Hela Rahas

Hela Rahas Official Web Portal

දිනකට කජු මද 4 ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණ 9ක්

කජු වල ඇති කිරි සහ බටර් මිශ්‍ර පැණි රසයට අපි බොහෝ දෙනා ප්‍රිය කරන්නෙමු. රසය පමණක් නොව කජු කියන්නේ ඇත්තෙන්ම බොහෝ ඉහළ මට්ටමේ පෝෂණ ගුණයක් අන්තර්ගත ආහාරයකි. බොහෝ අය කජු අතුරු ආහාරයක් එහෙමත් නැතිනම් ස්නැක් එකක් ලෙස ආහාරයට එක්කර ගනිති. රසයෙනුත් ගුණයෙනුත් අනූන කජු වලින් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභත් විශ්මිතයි. අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේත් මේ පිලිබඳවයි. විද්‍යාත්මක ලිපි සහ අධ්‍යයන ඇසුරෙන් දැන කියාගන්නට ලැබෙන ආකාරයට ‘දිනකට කජු මද 4 ක් ආහාරයට ගත්තොත් ඔබේ සිරුරට මෙන්න මේ වගේ අපූරු ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබේවි!’

1.ඔබේ සම දිදුලන ස්වභාවයකට පත් වනු ඇත

  • කජු මද යනු ඔබේ සමේ නිරෝගිබව සඳහා බොහෝ ඉවහල් වන තඹ සහ ප්‍රති-ඔක්සිකාරක ගුණ මූලාශ්‍ර වේ. ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් සම වියපත් වීමේ ලක්ෂණ අවම කරවයි. තඹ සහ අනෙකුත් එන්සයිම මඟින් සමේ නම්‍යතාව වැඩි කරමින් සමේ පෙනුම නීරෝගි කරවයි.

2.ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානම අඩු වේ.

  • කජු වල සින්ක් පෝෂක ඉහළ මට්ටමකින් අන්තර්ගත ය. මෙම රසායනික මූලද්‍රව්‍ය අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධති සෛල වර්ධනය විම සඳහා, ප්‍රති-ඔක්සිකාරක එන්සයිම නිෂ්පාදනය කිරීම සඳහා මෙන්ම සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අතිශයින්ම වැදගත් වන පෝෂකයකි.

3.සිරුරේ අස්ථි වඩාත් හොඳින් ශක්තිමත් වීම සිදුවේ

  • කජු මද අවුන්සයකින් පුද්ගලයෙකුගේ දෛනික තඹ පෝෂක අවශ්‍යතාවයෙන් 30% ක් ද, දෛනික මැග්නීසියම් පෝෂක අවශ්‍යතාවයෙන් 20% ක් ද සපුරාගත හැකිය. තඹ පෝෂණය මඟින් සිරුරේ අස්ථි සහ සම්බන්ධ පටක වර්ධනයට ප්‍රධාන දායකත්වයක් දක්වන අතර මැග්නීසියම් මඟින් ඔබේ සිරුරට කැල්සියම් අවශෝෂණය කරගැනීම පහසු කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වර්ධනය වීමේ අවදානම අවම කිරීම සිදුකරයි.

4.ඇස් වල නීරෝගිකම හොඳින් ආරක්ෂා වේ.

  • කජු වල ලුටෙයින් සහ සියැසන්ස්තින් වැනි ඇස් වල නීරෝගි බව සඳහා බොහෝ සෙයින් වැදගත් වන ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුලව අන්තර්ගත වේ. දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඇස් වල පෙනීම ආරක්ෂා කිරීම සහ පරිසරයෙන් සම්ප්‍රේෂණය විය හැකි විවිධ ආසාදන තත්වයන් ඇතිවීම වැළැක්වීම මෙම ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් සිදුකරනු ඇත. සියැසන්තින් මඟින් ඔබේ ඇස් වල දෘෂ්ටිවිතානය හෙවත් රෙටීනාව අහිතකර පාරජම්බුල කිරණින් හානියට ලක්වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීම ද සිදුකරයි.

5.මිග්‍රේන් වැනි දරුණු හිසරද තත්වයන් දුරු වී යනු ඇත

  • සිරුරේ මැග්නීසියම් ඌනතාව හටගැනීම හේතුවෙන් විවිධාකාරයේ පීඩාකාරි සෞඛ්‍යය ගැටලු උද්ගත විය හැකිය. සිරුරේ රුධිර පීඩනය ඉහළ යාම, නිතර හිසරදය තත්වයන් හටගැනීම සහ සිරුරේ විවිධ තැන් වල වේදනාකාරී පීඩාවන් ඇතිවීම ඉන් සමහරකි. දිනපතා කජු මද ආහාරයට එක්කරගැනීම තුලින් සිරුරේ මැග්නීසියම් අවශ්‍යතාව සපුරාගැනීමට සහ සමබරතාව පවත්වාගැනීමට හැකිය. එමඟින් මිග්‍රේන් වැනි පීඩකාරි තත්වයන්ගෙන් සමනය වී යනු ඇත.

6.දත් දෙපළ වඩාත් නීරෝගි වනු ඇත

  • කජු මද වල අන්තර්ගත අතිශයින්ම වැදගත් සංඝටක අතර ඇනකාර්ඩික් අම්ල (anacardic acids) ප්‍රධානය. මෙම අම්ල වලට දත් දිරාපත් කරවන සහ කුරුලෑ ඇතිකරවන සක්‍රීය බැක්ටීරියාවන් විනාශ කර දැමීමේ හැකියාව ඇත.

7.ඔබට ජවසම්පන්න බවක්-ශක්තියක් දැනෙනු ඇත

  • කජු මද වල බොහෝ ඛනිජ පෝෂක සහ විටමින් අන්තර්ගත ය- ඒ අතර විටමින් E, K, B6, තඹ, පොස්ෆරස්, සින්ක්, මැග්නීසියම්, යකඩ සහ සෙලේනියම් ප්‍රධානය. මෙම සෑම පෝෂකයක්ම මිනිස් සිරුරේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබාදේ. සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය නීරෝගි වන තරමටම දවස පුරා ඔබට වඩාත් හොඳ ජවසම්පන්න බවක්-ශක්තියක් දැනෙනු ඇත,

8.සිරුරේ බර පාලනය කරගැනීම වඩාත් පහසු වනු ඇත

  • ඇතැම් පුද්ගලයින් විසින් විශ්වාස කරන්නේ කජු මද දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ බර වැඩි වනු ඇතැයි කියායි. නමුත්, ඇත්තටම මෙය අසත්‍යයකි. කජු මද වල මේද අඩංගු වුවද ඒවා නීරෝගි-හිතකර මේද වේ. කජු වල අන්තර්ගත මැග්නීසියම් පෝෂක මේද සහ කාබෝයයිඩ්‍රේට පරිවෘත්තිය පාලනය සඳහා අත්‍යාවශ්‍ය වේ.එමෙන්ම කරුණු වල සඳහන් වන ආකාරයට දිනපතා සාමාන්‍ය ප්‍රමාණයකින් කජු ආහාරටට එක්කරගන්නා පුද්ගලයින් වේගයෙන් බර අඩුකර ගැනීමට සමත් වන බවත් ඔවුන් ස්ථූලතාවයට පත්වීමේ අවදානම ඉතා අඩු බවත් දැක්වේ. අතිශයින්ම පෝෂ්‍යදායි ගුණ අන්තර්ගත වන නිසාත් , ඔබව බොහෝ වෙලාවක් බඩගිනි ඇති නොවී බඩ පිරුණු ස්වභාවයකින් පවත්වාගන්නා නිසාත් කජු මද යනු බර අඩු කරගැනීම සඳහා ආහාර පාලනය කරන අයට ලබාගත හැකි හොඳ අතුරු ආහාරයකි(ස්නැක්).

9.හිසකෙස් වඩාත් හොඳ දිදුලන ස්වභාවයකට පත් වේ.

  • කජු මද වල අන්තර්ගත තඹ මඟින් හිසකෙස් වල දීප්තිමත් බව සහ ශක්තිමත් බව ආරක්ෂා කරමින් කෙස් කලඹේ අතට දැනෙන සුමුදු සේදමය ගතිය වැඩිදියුණු කරවයි. එමෙන්ම මෙලනින් නම් වර්ණක නිෂ්පාදනය උත්තේජනය කරවමින් කෙස් කලඹේ වර්ණය උද්දීපනය කරයි. ඔබ කජු මද වලට දැඩි ලෙස ප්‍රියකරන අයෙක් වුවර්ත් දිනකට කජු මද 4-5 කට වඩා ආහාරයට ගැනීමෙන් වළකින්න. නැතිනම් ඔබට හිසරදය ස්වභාවයක් දැනීමට පටන්ගනු ඇත.