Hela Rahas

Hela Rahas Official Web Portal

බෞද්ධ හිමිනමක් නිසා සත්‍ය දුටු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා

  • මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන විවිධ කතා අපි අහල තියෙනවා. ඔහු ගැන තියෙන එක කතාවක් ගැන තමා අපි අද කියන්නෙ. ග්‍රීසියෙ මැසිඩෝනියාවේ රජකමට පත් වුන ඇලෙක්‌සැන්ඩර් කුමාරයා තමා යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා.
  • ක්‍රි.පූ. 336 දී රජ වුන ඇලෙක්සැන්ඩර් රජු අවුරුදු 2 කකට පසුව ඇරඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇති කළා.
  • තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියන්නෙ පෝරස්‌ රජු ගැන හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම ගැන විස්‌තර ඇතුළත් වෙනවා. තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමක්. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසින්.
  • මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කොහොමද කියල භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර වුනා. ඔහුට එය අවබෝධ වූයේ එවිට.ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දවස් කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළා. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ තිබුනා.
  • එහි සිටි බෞද්ධ හාමුදුරු නමක් ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියා. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විසඳන්නත් මහා වියතෙක් ලෙස කීර්තියක්‌ ලබා තිබුණා. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියා.
  • තමන් ග්‍රීසියේ පිලිප් රජුගෙ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොවෙන් භාගෙකට වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුන්නා.
  • රජුට ඇහුම්කන් දුන්න භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරාජ්‍යයා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි.
  • ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුන්නා. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙහෙමයි. “භික්‌ෂුන් වහන්සෙ- මහා අධිරාජ්‍යයා මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?
  • ඇලෙක්‌සැන්ඩර් – එසේය. නිදිමත ඇති වේ.
  • භික්‌ෂුන් වහන්සේ – එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?
  • ඇලෙක්‌සැන්ඩර් – නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.
  • භික්‌ෂුන් වහන්සේ – මහා අධිරාජය ෘ ඔබට බඩගිනි ඇතිවේද?
  • ඇලෙක්‌සැන්ඩර් – එසේය. බඩගිනි ඇති වේ.
  • භික්‌ෂුන් වහන්සේ – එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?
  • ඇලෙක්‌සැන්ඩර් – නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.
  • භික්‌ෂුන් වහන්සේ – මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?
  • ඇලෙක්‌සැන්ඩර් – එසේය. පිපාසය ඇති වේ.
  • භික්‌ෂුන් වහන්සේ – එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?
  • ඇලෙක්‌සැන්ඩර් – නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.
  • භික්‌ෂුන් වහන්සේ – එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?
  • මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබුන අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිටලා ආරාමයට එන අනික් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන්.
  • දිග්විජයෙ ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර් රජුට පුළුවන් වුණා.ඒ දවසෙ රෑ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කීව දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත.
  • එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි වැඩ සිටින්න භික්‌ෂුන් වහන්සේලා කීප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට උන් වහන්සේට අවවාද කළ නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුව.
  • අවුරුදු 20 දි රජකමට පත්වුන ඇලෙක්‌සැන්ඩර් කුමරු අවුරුදු අවුරුදු 22 දි මහා දිග්විජය අරඹලා අවුරුදු 11 ක් යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී ඔහුට වයස අවුරුදු 33 දි අතරමඟ බැබිලෝනියාවේදී මියගියා. ඒ නිසා ඔහුගෙ බලාපොරොත්තු බිඳ වැටුණා.