Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබ භාවිතා කරන මෙවලම් වලට හානී කරන වැරදි 9ක්

එදිනෙදා ජීවිතය නවතම තාක්ෂණයත් එක්ක බැඳී පවතිනවා කිවුවොත් වඩාත් නිවැරදියි. වර්තමානයේ අපේ කටයුතු බොහෝමයක් පහසු සහ ලේසි වී ඇත්තේ නවීන උපාංග සහ මෙවලම් නිසයි. නමුත් ඒවා භාවිතා කිරීමේදි අප අනුගමනය කරන ඇතැම් පුරුදු නිසා ඒවායේ ගුණාත්මක ආයුකාලයට බලපෑම් සහ ඒවායේ ක්‍රියාකාරීත්වයට හානි ඇතිකරවීමට ඉඩ තිබෙනවා. ඉතින් ඔබේ නිවසේ ඔබ පරිහරණය කරන මෙවැනි උපාංග සහ මෙවලම් දීර්ඝ කාලයක් ලෙඩ නොවී භාවිතා කරන්න නම් මෙවැනි වැරදි පුරුදු අත්හරින්න.

1.වැසිකිළියට හා නාන කාමරයට යන විට ස්මාර්ට් දුරකථනය ‍රැගෙන යාම

  • පළමු අවදානම නම් දුරකථනය හදිසියේ හෝ ජලයට වැටිම සිදුවිය හැකිවීමය. එසේ සිදුවූ විට නැවත එය භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත. නාන කාමරයේ වහරුවකට දුරකථනය චාර්ජරයකින් සම්බන්ධ කර ඇත්තේ නම් එය හදිසියේ හෝ ජලයට වැ‍ටුණේ නම් ඉන් විදුලි සැර අනතුරක් වුව ඇති වීමට ඉඩ ඇත. එමෙන්ම දුරකථනය ගෙන වැසිකිළියට යාමෙන් සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් වැසිකිළි අසුනේ පුද්ගලයින් ‍රැඳී සිටීම නිසා ඔවුන්ගේ සෞඛ්‍යයට ඉන් අවදානමක් මතුවිය හැකි බව අධ්‍යයන වලින් පවා පෙන්වාදේ.
  • විශේෂයෙන්ම ඔවුන්ගේ කොන්දට සහ ශ්‍රෝණි මාංශ පේශීන් පීඩනයට ලක්වීම සිදුවි සෞඛ්‍යය ගැටලු මතුවීමට ඉඩ ඇත. එමෙන්ම වැසිකිළිය යනු අපිරිසිදු තැනක් මෙන්ම විෂබීජ අධික පරිසරයකි. එවැනි රෝග කාර්ක විෂබීජ් දුරකථන ආදි මෙවලම් තිරය මත ‍රැඳිය හැකිය. එවිට ඔබ නොදැනුවත්වම වැසිකිළියෙන් නිවස පුරාවට එවැනි හානිකර විශබීජ ‍රැගෙන යාම සිදුවේ.ඔබේ දුරකථනය හානිකර ක්ෂුද්‍ර ජීවින්ට වර්ධනය වීමට හිතකර පරිසරයක් බවට පත්නොකරන්න.

2.ලැප් ටොප් පරිගණකය ඉදිරියේ තබාගෙන ආහාර ගැනීම

  • පරිගණක කීබෝඩ් නැතිනම් යතුරු පුවරුවේ සැන්විච්, බිස්කට් ආදි ආහාර වල කුඩු සිරවිය හැකිය. කාලයක් තිස්සේ ඒවා ‍රැඳී යතුරු තුල සිරවී යාමෙන් එය ක්‍රියාකිරීම නතර වී යා හැකිය. එවගේම හදිසියේ අත්වැරදීමකින් ඔබ පානය කරමින් සිටින වතුර වීදුරුව හෝ බීම වීදුරුව පරිගණකය මතට වැටී නැවත අලුත්වැඩියා කරගත නොහැකි ලෙස එය හානියට ලක්වීමට ඉඩ ඇත.

3.රාත්‍රිය පුරා දුරකථනය චාජරයට සම්බන්ධ කර තැබීම

  • නිසි වෝල්ටේජ් ධාරිතාවයකදී දුරකථනය චාර්ජ් වි අවසන් වීම සිදුවන තාක්ෂණයක් නවීන උපාංග වල ඇති නිසා රාත්‍රිය පුරා දුරකථනය චාරජරයට සම්බන්ධ කරතිබීම ගැටලුවක් නැතැයි බැටරි නිෂ්පාදක ආයතන පවසයි. නමුත් 100% චාර්ජ් වි පවතින උපාංගයට රාත්‍රිය පුරාවටම සුලු මොහොතකට හෝ චාර්ජරයෙන් ඉවත්වීමට අවශ්‍යව පවතියි. මේ හේතුවෙන් කාලයක් එසේ දිගින් දිගටම සිදුවන විට බැටරියේ ධාරිතාවය අඩු වීමට පටන්ගනියි. එමෙන්ම ලිතියම්-අයන බැටරි (lithion-ion battery) සම්පූර්ණයෙන් චාර්ජ් වීමක් අවශ්‍ය නොවේ. ඊට හේතුව අධි වෝල්ටේජ් ධාරාවලදි බැටරිය ගෙවීයාම සිදුවන බැවිනි.

4.බැටරි අගය 0% දක්වා බසින තුරු චාර්ජ් නොකිරීම

  • ඇතැම් දුරකථන වල ලිතියම් අයන බැටරි නිර්මාණය කර ඇත්තේ 100% -0% දක්වා චක්‍ර සේ ක්‍රමයෙන් ආරෝපණය (charge) අඩු වී යන පරිදිය. මෙවැනි චක්‍ර සියගණනක් පමණ ගෙවි යන විට බැටරියේ ධාරිතාවය ද ක්‍රමයෙන් අඩු වී යාමට පටන්ගනියි. මේ හේතුව නිසා දුරකථනයේ බැටරිය 0% ලෙස දැක්වෙන තුරු නොසිට. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 20% ලෙස බැටරිය බැස ඇති බව පෙන්නුම් කරන විට එය චාර්ජරයට සම්බන්ධ කරන්න.
  • 5.තිරයෙන් (display) අල්ලා ලැප් ටොප් පරිගණකය එසවීම-පරිගණක තිරයේ කලු තිත් හටගැනීම සිදුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙය බව තාක්ෂණ ශිලිපීන් පවසති. නිතර තිරයෙන් අල්ලා ඔසවන විට තිරය මත ඇති කෙරෙන පීඩනය නිසා එහි අච්චුව /මාතෘකය (matrix) හානියට ලක්වන අතර එය අලුත්වැඩියාවට ලක්කරගැනීමට නම් බොහෝ මුදලක් වැය කිරීමට සිදුවේ.

6.උපාංග මෝටර් රථයේ තබා යාම

  • අධි සිසිල්වීම සහ අධිතාපයකට නිරාවරණය වීම උපාංග වල තාක්ෂණයට හානිකර විය හැක. විශේෂයෙන්ම තාපය හේතුවෙන් ඒවායේ ප්‍රොසෙසරයට ( processor) සෘණාත්මක ලෙස බලපෑම් ඇතිවිය හැක. තෙතමනය අධික නම් උපාංග අභ්‍යන්තරයේ ඝනීභවනයන් ඇතිවීමට පටන්ගත හැක.අධික සීතලක් ඇති තැන් වල ඉලෙක්ට්‍රොනික උපාංග දමා යාම නිසා ඒවායේ බැටරියට මෙන්ම තිරයට ද හානි ඇතිවිය හැක. එබැවින් වාහන තුල ඒවා දමා නොයෑම වඩාත් සුදුසුය.

7.නිවසේ ඇති පිරිසිදුකාරක දියර වලින් උපාංග ආදිය පිරිසිදු කිරීම

  • ජනෙල් හෝ වීදුරු පිරිසිදු කරන දියර වලින් ලැප්ටොප්, පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකථන මතුපිට පිරිසිදු කිරීම නොකළ යුත්තක් ලෙස සඳහන් වේ. ඒවායේ ඇති ඇතැම් අමුද්‍රව්‍ය එම උපාංග වලට හානි ඇතිකරවිය හැක. ඒවයේ අඩංගු ඇමෝනියා සහ අනෙකුත් සැර රසායනික ද්‍රව්‍ය තිරය මතුපිට ඇති ප්‍රති-ස්ථිතික සහ ප්‍රත්-පරාවර්තිත ආවරණයන්ට හානිකරවයි. කාලයක් ගත වන විට උපාංග මතුපිට මතුවන කහ පැහැයට හැරීම් හා පළුදුවීම් සහ තිරය මතුපිට පාරාන්ධ ස්වභාවයකට පත්වන්නේ මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඒවා පිරිසිදු කිරීම නිසාය. එබැවින් එසේ කිරීමෙන් වළකින්න.

8.ලැප්ටොප් පරිගණකය ඇඳට ගෙන යාම

  • ලැප් ටොප් පරිගණක වල වායු විවර (air vents) වැසෙන සේ භාවිතය ඉතා හානිකරය. ඒවාට සෘජුව වාතය ලැබීමට සැලැස්විය යුතුය නැතිනම් උපාංගය අධිකව රත්වී ගොස් ක්‍රියාකිරීම නතර වී යා හැකිය. ඔඩොක්කුවේ තබාගැනිමෙන් එසේ වායු විවර අවහිර වීම වන නිසා විශේෂ ලැප්ටොප් ආධාරකයක් භාවිතා කිරීම සුදුසුය.

9.සම්බන්ධ කල හැකි ඕනම චාර්ජරයකට දුරකථනය සම්බන්ධ කිරීම

  • චාර්ජර් පින් එක ගැලපීමෙන් ඔබේ දුරකථනයට එය හරියටම ගැලපෙනවා යැයි අදහස් වන්නේ නැහැ. එය හානිකර සහ භයානක ක්‍රියාවලියක් විය හැක. ඊට හේතුව නම් ඔබේ දුරකථනය ඇතුලත එහි විවිධ ක්‍රියාකාරීත්වයන් (functions) සඳහා වකගියනු ලබන විශේෂිත චිප් එකක් පැවතීම හා වැරදි කේබල් එකක් භාවිතා කරන අවස්ථාවක එම චිප් එක හානියට ලක්වීමට ඉඩකඩ තිබීමය. එසේ හානි වීම නිසා ඔබේ දුරකථනයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් අකර්මන්‍ය වි ගොස් දුරකථනය අක්‍රමවත් ලෙස ක්‍රියා කිරීමට පටන්ගත හැක.