේ. එම ප්‍රදේශයට වසර දහසකට වැඩිකාලයක් තිස්සේ වර්ෂාපතනයක් ලැබී නැත. කෙසේවෙතත් ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති මැක්මුර්ඩෝ වියළි නිම්නයට (McMurdo dry valley) වසර මිලියන 2 ක කාලයක් තිස්සේ කිසිඳු වර්ෂාපතනයක් ලැබී නොමැති බව පැවසේ. මෙහි සුලං හමන වේගය දැක්වෙන්නේ පැයට කිලෝමීටර් 320 ක් ලෙසයි (320 km/h)

4.මිරිදිය නියෝජනය කරන්නේ පෘථිවිය මත ඇති ජලයෙන් 3% ක් පමණි

  • පෘථිවියේ පවතින ජලයෙන් 97% ක් ම පවතින්නේ සාගර හා මුහුදු ලෙසයි. අධික ලවණ නිසා ඒවා පානය කිරීමට ගත නොහැක. ඉතිරි 3% ප්‍රතිශය සමන්විත වන්නේ මිරිදිය ලෙසයි. ඉන් 70% ක් ග්කැසියර ලෙසත් 20% බයිකල් විලේ (Lake Baikal)ජලය ලෙසත් පවතියි.

5.ලොව පැරණිතම පූජාස්ථානය වසර 12000 ක් පැරණිය

  • ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) නම් ලොව පුරාණතම සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ දකුණු තුර්කියේය. පර්යේෂකයින් පෙන්වාදෙන ආකාරයට එහි ඇති කුළුණු වල කැටයම් මඟින් වසර 11000 කට පමණ පෙර උල්කාපාත කඩාවැටීමක් පෘතිවියේ උෂ්ණත්වය එක්වරම පහළ බසින්නට හේතුවී ඇති බව ඔප්පු කරන බවයි.

6.චන්ද්‍රයා බොහෝ කලකට පෙර පෘථිවියේ කොටසක්ව පැවත ඇතැයි අනුමාන කෙරේ

  • චන්ද්‍රයා මත ඔක්සිජන් සහ ටයිටේනියම් පෘථිවියේ ඇති ඒවාට බොහෝ දුරට සමානය.

7.වසර මිලියන 250 ක් ගත වී එලඹෙන ඉදිරි අනාගතයේ ලොව සියලු මහද්වීප ආපසු එකිනෙක සම්බන්ධ වේ.

  • වසර මිලියන 335-175 කට ඉහතදී පැවති පැන්ජියාව නම් සුපිරි විශාලතම මහද්වීපය විභේදනය වී ලොරේෂියාව සහ ගොන්ඩ්වානා ලෙසින් වෙනස් මහද්වීප දෙකක් ලෙස නිර්මාණය වූ බවත් පසුකාලීනව එම මහද්වීප දෙක අද පවතින මහද්වීප 7 ලෙසින් විභේදනය වූ බව අප අසා ඇත්තෙමු. නමුත් විද්‍යාඥයින් විසින් මත පළ කරන්නේ වසර මිලියන 250-300 ක් පමණ ඉදිරි අනාගතයේදී මෙම මහද්වීප සියල්ල එකට ඒකාබද්ධ වී ‘පැන්ජියා අල්ටිමා (Pangea Ultima)’ නමින් හුදෙකලා සුපිරිමහද්වීපයක් බවට පරිවර්තනය වනු ඇති බවයි.

8.පළමු මහා පරිමාණ වඳවීයාම සිදුවි ඇත්තේ ඒක සෛලික ජීවියෙකුගේ බලපෑම නිසාය

  • Massachusetts Institute of Technology ආයනතනයේ විද්‍යාඥයින් විසින් වසර මිලියන ගණනකට ඉහතදී පෘථිවියේ ජීවත් වු ජීවින්ගෙන් 90% ක් පමණ මහා පරිමාණයෙන් වඳවියාම සම්බන්ධව න්‍යායක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ වසර මිලියන 252 කට පමණ ඉහතදී මෙතනොසාර්සිනා (Methanosarcina) නම් බැක්ටීරියා විශේෂයක් සාගරයේ වර්ධනය වන්නට පටන්ගැනිමත් සමඟ විද්‍යාත්මකව හඳුනාගත් බොහෝ කෘමීන් මහා පරිමාණයෙන් වඳවීයාමේ තර්ජනයට පත්වීමට හේතු වී ඇති බවයි. ඉන් ආකෝසෝරස් (Archosaurs) වර්ගයේ සතුන් හට පරිණාමය වීමට අනගි අවස්ථාවක් ලැබුණු බව ඔවුන්ගේ න්‍යායෙන් පෙන්වාදේ. කිඹුලන් යනු ආකෝසෝරස් වර්ගයේ සතුන්ගෙන් පරිණාමය ජීවි විශේෂයකි.,

9.අප ග්‍රහලෝකයේ වැඩි ප්‍රදේශයක් සැම විටම පාහේ තිබෙන්නේ අඳුරේය

පෘථිවි මතුපිටින් 71% ක් පමණ පවතින්නේ සාගරය. හිරු කිරණට නිරාවරණය වන සාගර ගැඹුර මීටර් 200 නොඉක්මවයි. එබැවින් ජලයේ වැඩි ප්‍රදේශයක් පවතින්නේ අඳුරේය. මේ හේතුව නිසා දිවා කාලයේ වුවත් පෘථිවියේ වැඩි ප්‍රදේශයක් පවතින්නේ ඝන අඳුරේ බව පැවසේ.

9.අසල්වැසි රාජ්‍යයන් අතර පවා පැය වෙනස පැවතිය හැක

  • කිරිබාස් දූපත් (Kiribati) සීමාවේ සිට ඇමෙරිකානු සැමෝආ (Samoa) දුපත පිහිටා ඇත්තේ කිලෝමීටර් 2000 ක් පමණ දුරකින් වුවද රටවල් දෙක අතර වේලාව පරතරය පැය 25 කි.