Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රමාණය ඉක්මවා භාවිතා නොකර යුතු නිෂ්පාදන 8 ක්

“ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැහැ කියලා කතාවක් තියෙනවානේ”. ආහාර පාන විතරක් නොවෙයි පරිහරණය කරන භාණ්ඩයක් වුණත් අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඒවා නිසි පරිදි භාවිතා කලොත් පමණයි. පමණ ඉක්මවා භාවිතය භයානක ප්‍රතිඵල ඇතිවීමට හේතු සාධක විය හැකියි. උදාහරණයක් ලෙස අප ලබාගන්නා ආහාර පාන වර්ග වල , අප පරිහරණය කරන ඇතැම් භාණ්ඩ ප්‍රමාණය ඉක්මවමින් භාවිතා කලහොත් ඉන් අපේ සිරුරට අහිතකර ආකාරයේ ප්‍රතිඵල පවා ඇතිවිය හැකියි.
අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඕනවට වඩා පරිභෝජනය කලෝතින් ඔබේ සෞඛ්‍යයට දැඩි ලෙස හානි පවා සිදුවිය හැකි එවැනි ආහාර පාන සහ ද්‍රව්‍ය කිහිපයක් ගැනයි.

1.සෝයා සෝස්

  • 2013 වසරේ එක් ඇමෙරිකානු පුද්ගලයෙකු තමන්ට සෝයා සෝස් අවුන්ස 33 ක් පමණ අඩංගු වූ බෝතලයක් පානය කල හැකි බව ඔට්‍ටු අල්ලමින් එය පානය කර තිබුණේය. නමුත්, අවසානයේ ඔහු හදිසි ආබාධයකට ලක්වි සිහි විසඥ තත්වයකට පත්විය. වෛද්‍යවරුන් විසින් ඔහුව පරික්ෂාවට ලක්කරන විට හඳුනාගත හැකි වූයේ ඔහු දරුණු ලෙස විජලනයට ලක් වී ඇති බව සහ ඔහුගේ අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු වන බවය. මෙම අසමතුලිතතාව ඉතා භයානක තත්වයක් වන අතර ආඝාත තත්වයකට වුවද පත්වීමේ අවදානම සහිතය.

2.තේ

  • 2014 වසරේ 56 හැවිරිදි පුද්ගලයෙකු සිසිල් තේ (cold tea) අධික ලෙස පානය කිරීම නිසා ඇති වූ වකුගඩු අකර්මන්‍ය වීමකින් රෝහල්ගත කර තිබුණා. එහිදි අනාවරණය වී තිබූ ආකාරයට ඔහු දිනකට තේ කෝප්ප 16 ක් පමණ පානය කිරීමට හුරු වී තිබූ නිසා මෙවැනි හානියක් සිදුවී ඇති බවයි. ඔහුගේ වකුගඩු ඔක්සලේට් නිසා දැඩි ලෙස හානි වී තිබී ඇත. ඔක්සලේට් යනු කලු තේ (black tea) වල අඩංගු රසායනයකි. මෙවැනි භයානක ප්‍රතිඵල අත්වීම වළක්වාගැනීමට නම් දිනකට තේ කෝප්ප 6 කට වඩා පානය කිරීම නුසුදුසු බව මතක තබාගන්න.

3.සාදික්කා

  • කුඩා සාදික්කා ගෙඩියක් ආහාරයට ගැනීම එතරම් ගැටලු සහගත නොවේ. නමුත්, සාද්දික්කා මේසහැදි 3 කට වඩා පරිභෝජනය කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. ඉන් ව්‍යාමෝහය (hallucinations) නම් තත්වය ඇතිවිය හැකියි.

4.දන්තාලේප

  • 90′ දශකයේ මුල් කාලයේදි දන්තාලේප නිෂ්පාදන වල “ගිලීමෙන් වළකින්න. කඩල ඇටයක ප්‍රමාණයක් භාවිතා කරන්න” යනුවෙන් උපදෙස් දක්වා තිබිනි. වර්තමානයේ පවා ඇතැම් නිෂ්පාදන වල මේ උපදෙස් දැකිය හැකියි. ෆ්ලෝරයිඩ්-රහිත දන්තාලේප විශාල ප්‍රමාණයක් ගිලුණොත් ඉන් ඔබේ බඩේ අපහසුතා ඇතිවිය හැකියි. නමුත්, ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප බොහෝ ප්‍රමාණයක් ගිලීම ඉතා භයානක විය හැකියි. විශේෂයෙන්ම ඉන් කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට යම් අවදානමක් ඇතිකරවිය හැකියි. ඊට හේතුව වන්නේ ෆ්ලෝරයිඩ් විෂ බවින් යුක්ත විය හැකි නිසා වන අතර ඒවායේ බලපෑමින් ඉස කරකැවිල්ල ගතිය දැනීම, උදරාබාධ-කැක්කුම් ස්වභාවයන් මතුවීම හෝ බරපතල ශරීරගත වීමකදි මරණය පවා සිදුවිය හැකියි.

5.සෝඩා

  • පැණි රසැති සෝඩා වල සීනි අධිකව අඩංගුවේ.මෑතකදි හෙලි වූ කරුණු වලට අනුව ශරීර බර රාත්තල් 1 කට සීනි අවුන්ස 0.5 ක් බැගින් පරිභෝජනය කිරීම මාරාන්තික මාත්‍රාවක් විය හැකි බවයි. ඒ අනුව සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුට ඒවා විෂ වීමට නම් ඔහු විසින් සෝඩා අවුන්ස 784 ක් පමණ පානය කල යුතුවේ.

6.ටූනා මාලු

  • ටූනා මාලු අධිකව ආහාරයට ගැනීම සෞඛ්‍යය හිතකර නොවන භයානක දෙයක් බව බොහෝ දෙනා හොඳින් දනිති. ඇතැම් ටූනා මාලු විශේෂ තුල අධික ලෙස රසදිය අඩංගුවේ. ඒ අනුව රාත්තල් 150 ක බරකින් යුතු පුද්ගලයෙකු දින 9 කට වරක් ටූනා මාලු රාත්තල් 0.3 කට වඩා අනුභව නොකල යුතුයි.

7.මාංශ පේශී වේදනා සඳහා ගල්වන ආලේප

  • මෙම ඖෂධ ආලේප මඟින් මාංශ පේශීන් වේදනා සමනය කලද මේවා නිතර භාවිතය එතරම් සුදුසු නොමැති බව සඳහන් වේ. ඒවා බාහිර ආලේපය සඳහා ඇති නිෂ්පාදන වුවද මේවායේ අඩංගු මෙතිල් සැලිසිලේට් (Methyl salicylate) රසායනයට සමේ සිදුරු හරහා විනිවිද ගමන් කරමින් සිරුර තුලට ගමන් කල හැකි අතර ඒ හරහා අභ්‍යන්තර සෞඛ්‍යයට හානිකාරි ප්‍රතිඵල ඇති විය හැකි අවදානමක් ද ඇත.

8.ලිකරිස් (licorice)

  • සති දෙකක් ඇතුලත රාත්තල් 0.1 ක් පමණ ලිකරිස් අනුභව කිරීම හෘද ගැටලු ඇතිවීමට පවා බලපාන හේතුවකි. ගැටලුව නම් ලිකරිස් වල ග්ලයිසයිරයිසින් (glycyrrhizin) අඩංගු වීමයි. එය සිරුරේ පොටෑසියම් මට්ටම අඩුකිරීමට බලපාන රසායනයකි. එසේ පොටෑසියම් මට්ටම පහත ගිය විට සිරුරේ රුධිර පීඩනය වඩාත් ඉහළ යාම සිදුවිය හැකි අතර ඒ හේතුවෙන් හෘදය අකර්මන්‍යතාවකට ලක්වීම සිදුවීමට ඉඩ ඇත.