Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ දැන සිටිය යුතු සමාජ චාරිත්‍ර රීති 8ක්

අද අපි ඔබව දැනුවත් කරන්නේ විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී වන විට ඔබ හොඳින් මතකයේ තබාගත යුතු සහ ඔබ විසින් අනුගමනය කල යුතු ආචාර විධි එහෙමත් නැතිනම් සමාජ චාරිත්‍ර (Etiquette rules) කිහිපයක් ගැනයි. සුපිරි පන්නයේ හෝටලයක, හෝ ප්‍රභූ උත්සව අවස්ථාවකදී පිරිසක් අතරේ සිටින විට ,නිවැරදිව කෑම මේසයේ හැසිරිය යුතු ආකාරය ගැන හොඳ අවබෝධයකින් සහ සැලකිල්ලකින් යුතුව කටයුතු කිරීම ඔබ ආචාර ධර්ම වලින් හෙබි පුද්ගලයෙකු බව පෙන්නුම් කරන ලක්ෂණයකි.

1.ආචාර කරන අයුරු

  • අතට අත දීමේදී ඉක්මනින් එය සිදුකර අවසන් කල යුතුය. දිගු වෙලාවක් අත අල්ලා නොසිටිය යුතු අතර ඔබ වෙතට ඔහුගේ/ඇයගේ අත ඇදීම නොකල යුතුය. ඔබ හොඳින් හඳුනන අයෙකුගේ වුවද උරහිසට තට්‍ටු නොකරන්න.

2.සන්නිවේදනය කරන අයුරු

  • වෙලාවට අදාළ ස්ථානයට පැමිණීම ඉතා වැදගත්ය. නිසි වෙලාවට හෝ ඊට මිනිත්තු කිහිපයකට පැමිණ සිටීම කාටත් පහසුය. ඔබ ප්‍රමාද වේ නම් සගයෙකුට ඒ බව දන්වන්න. පැමිණි පසු ප්‍රමාදයට සමාව ඉල්ලන්න.
  • එකිනෙකා සමඟ සුහදව කතා කරන අතරේ ඔවුන්ට ඔබේ ස්තූතිය, ඇගයීම් හා ප්‍රශංසාව පළ කරන්න. ඉන් එකිනෙකා අතර අවබෝධය හා සුහදත්වය වැඩිවේ.

3.ඇඳුම්-මින් අදහස් වන්නේ මිල අධික ඇඳුම් පැලඳුම් වලින් සැරසිය යුතු බව නොවේ. තැනට ගැලපෙන වැදගත් විලාසිතාවන් ‍තෝරාගන්නට සැලකිලිමත් වන්න.

  • උරහිස් එල්ලා වැටෙන ආකාරයේ ඇඟට වඩා විශාල නොගැලපෙන ඇඳුම් මිලදි නොගන්න. සූට් එකේ සියලුම කොටස් සමාන විලාසිතාවෙන් හා නිසි ප්‍රමාණයන්ගෙන් මසා තිබිය යුතුය.
  • ජැකට්‍ටුවේ අත මැණික්ක‍ටුව ආවරණය කල යුතු අතර මහපට ඇඟිල්ලේ පහළ සන්ධිය ආවරණය වී නොතිබිය යුතුය.
  • ජැකට්‍ටුවේ පහළම බොත්තම පියවා නොතිබිය යුතුය,
  • කාන්තා විලාසිතා වලදි තද පාට සාය හෝ කලිසම් විලාසිතාවකට ලා වර්ණයේ බ්ලවුස් විලාසිතාවක් ගැලපේ. අධිකව ආභරණ පැලඳීම එතරම් ආකර්ෂණීය නැත. ඉන් එම පුද්ගලයාගේ විලාසිතා පිළිබඳ දැනුම අඩු බව පිලිඹිබු වේ.

4.කෑම මේසයේදී

  • මේසයේ ඔබ නොදන්නා අමුත්තන් ද සිටියි නම් ඔබ ඔවුන්ට හඳුන්වාදෙන තුරු ඔවුන් සමඟ කතා නොකල යුතුයි. එය විනීත නැත. ඔබේ දෑත් තබාගෙන සිටින අයුරු ගැන ද සැලකිලිමත් වන්න. දෑත් මේසය මත නොතබන්න. ඔබේ ඔඩොක්කුව මත තබාගැනීම වඩාත් සුදුසුය. දුරකථනය මේසය මත තැබීමෙන් අදහස් කරන්නේ ඔබ පවතින සංවාදයට උනන්දු නැති බවක් යැයි හැඟීමක එති කරයි.

5.අසුන්ගන්නා ආකාරය

  • කොට පු‍ටුවක වාඩි වී සිටින විට කකුලක් පිට කකුලක් දමා නොසිටින්න. දණහිස් එකිනෙකට සමීපව හා කකුල් එකිනෙකට සමාන්තරව තබාගන්න. එක කකුලක් පි‍ටුපසට කර අනෙක් කකුල වළලු කර දෙසින් හරස් කිරීම (කේම්බ්‍රිජ් ක්‍රොස් ක්‍රමය) ද ඔබට අනුගමනය කල හැකි තවත් ක්‍රමයකි.

6.භෝජන සංග්‍රහයකදි/ සුපිරි අවන්හලකදී

  • ආහාර මේසයකදි ඔබට ලැබෙන හැඳි, ගෑරුප්පු , පිහි ආදිය ගැන ඔබට දැනුමක් තිබීම වැදගත්. එහි මූලික කොටස් කිහිපයක් මෙසේය:
  • 1- නැප්කිනය (ඔඩොක්කුව මත එලාගත යුතු)
  • 2- සලාද ගෑරුප්පුව
  • 3- ගෑරුප්පුව
  • 4- පිඟාන
  • 5- සලාද පිඟාන
  • 6- පිහිය
  • 7- තේ හැන්ද
  • 8- සුප් හැන්ද
  • 9- පීරිසියක් සහිත කෝප්පය (අතුරුපස )
  • 10- සුදු වයින් සඳහා ඇති වීදුරුව
  • 11- රතු වයින් සඳහා ඇති වීදුරුව
  • 12- වතුර සඳහා ඇති වීදුරුව
  • 13- අතුරුපස හැන්ද
  • 14- අතුරුපස ගෑරුප්පුව
  • 15- අතුරුපස පිහිය
  • 16- පාන් සඳහා පිඟානක්
  • 1- තවදුරටත් ආහාර ගනිමින් සිටින බව
  • 2-භෝජනයේ දෙවන කොටස බලාපොරොත්තුවෙන් සිටින බව
  • 3-ආහාර අති විශිෂ්ට බව
  • 4-ආහාර ගෙන අවසන් බව
  • 5- ආහාර වලට අකමැති බව

7.වත්කර ගන්නා ආකාරය හා පානය කරන ආකාරය

  • බීම පානය කිරීමට පෙර ටිෂු කඩදාසියකින් ලිප්ස්ටික් වල තෙත වියළාගන්න. වීදුරු මත එසේ පැල්ලම් ඇති නොවීමට වගබලාගන්න.
  • තමන් විසින් පාන වර්ග වත්කරගත යුතුය. පිරිමි පුද්ගලයෙකු විසින් පළමුව කාන්තාවට බීම පිළිගැන්විය යුතුය..
  • ඉහිරී යාමට ආසන්න වන සේ වැඩියෙන් වීදුරුව පුරවා නොගත යුතුය.

8.තේ පානය කිරීමේදි අනුගමනය කල යුතු වැදගත් රීති

  • තේ පානය කිරීමට ඇරයුමක් ලැබුණු විට එය ප්‍රතික්ෂේප කිරීම නොකල යුතුය. එය නපුරු ප්‍රතිචාරයක් ලෙස අනෙකාට සිතෙන්නට ඉඩ තිබේ.
  • තේ කෝප්පය හැන්දකින් කලම් කරන විට ශබ්ද නොනැගෙන සේ එසේ කිරීම වැදගත් ය.

තේ කෝප්පය එක් අතකින් ද පීරිසිය අනෙක් අතින් ද අල්ලාගන්න. පීරිසිය මේසය මත තබා අත් දෙකින්ම කෝප්පය අල්ලාගෙන සිටීම සුදුසු නැතැයි සැලකේ.