Hela Rahas

Hela Rahas Official Web Portal

මොලයට බලපෑම් ඇති කරන ආහාර 12 ක්

පාරිභෝගිකයින් ලෙස සිරුරේ නීරෝගිකම ‍රැකගැනීම සඳහා සෞඛ්‍යයට හිතකර ආහාර පාන මිලදී ගැනීමට අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. වෙළඳසැල් වල අසුරා ඇති අනේක විධ ආහාර පාන නිෂ්පාදන අතරින් සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ‍තෝරාගැනීම කෙතරම් විශාල අභියෝගයක් වි ඇත්දැයි ඔබ දන්නවා. තරඟකාරී වෙළඳපොල ආකෘතියක් තුල ආහාර නිෂ්පාදන 100% ක් සෞඛ්‍යයට හිතකර අයුරින්ම නිෂ්පාදනය කිරීම සිදුවන්නේ ද යන්න විශාල ගැටලුවකි.

විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යයන වලින් මෑතකාලීනව අනාවරණය වී ඇති වැදගත් කරුණක් වන්නේ වෙළඳපොලේ ඇති බොහෝ හිතකර යැයි කියන නිෂ්පාදන වල පවා විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වන බවයි. එබැවින් පරිභෝජනයට සුදුසු හා ආරක්ෂිත ආහාර පාන ‍තෝරාබේරා ගැනීම ඉතා අමාරු කාර්යක් වී ඇත.ඇතැම් ආහාර පාන මඟින් අපේ සිරුරට විශාල බලපෑම් ඇති කරවයි. ඒ අතරින් මොලයට බලපෑම් ඇතිකරවන ආහාර නිෂ්පාදන ගැනයි අද අපේ අවධානය. මිනිස් මොලයට ධනාත්මක මෙන්ම සෘණාත්මක ආකාරයේ බලපෑම් ඇතිකරවිය හැකි ආහාර පාන වර්ග කිහිපයක් පිළිබඳ දැනුවත් වෙමු.

  • පොතු ඉවත් කරන ලද හාල් වල (peeled rice) වල වේගවත් කාබෝහයිඩ්‍රේට් අඩංගුය. ඒවා මඟින් ග්ලූකෝස් අණු ඉතා ඉක්මනින් රුධිරයට එක්කිරීම සිදුකරනු ලබයි. රුධිර සීනි මට්ටම වේගයෙන් ඉහළ යාම නිසා ඔබේ මොලයේ හා ස්නායු පද්ධතියේ නීරෝගිබවට ඉන් සෘණාත්මක බලපෑම් ඇතිවිය හැකිය.
  • පොප්කෝන් වල ප්‍රෝටීන්, පොස්ෆරස්, යකඩ, සිලිකන් හා මැග්නිසියම් වැනි පෝෂක අඩංගු වන අතර ඒවා ස්නායු පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරිත්වය සඳහා දායකත්වය සපයයි. ඒවායේ අඩංගු විටමින් B පදාර්ථ මඟින් පීඩාකාරී ආතතිය හා විශාදය වැනි තත්වයන් ඇතිවීමට එරෙහිව සටන් කරයි.
  • ටූනා මාලු වල රසදිය බොහෝ සෙයින් අඩංගුය. සිරුරේ රසදිය ප්‍රමාණය වැඩිවන විට ඉන් මතකය ආශ්‍රිත ගැටලු ඇතිවිමේ තත්වයක් උද්ගත විය හැකිය.එමෙන්ම ඒවායේ පොලික්ලෝරිනේටඩ් බයිෆෙනිල් නම් කෘතිම රසායන විශේෂය අඩංගු වන අතර ඒවා හෝර්මෝන හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා කරයි.
  • ඌරු තෙල් වල දුර්ලභ ඇරකිඩොනික් අම්ල අඩංගුය. සිරුරේ පටක වල ඒවා හඳුනාගත හැකි අතර මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරී පැවැත්ම සඳහා වෙනත් ආදේශකයක් නොමැති තරමේ ඉහළ දායකත්වයක් ලබාදේ. ඇල්සයිමර්ස් වැනි රෝග තත්වයන්ට එරෙහිව සටන් කරයි.
  • ධාන්‍ය වර්ග වල ග්ලූටන් අඩංගුය. ඒවා එම බෝග වර්ධනය සඳහා වැදගත් වීම ඊට හේතුවයි. ග්ලූටන් වල සිරුරේ ක්ෂුද්‍රජීවීන් වර්ධනය වීම හා ඔවුන් නිපදවන විෂද්‍රව්‍ය විනාශ කිරීම සඳහා වන ප්‍රතිදේහ හෙවත් ප්‍රෝටීන් සංඝටක අඩංගුය. ඒවා මඟින් සිරුරට වැදගත් වන රසායනයන් ග්‍රහණය කරගනියි. මෙම රසායනයන් සිරුරේ අඩු වීම සිදුවුවහොත් හදිසි කම්පන හෙවත් පැනික් ඇටැක් තත්වයන් හා විශාදය තත්වයන් වලින් පුද්ගලයින් පීඩා විඳිති.
  • ඩාක් චොකලට් වල මොලයේ සෛල සක්‍රීය කිරීම සඳහා වගකියනු ලබන ෆ්ලැවනොයිඩ අඩංගුය. ඒවා මඟින් නාල වඩාත් විශාල කරමින් මොලය සඳහා වන ඔක්සිජන් සැපයුම වැඩිකර එහි ක්‍රියාකාරීත්වය වඩාත් උත්තේජනය කරවයි.
  • ඝන චීස් වර්ග වල ටයරමයින් අඩංගුය. ඒවා ඇතිවන්නේ ප්‍රෝටීන් ඛණ්ඩනය වීමේදීය. ටයරමයින් වල බලපෑමින් කැපී පෙනෙන ලෙස රුධිර පීඩනය ඉහළ යාම සිදුවිය හැකි අතර මිග්‍රේන් වැනි තත්වයන් උද්ගත විය හැක.
  • බේක් කරන ලද අර්තාපල් වල පොටෑසියම් බහුලය. ඒවා මඟින් මොලයට ඔක්සිජන් සැපයුම වැඩිකරයි. එමෙන්ම ඒවායේ ග්ලූකෝස්, විටමින් B සහ ඇමයිනෝ අම්ල අඩංගුය. ඒවා මඟින් මොලයට ඇති රුධිර සැපයුම වැඩිකරමින් මොලයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වන ශක්තිය ලබාදීම සහතික කරවනු ලබයි.
  • බෝංචි වල ටැනික් අම්ල අඩංගුය. ඔබේ සිරුරේ ඒවා බහුලව පවතින විට , යකඩ වැනි වෙනත් ඛනිජ ඛණ්ඩනය කිරීම සිරුරට අපහසුකාරී වනු ඇත. මේ හේතුවෙන් මොලය වෙත ඇටි රුධිර සැපයුම ආශ්‍රිත ගැටලු ඇතිවීම හා ඇනීමියාව හෙවත් රක්තහීනතාවය වර්ධනය වීමට ඉඩ ඇත.
  • තුනපහ -කහ වල අඩංගු කර්කියුමින් වල ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල වන අතර එම පෝෂක මඟින් මොලය වියපත් වීමට එරෙහිව සටන් කරයි. ඒවා මඟින් වයස්ගත වන විට දුර්වල වීමට ලක්වන මොලයේ ප්‍රජානන ක්‍රියාවලින් සඳහා සහය ලබාදීම සිදුකරයි.
  • සැෆ්රොන් වල විටමින් B, C හා වෙනත් ඛනිජ පෝෂක ‍රැසක් අඩංගුය. ඒවායේ ගුණ මඟින් මොලයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම හා ඇතැම් රෝගාබාධ තත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදේ.
  • කුරුඳු වල ගුණ මඟින් මොලය වඩාත් සක්‍රීය කරවයි. ඊට හේතුව ඒවායේ සිනමිල් ඇල්කොහොල් හා සිනමල්ඩිහයිඩ් වැනි අතිශයින්ම වැදගත් අමුද්‍රව්‍ය අන්තර්ගත විමයි. කුරුඳු වල සුවඳ ආග්‍රහණය කිරීම මඟින් ඇතැම් කාර්යන් හි නියැලෙන විට අවශ්‍ය වන අවධානය, දෘෂ්ටිමය මතකය සහ වේගවත් ප්‍රතික්‍රියාවන් දැක්වීම සඳහා හොඳ සහයෝගයක් ලබාදෙන බව සඳහන් වේ.