Hela Rahas

Hela Rahas Official Web Portal

විදුලි සෝපානයක සිරවු අවස්ථාවක ඉන් මිදෙන්න ක්‍රම 8ක්

කොතරම් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයක් වුණත් තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර කියන්නේ පුද්ගලයින්ගේ මෙහෙයවීමෙන් ඉදිවන -ක්‍රියාත්මක වෙන දේවල්ය. ඉතින්, ඒවායේ අක්‍රමිකතා අකර්මන්‍යතා හටගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. අද අපි කතා කරන්නේත් ඒ වගේ දෙයක් ගැනයි.තරප්පු පෙළ භාවිතා කිරීමට අවශ්‍ය නොවන ලෙස ඉදිකර ඇති වැඩ පහසු කරවන ඉදි කිරීමක් තමයි විදුලි සෝපානය කියන්නේ. බොහෝ දෙනා පහසුව තකා තරප්පු පෙළට වඩා භාවිතා කරන්නේ විදුලි සෝපානය විය හැකියි. නමුත් හදිසියේම ඔබ ගමන් කරන සෝපානය අකර්මන්‍ය වි ඔබ එහි සිරවුණොත් ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට එහිදී ඔබ කටයුතු කල යුත්තේ කෙසේ ද කියා දැනුවත් ද?

1.සන්සුන්වෙන්න

  • හදිසි අවස්ථාවකදි කලබල වීම අනතුරකට වඩා බරපතල විය හැක.
  • සෝපානයක සිරවුණු විටක:සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමට උත්සහ කරන්න. කලබල වී යාමෙන් සිරුරේ ඔක්සිජන් ඌනතාවක් ඇතිවිය හැකිය.
  • ගැඹුරින් හුස්ම ගන්න. සෘජුව සිටගනිමින් හෘද ස්පන්දනය සන්සුන් කරගැනීමට උත්සහ කරන්න.

2.උදවු ඉල්ලන්න

  • යමක් කිරීමට පෙර bell සලකුණ සහිත බොත්තම ඔබා උදවු ඉල්ලා කෑ ගසන්න. විදුලිය ඇණහිට ඇති අවස්ථාවක මෙය සාර්ථක නොමැති පියවරකි.
  • හයියෙන් කෑගසමින් ඔබ සෝපානය තුල සිර වී ඇති බවක් පිටත සිටින අයට දැන්වීමට උත්සාහ කරන්න.
  • සෝපානයේ දොරට ඔබ පැලඳ සිටින සෙරෙප්පුවෙන් හෝ සපත්තුවෙන් තට්‍ටු කරමින් ශබ්ද කරන්න.

3.ආලෝකයක් සොයාගැනීමට උත්සහ කරන්න

  • විදුලිය නොමැති නම් හොඳ ආලෝකයක් සොයාගන්න.අවට හොඳින් දැකිය හැකි නිසා ඔබට බියට හා කලබලයට පත්වීම බොහෝ දුරට ඉන් වළක්වාගත හැකිය.
  • ඔබේ දුරකථනයේ ටෝර්ච් එක, කී ටැග් ලෙස ඇති කුඩා ෆ්ලෑෂ්ලයිට් උපකරණ මේ මොහොතේ ඔබට ප්‍රයෝජනවත් වේ.
  • ලයිටර් දැල්වීම එතරම් හොඳ අදහසක් නොවන්නේ ඒ සඳහා සීමිත ඔක්සිජන් ප්‍රමාණය වැය විය හැකි බැවිනි.

4.ආයතනයේ පිළිගැනිම් අංශය හෝ කාර්මික අංශය දැනුවත් කරමින් උදවු ඉල්ලා සිටින්න.

  • බොහෝ විට එම ඇමතුම් අංක බොත්තම් පුවරුවේ හෝ සෝපානයේ බිත්තියේ සටහන් කර තිබිය හැක.

5.බොත්තම් ඔබමින් දොර විවෘත කරගැනීමට උත්සහ කරන්න

  • සෝපානය එක් මහලක විවෘත නොවන සේ සිරවී ඇත්නම්
  • ඔබට ගමන් කිරීමට අවශ්‍ය වූ මහලේ අංකය සහිත බොත්තම දිගින් දිගටම තද කිරීමෙන් වළකින්න.
  • ඔබ ඒ මොහොතේ සිරවී සිටින මහලේ අංකය සහිත බොත්තම තද කිරීමට උත්සහ කරන්න.
  • එය සාර්ථක නොවේ නම් open door යනුවෙන් ඇති බොත්තම තද කරන්න.

7.ඉවසන්න

  • උදවු ඉල්ලා ඔබ පිටත දැනුවත් කර ඇත්නම් ඔවුන් පැමිණෙන තුරු අනවශ්‍ය ලෙස කලබල නොවී ඉවසීමකින් සිටින්න.
  • ‘stop’ බොත්තම තල්ලුකරන්න
  • හදිසි හා අසනීප ගතියක් ඇති වි ඇත්නම් ඔබට තනිවම සෝපානයෙන් පිටවීමට උත්සාහ කිරීමට සිදුවිය හැකිය;
  • ඔබට එසේ අවදානමක් ගෙන පිටවිමට අවශ්‍යමදැයි සිතා බලන්න
  • stop බොත්තම තද කරන්න.එය සිරවී ගොස් ඇත්නම් පිටතට ඇද නැවත තද කරන්න.එමඟින් ඔබ සෝපානයෙන් පිටවීමට උත්සහ කරන අතරේ සෝපානය නොසෙල්වෙන බව ඔබට තහවුරු කරගත හැකියි

8.සෝපානයෙන් පිටවීමට උත්සහ කරන්න

  • පළමුව, සෝපානය සිරවී ඇත්තේ මහල් දෙකක් අතරමැද ස්ථානයක හෝ වෙනත් අවදානම් ස්ථානයක දැයි තහවුරු කරගැනීම වැදගත් ය.දෙවනුව මෙම පියවර උත්සහ කරන්න.
  • සෝපානයේ දොර විවෘත කිරීමට උපරිම බලය යොදමින් උත්සහ කරන්න.
  • නැවත සෝපානය ‍රැඳි ඇති ස්ථානය සෝදිසි කරබලන්න.
  • වැසී ඇති ෂැෆ්ට් දොර‍ටුව (shaft door) ‍රඳවාගෙන සිටින ඉන්ටර්ලොක් (interlock) එකෙන් අදින්න. පසුව දොර විවෘත කරන්න.