Hela Rahas

Hela Rahas Official Web Portal

පරිසර හිතකාමී නව නිර්මාණ 15ක්

සෑම වසරකම රාත්තල් බිලියන 1.4 කට අධික කසල ප්‍රමාණයක් මහා සාගරයට එක්වන බව ඔබ දැනසිටියාද? දිනෙන් දින අප අවට පරිසරය මිනිසාගේ අදූරදර්ශි අහිතකර ක්‍රියාකලාපයන් නිසා විනාශයට පත්වෙමින් තිබේ. ස්වභාවික සම්පත් අවසන් වෙමින් පවතියි. මෙම පරිහාණිය නතර කිරීමට නම් අප විසින්ම සක්‍රීයව ඊට මැදිහත් විය යුතු වේ. පරිසරයට සිදුවන හානිව අවම කරමින් එදිනෙදා භාවිතය සඳහා පරිසර හිතකාමී නව නිර්මාණ අදහස් ‍රැසක් ලොව පුරා ඇතැම් පිරිස් විසින් සොයාගෙන තිබේ. මේ එවැනි අපූරු නව නිර්මාණ කිහිපයකි.

1.ප්ලාස්ටික් බෝතල් යලි ප්‍රයෝජනයට ගත හැකි වෙනස්ම ආකාර

  • දිනපතා බොහෝ ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් කසල ලෙස පරිසරයට බැහැර කෙරේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම විශාල ගැටලුවක් වි ඇති කාලයක ඒවා නැවත ප්‍රයෝජනය සඳහා ගැනීම හොඳම විකල්පයකි. ඇතැම් අය ප්ලාස්ටික් බෝතල් වලින් ගෙවතු, බෝට්‍ටු, නිවාස, පු‍ටු-බංකු, මල් පැළ බඳුන්, කසල බඳුන්, සෙල්ලම් බඩු වැනි දේ නිපදවති.

2.හිස් වූ පසු ස්වභාවිකව දිරාපත් වන මුහුදු පැළෑටි වලින් සෑදූ බෝතල්

  • අයිස්ලන්ත කලා ඇකඩමියේ ශිෂ්‍යයෙකු වූ ඇරි ජොන්ස්සන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ 2016 දීය. ඔහු විසින් ජලය සහ ඒගාර් කුඩු වලින් මෙම බෝතල් නිර්මාණය කර ඇත. ජලය පිරි පවතිනතාක් එහි හැඩය ආරක්ෂිතව පවතින අතර ගිස් වූ විගස දිරාපත් වීමට පටන්ගනියි. දිගු කලක් තබාගැනීමැදි ඇල්ගී වල රසය ජලයට මුසුවිය හැකි වුවද එම ජලය පානය කිරීම සෞඛ්‍යාරක්ෂිතය. කැමති අයට මෙම බෝතල් ආහාරයට ගැනීමට පවා හැකියි.

3.සාගරයට බැහැර කෙරූ අපද්‍රව්‍ය වලින් සාදන පාවහන්

  • ‘Adidas’ සමාගම විසින් සාගර සංරක්ෂණ ව්‍යාපාර වලට සහය පළ කරමින් පාවහන් සහ සෙරෙප්පු එකතුවක් නිමවා තිබුණි. ඒවා සකසා තිබුණේ සාගරයට මුදා හැර තිබූ ප්ලාස්ටික් වලිනි.නිල් සහ අළු යන සාගරයේ වර්ණ වලින් ඒවා අලංකාර කර ඇත.

4.සම්පූර්ණයෙන් කොම්පෝස්ට් වන ශාක සාරයෙන් සැකසූ ප්ලාස්ටික්

  • ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ඇති ‘Avani’ සමාගම විසින් FSC සහතික කල කඩදාසි සහ කෝන් පිටි භාවිතා කරමින් මෙම කෝප්ප නිපදවා ඇත. මඤ්ඤොක්කා වලින් සැකසු ප්ලාස්ටික් පෙනුමටම සමාන බෑග් එකතුවක් ද ඔවුන් හඳුන්වාදී ඇත. මේවා මාස 6 කින් සම්පූර්ණයෙන්ම දිරාපත් වී යන අතර ජලයේ දිය වී යයි.

5.මී ඉටි වලින් සැකසූ ආහාර ඔතන දවටන

  • ‘Bee’sWrap’ සමාගම විසින් ආහාර දවටන සැකසීම සඳහා ප්ලාස්ටික් වෙනුවට භාවිතා කරන්නේ කපු, මී ඉටි, ජොජෝබා තෙල්, දුම්මල ආදි අමුද්‍රව්‍ය වලිනි. භාවිතයෙන් පසු සෝදා නැවත භාවිතා කල හැකිය.

6.ලෙදර් බඳු ජලයට ඔරොත්තු දෙන කෙසෙල් කොළ නිෂ්පාදන

  • ‘Green Banana Paper’ වෙතින් ලෙදර් පසුම්බි සහ සාමාන්‍ය කඩදාසි වෙනුවට ආදේශකයක් හඳුන්වාදී තිබේ. ඔවුන්ගේ නිෂ්පාදන සකසා ඇත්තේ කෙසෙල් කෙඳි වලිනි.

7.පරිසර හිතකාමී බෝතල් 6 පැක්

  • ‘E6PR’ යනු සත්ව සංරක්ෂණය අරමුණු කරගත් ව්‍යාපෘතියකි. සෑම වසරකම බොහෝ සතුන් ප්‍රමාණයක් ප්ලාස්ටික් වළලු වල සිරවී හෝ ඒවා ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. නමුත් මෙම පැක් එකේ ඇති වළලු දින කිහිපයකදි දිරාපත් වී යයි. මේවා ගිලුණ ද සතුනට හානියක් නොවීම තවත් වැදගත් වාසියකි.

8.ග්‍රැෆීන් පෙරන මඟින් මුහුදු ජලය පානය කිරීමට සුදුසු තත්වයට පත්කරයි

  • මෙම පටල වර්ධනය කර ඇත්තේ ‘National Graphene institute’ නම් ආයතනය විසිනි. ඒවා මඟින් විශාල ලවණ කොටස් කාර්යක්ෂමව පිරිපහදු කරවන බව සහතික කර ඇත. කෙසේවෙතත්, පටල ජලයැදී මද වශයෙන් හෝ ප්‍රසාරණය වන නිසා කුඩා ලුණු අංශු ඒවා අතරින් ගමන් කරයි. මේ හේතුව මත විද්‍යාඥයින් විසින් මෙම සොයාගැනීම තවදුරත් වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටිති.

9.වායුවෙන් පානීය ජලය ලබාගන්නා උපාංගයක්

  • ‘WaterSeer’ ව්‍යාපෘතිය පිරිසිදු ජලය ලබාගැනීමට හැකිකරවන අලුත් අදහසකි. මෙම උපාංගය මඟින් වායුවෙන් ජලය ඇදගනිමින් එහි ඇති බඳුනකට ඒවා එක් ‍රැස් කර වාෂ්ප ජලය බවට ඝංඝනනය කරයි. මෙම උපාංගය ඕනෑම බල මූලාශ්‍රයක් යටතේ ක්‍රියාකරවිය හැකිය.

10.මෙම වතුර මල මඟින් 70% ජලය ඉතිරි කරයි

  • Nabia’ යනු නවතම වතුර මල් නිෂ්පාදනයකි. ඉන් වැටෙන ජලය දිය ඇල්ලකින් කඩා හැලෙන ජල වාෂ්ප තරම් කුඩාය. සමාගම පවසන ආකාරයට මින් වැඩි ජල ප්‍රමාණයක් ඉතිරි කරදේ. සාමාන්‍ය වතුර මලකින් ජලය ලීටර් 76 ක් ගලන විට මෙහි ගලන්නේ ලීටර් 23 ක් වැනි ප්‍රමාණයකි.

11.මෙම බඳුන මඟින් ජලයෙන් කසල වෙන් කරවයි

  • ‘The Seabin project’ නමින් හැඳින්වෙන මෙම කසල බඳුන් සංකල්පය ජල මූලාශ්‍ර වල බහාලමින් මතුපිට පාවෙන කසල කිලෝග්‍රෑම් 20 ක් පමණ එක් ‍රැස් කර ඉවත් කිරීමේ හැකියාව ඇත. ජලය සහ අපද්‍රව්‍ය උරාගනිමින් ඒවා පිරිපහදු කරවයි. මෙම බඳුන් මඟින් තෙල් කොටස් පවා ඉවත්කිරීමේ හැකියාව ඇත.

12.ආහාරයට ගත හැකි ජල බුබුළු

  • ‘Skipping Rocks Lab’ සමාගමේ නවතම නිෂ්පාස්දනයක් වන ‘Ooho’ නම් මෙම ව්‍යාපෘතිය යටතේ ආහාරයට ගත හැකි ජල බුබුළු නිෂ්පාදනය කරයි. ඒවා ඇල්ගි විශේෂයකින් සැකසු කැප්සියුල් වල ජලය පුරවා සාකසා ඇත.

13.භාවිතා කරන්නාගේ අවශ්‍යතා පරිදි හැඩගැසෙන තාපපාලකයක්

  • ‘Nest Thermostat’ නම් මෙම උපාංගය මඟින් තාප පරිභෝජනය කළමණාකරනය කල හැකිය. නිවසේ සියලු දෙනා පිටව ගිය විට මෘදුකාංගයක් හරහා පාලනය වන මෙම උපාංගය අක්‍රීය වි යයි. එමෙන්ම නිවසේ උෂ්ණත්වය වෙනස්කිරීම සහ ශක්ති භාවිතා කර ඇති ආකාරය එහි පරික්ෂා කර බලාගත හැකිය. භාවිතා කරන්නා ප්‍රිය කරන උෂ්ණත්වයන් දින, සති හා සෘතු අනුව වටහා ගනිමින් ඊට අදාළව සැපපහසු වටපිටාවක් නිවසේ ඇතිකරවීමේ හැකියාව මෙම උපාංගයට ඇත.

14.වනාන්තරය සුරකින මිනී පෙට්ටි

  • ‘Capsula Mundi’ නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය මඟින් කැලෑ කැපීම වැළැක්වීම අරමුණු කරගෙන ඇත. සෑම මිනි පෙට්ටියකටම එක් ගසක් බැගින් කැපීමට සිදුවන මහා වන විනාශය සීමා කිරීමට මෙම බිත්තර හැඩයේ , ස්වභාවිකවම දිරාපත්වන අමුද්‍රව්‍ය වලින් සකසා ඇති මිනී පෙට්ටි හඳුන්වාදෙනු ලබයි. ඒවා මතුපිට පැළයක් හෝ බීජයක් පැළ කර ඇත. මිහිදන් කල පසු එම පැළය හෝ බීජය වර්ධනය වී ගසක් බවට පත්වීම මින් අපේක්ෂිතය.


15.හොබිට් ගුල්’ හරිත නිවාස

  • Green magic homes’ නම් මෙම ව්‍යාපෘතියට අයත් නිවාස සුරංගනා කතාවක නිවාස වල ස්වරූපයක් ගනියි. මෙම ආකෘති නිවාස පස් වලින් ආවරණය වි ඇත. එය සැරසිලි ක්‍රමයක් ලෙස වගේම දේශගුණය පාලනය වන ක්‍රමයක් ලෙසින්ද ක්‍රියාත්මක වේ. මේවා දිගුකලක් පවතින නිසා බොහෝ කලක් යන තුරු අලුත්වැඩියා කිරීමට වදවීමට අවශ්‍ය නැත. වහළයේ සහ බිත්ති වල කැමති එළවළු වර්ගයක් හෝ මල් පැළ සි‍ටුවිය හැකිය. අපූරු පරිසර හිතකාමි අදහසක්!