Hela Rahas

Hela Rahas Official Web Portal

අධික ලුණු ආහාරයට ගැනීම නිසා සිදුවෙන දේවල් 7ක්

දිනකට පරිභෝජනයට සුදුසු ලුණු ප්‍රමාණය ලෙස නිර්දේෂකර ඇත්තේ සෝඩියම් මිලිග්‍රෑම් 2300 ක ප්‍රමාණයකි. එනම් තේ හැන්දක තරම් ප්‍රමාණයකි. කෙසේවෙතත්, විවිධ ආහාර පාන ඔස්සේ ශරීරගත වන ලුණු ප්‍රමාණය දිනකට ආසන්න වශයෙන් මිලිග්‍රෑම් 3400 ක් පමණ වන බව ඇස්තමේන්තු කෙරේ. නමුත්, අධිකව ලුණු පරිභෝජනය කිරිම බරපතල සෞඛ්‍යය පීඩාවන් (උදා: හයිපර්නැට්‍රිමියා වැනි තත්වයන්) සිරුරේ වර්ධනය වීමට බලපෑ හැකි හේතුසාධකයක් බව ඔබ දැනුවත් වී සිටිය යුතුමය. එනම් ඔබේ දෛනික ලුණු පරිභෝජනය වඩාත් සැලකිල්ලකින් සිදුකල යුතු බවය.ඔබේ සිරුරේ මෙවැනි ලක්ෂණ පහළ වේ නම් ඒවායින් බොහෝ දුරට අදහස් කරන්නේ ඔබ දිනපතා ආහාර පාන හරහා අධික ලුණු ප්‍රමාණයක් පරිභෝජනය කරන බවය.

1.ඉදිමුම

  • ඇඟිලි වල ඉදිමුම, දෙපතුල් වල ඉදිමුම හෝ උදෑසන අවදි වන විට ඔබේ මුහුණ ඉදිමී තිබිම වැනි තත්වයන් නිරීක්ෂණය කල හැකි නම් ඔබත් අධිකව ලුණු ආහාරයට ගන්නා අයෙකු විය හැක. අධික ලුණු පරිභෝජනයේ ප්‍රතිඵලයක් ලෙස සිරුර විසින් අතිරික්ත ජලය තැන්පත් කරගැනීම ආරම්භ කිරීම ‘එඩිමා (Edema)’ නම් තත්වයයි. ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදි ඉතා දැඩි ආහාර පාලනයක් අනුගමනය කිරීමට සිදුවේ.

2.අධික පිපාසය

  • ලුණු වල අඩංගු සෝඩියම් මඟින් සිරුරේ තරල සමබරතාව සඳහා දායක වේ. ඔබ ලුණු අධිකව ආහාරයට ගන්නා විට, මාංශ පේශීන් හා අනෙකුත් ඉන්ද්‍රියයන් ක්‍රමවත්ව ක්‍රියාකාරී වීමට හැකිවන පරිදි පද්ධතිය හොඳින් පවිත්‍ර කිරීම සඳහා සිරුරට වැඩිපුර දියර අවශ්‍ය වීමට පටන්ගනියි. එය අප සිරුරේ සෝඩියම් හා ජලය අනුපාතය නිවැරදි කෙරෙන ක්‍රමවේදය වේ. එනම් සියල්ල යථා තත්වයට පත්කිරිමට නම් හොඳින් ජලය පානය කිරීම හොඳම විසඳුමයි. ජලය පානය නොකර සිටින විට දී සෛල තුල පවතින තරල පිටතට ඇදගැනීමට පටන්ගන්නා තත්වයන් සිරුරේ උදාවේ. මේ හේතුවෙන් පුද්ගලයා විජලනයට පවා පත්විය හැකිය.

3.මූත්‍රා පිටවීමේ වෙනස්කම්

  • සිරුරේ සෝඩියම් වැඩිවීමට පටන්ගැනීම නිසා මූත්‍රා පිටකිරීම සම්බන්ධ බරපතල වෙනස්කම් මතුකරවිය හැකිය. එය හේතුසාධක 2 ක් මත සිදුවිය හැක:
  • අධික ලෙස ලුණු පරිභෝජනය කිරීම නිසා ඒවා සිරුරෙන් බැහැර කරවීමට වකුගඩු වලට අතිකාල ක්‍රියාකිරීමට සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මූත්‍රා අවර්ණ ස්වභාවයක් හෙවත් පැහැදිලි ස්වබාවයක් ගන්නා ලෙස හා නිතර මූත්‍රා පහකිරීමට අවශ්‍යතා ඇතිවන ආකාරයේ වකුගඩු රෝග තත්වයන් වර්ධනය වීමට බලපෑ හැකිය.
  • සිරුරේ අධික සෝඩියම් පැවතීම සිරුර විජලනයට පත්කරමින් තරල විශාල ප්‍රමාණයක් ඉවත්ව යාමේ තත්වය නිසා ඇති වු ප්‍රතිඵලයක් විය හැකිය. සිරුරේ කැපී පෙනෙන ලෙස ජලය ඉවත්ව යාම නිසා මූත්‍රා පිටවීමේ ප්‍රමාණය අවම වන අතර මූත්‍රා ස්වභාවය ඝන හා තද කහ පැහැයකට හැරීම සිදුවේ.

4.අස්ථි රිදුම්දීම

  • ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වාගෙන යාමට නම් ලුණු පරිභෝජනය සීමා කිරීම ඉතා වැදගත්ය. අධිකව ලුණු පරිභෝජනය කල විට වකුගඩු වලට ඒවා සිරුරෙන් සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට නොහැකිව යයි. මේ හේතුවෙන් සිරුරෙන් කැල්සියම් ඉවත්වයාම ඉහළ යයි. දිගුකල් පවත්නා කැල්සියම් ඌනතාවයක ප්‍රතිඵල ලෙස අස්ථි දුර්වල වීම, දත් වල ගැටලු හටගැනීම මෙන්ම ඔස්ටියෝආතරයිටිස් වැනි රෝග තත්ව පවා වර්ධනය වීමට හේතුවිය හැක.

4.මස්පිඬු පෙරළීම්

  • මාංශ පේශී සංකෝචනය වීම සඳහා වගකියනු ක්ලබන සෝඩියම්-පොටෑසියම් රසායනික මූලද්‍රව්‍ය වල සමබරතාව පවත්වාගෙන යාම අපගේ සෞඛ්‍යය පැවැත්මට අතිශයින්ම වැදගත් වේ. අධික ලුණු පරිභෝජනය නිසා එම සමබරතාව ගිලිහි යා හැකි අතර එහි ප්‍රතිඵල ලෙස කෙණ්ඩා පෙරළීම් තත්වයන්, මාංශ පේශීන්ගේ තදබව ඇතිවීම හා ඒවා ආශ්‍රිත වේදනා-කැක්කුම් වර්ධනය විය හැකිය.

5.සුවනොවන හිසරදය

  • අධික සෝඩියම් පරිභෝජනය හේතුවෙන් රුධිරයේ ධාරිතාව ඉහළ යයි, ඒ හේතුවෙන් රුධිර නාල තුල වැඩි ඉඩප්‍රමාණයක් ලබාගනියි. මෙසේ රුධිර නාල ප්‍රසාරණය වීම හේතුවෙන් අධිරුධිර පිඩනය (ආධ්‍යාතතිය) ඇතිවිය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස තදබල හිසරදය තත්වයන් හටගනියි.

5.ප්‍රජානන ගැටලු

  • අධික ලුණු පරිභෝජනය නිසා ඇතිවන් ආධ්‍යාතතිය හේතුවෙන් මොලය දක්වා යාවෙන ධමනි හානියට ලක්විය හැක. මෙහි බලපෑමක් ලෙස පුද්ගලයාගේ පැහැදිලිව සිතීමේ හැකියාව එනම්, මනා චින්තන හැකියාවට බලපෑම් එල්ලවිය හැකි අතර යමක් කිරීමේදි මානසික ඒකාග්‍රතාව හා සාවධාන බව පවත්වාගැනීම එම පුද්ගලයාට අසීරු කාර්යක් වේ. නිරන්තරයෙන් සිරුර විජලනයට ලක්වීම හේතුවෙන් මතක ශක්තිය අඩුවීම, වෙහෙසකර හැඟිමක් නිතර ඇතිවීම සහ ප්‍රතික්‍රියා කිරීමේ වේගය මන්දගාමී වීම වැනි බලපෑම් ඇතිවිය හැකිය.

7.ලුණු පරිභෝජනය සීමා කිරීමට:

  • ලුණු අධික ආහාර ලෙස සැලකෙන පාන, රෝල්ස්, පීසා, සැන්ඩ්විච්, බර්ගර්, පෙර සැකසු මස් නිෂ්පාදන,ටින් කල සුප් වර්ග හා වෙනත් ආහාර, ටැකෝ, චිප්ස් වර්ග ආහාරයට ගැනීමෙන් හැකිතාක් වැළකී සිටින්න.අවන්හල් ආහාර හා පෙර පිසින ලද ඇසුරුම් ආහාර පරිභෝජනයෙන් වැළකීසිටින්න. ඒවායේ ලුණු මෙන්ම රසකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය ඉහළ මට්ටමකින් අඩංගු වේ.ඔබ මිලදී ගන්නා ආහාර වල ලුණු ප්‍රතිශතය 5% ක් හෝ ඊට වඩා අඩු මට්ටමින් අන්තර්ගත වේදැයි ලේබලය කියවා බලන්න.